ඉංගිරිසි නණ ලළ

. 2008/08/01
1 comments

ඉංගිරිසියේ නණ ලළ භාවිතයක් නැතැයි යමෙකු තර්ක කල හැක. නමුත් ඊට සමාන වෙනත මාදිලියේ ව්‍යාකරණ නීති හෝ භාෂා රීතින් එහි දැකිය හැක.
Where යන්නට Wear යනුවෙන් ලිවීමෙන් ද Male යන්න Mail යනුවෙන් ලිවීමෙන් ද අරුත් සුන් මෙන්ම ගැටළු සහගත ව්‍යාකරණ රටාවක් ඉස්මතු වේ.
සිංහල භාෂාවේ නණ ලළ භේදය අපගේ වහරට ආවේණික වූ ඉහත කී ආකාරයේ එක් රීතියක් අනුගමනය කරයි.
පසුගිය කාලයේ සිංහලයේ නණ ලළ වැරිය යුතු යැයිද ඉංගිරිසිය උතුම් යැයිද දෙඩු පඬීණ් මෙයට පිළිතුරු දෙන්නේ නම් මැනව යැයි හඟිමි.

පශ්චාත් දික්කාසාද වාදය!

. 2008/07/06
0 comments

පෙරවදන
ලාංකිකයන්ගේ අනන්‍යාතාවයේ කොටසක් ලෙස වහල් මානසිකත්වය ගෙනහැර දැක්වීමට තරම් අප ජාතිභිමානයෙන් හීන වී සිටින්නෙමු.

පසුබිම
අදින් වසර 60 කට පෙර සුද්දා විසින් ලංකාමාතාව හැර දමා ඇයට දාව උපන් දරු සිඟිත්තන් හට පිය සෙනෙහස අහිමි කොට සිය රට බලා පියමනින ලදි. මෙසේ කටුගෑවි ගිය විවාහයේ කතා පුවත ත් අනාථ වූ දරුවන්ගේ අනන්‍යතා අරගලයත් පිළිබඳව තැබෙන කෙටි සටහනකි.

දික්කසාදයෙන් පසුව ඇරඹෙන්නේ සැමියා හැරගිය බිරියන්ගේ ලතැවීම්, විලාප හා කඳුළින් සුසුමින් සලකුණු වූ යුගයකි. අදහාගත නොහැකිවා සේ අදටත් තමා හැරගිය සැමියාගේ මඟුල් මුදුව පළඳින බිරියන් ද අපමණය. උදා -සිංහල වචනතරට ඉංගිරිසිය මුහු කරමින් කතා කරන්නන්

ජාතක වූ දරුවන්ගේ අනන්‍යතා අරගලය
යටත්විජිත දිනයක් සමරණ ජාතිකාභිමානය හීන වී ගිය ජාතියක නායකත්වය පරගැති මානසිකත්වයේ අග්‍රගණයේ නිෂ්පාදනයකි. එම නායක පැලැන්තිය පිළීඹිඹු කරන්නේ සුද්දාගේ හැඩරුවයි, නිරූපණය කරන්නේ කටුගෑවි ගිය කසාදයෙන් අනාථ වූ දරුවන්ගේ චිත්ත පීඩාවයි. (ලංකාවේ දේශපාලනය හසුරුවන්නන්ගේ සමාජ චර්‍යාවන් අධ්‍යයනය කිරීමෙන් මෙය වටහා ගත හැකි)

ජාතික වහල් ව්‍යාපාරය
ජාතික නිවහල් ව්‍යාපාරයක් වෙනුවට ඇරඹෙන්නේ ජාතික වහල් ව්‍යාපාරයකි. මහා පරිමාණයෙන් න්‍යායයන් නිෂ්පාදනය කරමින් ගෝලීයකරණය වන ලෝකයක් තුල ජාතික අනන්‍යාතාවයන් දිය කල හැරිය යුතු බව කියාපාති. හැරගිය සැමියාගේ අනන්‍යාතාවය නිරූපණය කෙරෙන සංස්කෘතීන් වැළඳගනිති. මෙසේ විමසන විට පැහැදිලි වන එක් කරුණක් නම්, ජාතික වහල් ව්‍යාපාරයට උරදෙන්නේ අනන්‍යතා අර්බුදයකට ලක් වී ඇති අනාථ දරුවන් බව ය.

පශ්චාත් දික්කාසාද වාදය!
ඉතාම සංක්ෂිප්තව ඉහත දක්වන ලද කරුණු ඇසුරෙන්

සුද්දාගේ හැරයාමෙන් පසුව පරගැති මානසිකත්වයේ මුදුන් මල් කඩක් වැනි වූ පාලක පංතියක ව්‍යාප්තිය සහ එම පැලැන්තිය පෝෂණය කරන රදළ/මුදළාලි පැලැන්තිය
සහ ඉහත පංතීන්ගේ රැකවරණය පතන අනාථ වූ දරුවන් හෙවත් අනන්‍යතා අර්බුදයට ලක්වූවන්

යනුවෙන් හඳුනාගත හැකි සමාජ ස්ථරයන්ගේ හැසිරීම විග්‍රහ කෙරෙන වාදය පශ්චාත් දික්කසාද වාදයයි!

විනාශය නිෂ්පාදනය කිරීම!

. 2008/06/26
4 comments

විනාශය නිපදවීම හා වෙළඳාම තම ජීවනෝපාය කරගැනීම කොතරම් දුරකට ලාභදායක ද?

සිගරට්
වැඩිහිටි මරණ දහයකින් එකකට වගකිව යුතු, වලක්වාගතහැකි, 20වන ශතවර්ෂයේදි පමණක් මරණ මිලියන 100 කට දායක වූ (ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරිනි) සිගරට් ඉරීම නොහොත් විනාශය වෙළඳාම් කරන සිගරට් නිෂ්පාදකයන්ගේ වගතුග ගැන කෙටි වදන් කිහිපයක් ලියමි.

ලෝක සිගරට් වෙළඳපොළ විමසුව විට පෙනී යන කරුණක් නම්, ඉන් 31.3% කට ඇමරිකාව ද, 44.9 කට යුරෝපය ද අයිතිවාසිකම් කියන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ථා පෙන්වා දෙන්නේ සිගරට් උරන්නන්ගෙන් 84% ක්ම වෙසෙන්නේ දියුණුවෙමින් පවතින රටවල බවයි.

අධ්‍යයන වාර්ථා අනුව දියුණුවෙමින් පවතින රටක පවුලක මුළු ආදායමින් 10%ක් සිගරට් ඉරීම සඳහා යොදවයි. ඒ අනුව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපන ආදි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා කෙරෙන වියදම අඩුවේ.

අත්‍යවශ්‍ය බෝග වගාකිරීමට ඇති ඉඩම් අත්පත් කරගැනීමෙන් ලෝක ආහාර අර්බුදය සඳහා කෙලින්ම දායක වේ.

ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනයා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වීමත් සමග ම සිගරට් වෙළෙන්දන්ට තම වෙළඳපොළ සංරක්ෂිත කරගැනීමට උපාය මාර්ග සෙවීමට සිදුවිය. (සුද්දන් ජීවත්වන රටවල යුද්ධ නොමැතිවීමද, අවිආයුධ වෙළෙන්දන් එම කලාපයෙන් ඔබ්බට ගොස් වෙළඳාම් කිරීමද මෙවැනිම කටයුත්තකි) ඒ අනුව ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවළ වෙළඳ දැන්වීම් හා උපක්‍රමික දිරිගැන්වීම් තුලින් තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට හැකි විය. සිගරට් උරන්නන්ගෙන් 84% ක් තුන්වන ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.

ජනමාධ්‍යය
අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ BAT (British American Tobacco) මගින් ගෙනගිය උපක්‍රම කිහිපයක් නම්, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස, සුඛෝපභෝගී වාහන පිළිගැන්වීම, සිගරට් ඉරීමට පක්ෂව පුවත්පත් ලිපි පලකරන ජනමාධ්‍යය කරුවන් සහ පුවත්පත් කතුවරුන් හට විනෝදචාරීකා, මුදලින් තෑගි පිරිනැමීම වැනි දේ ය. මෙයට අපේ දූපතෙන් ගතහැකි මතක ඇති කාලයේ උදාහරණය - Osteoporosis වැළැක්වීමට කියමින් කිරිපිටි අලෙවිය සඳහා කඩේ ගිය ජනමාධ්‍යා වේසාවන් සහ වෙදනරුමයින්!

මානව හිමිකම්, ගුවන්තනාමෝ සහ යුරෝපය සහ සරණාගතයන්

. 2008/06/21
6 comments

තම මතය සනාථ කිරීමේ අරමුණින් පාර්ශික සත්‍යය පමණක් ඉදිරිපත් කරමින් ජනමතය හැසිරවීම ට වෙර දරන සහ හසුරුවන ජනමාධ්‍යය ජාවාරම් කරුවන් සහ මත නිෂ්පාදකයන් ගේ (think tanks) වෑයම තුලනය කිරීම සඳහා හැකිතාක් දුරකට මාගේ පෞද්ගලික දෘෂ්ඨිකෝණයෙන් මිදී කරුණු කාරණා අමුවෙන් ඉදිරිපත් කරමි.

මානව හිමිකම්
මානව හිමිකම් සුරැකීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1948 උඳුවප් මස 10 වැනි දින විශ්ව මානව හිමිකම් පණත සම්මත කරන ලදි. The Universal Declaration of Human Rights (UDHR)

ගුවන්තනාමෝ කඳවුර
2002 වසරේ සිට කියුබාවේ ගුවන්තනාමෝ (Guantánamo Bay) හි ක්‍රියාත්මක වන සිරකඳවුරකි. ඇමරිකානු-ඇෆ්ගන් යුද්ධයේ සිරකරුවන් රඳවා තැබීමට භාවිතා කෙරේ. මෙහි ඇති වෙනස නම්, නීතිය ඉදිරියේ වැරදිකරුවන් ලෙස ඔප්පු වූවන් නොව සැකය මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිරකොට තැබීමයි. සැක කරුවකු සහ වැරදි කරුවකු අතර වෙනස මෙහි නොපවතී.

යුරෝපය
යුරෝපය ලෝක ආර්ථික බලය අතට ගැනීමට දරණ තැත, ලෝක ජනගහනයෙන් 5% ක් වන ඇමරිකානුවන් ලෝක සම්පත් වලින් හරිඅඩකට වැඩි කොටසක් පරිභෝජනය කිරීම මෙන්ම ලෝක ස්වභාවික සම්පත් (උදා තෙල්, රන්, ඛණිජ ආදිය) වලින් වැඩිකොටසකට හිමිකම් කියන අප්‍රිකානු මහද්වීපයයේ ජනයා දරිද්‍රතාවයෙන් මිය යාම (ලෝක පුදුම හතෙන් පලමු තැන හිමිවිය යුතුය) සහ අවිනිෂ්පාදකයින් ගේ වෙළඳපල ස්ථීර ලෙස සහතික කෙරෙන අප්‍රිකානු රටවල පවතින යුද්ධ (ලංකාව ද මෙයට එක අවාසනාවන්ත උදාහරණයකි) වල ප්‍රතිඵලයක් ලෙස සරණාගතයින් ලෙස ජනයා සංක්‍රමණය වීම වැලැක්වීම (යුරෝපයට ඇතුල් වීම වැලැක්වීම සඳහා) 2008.06.18 වන දින (Strasbourg, 18 Jun 2008) යුරෝපීය පාර්ලිමේන්තුව විශ්ව මානව හිමිකම් පණතේ 2,3,5,6,7,8,9 සහ 13 වන වගන්තීන් කඩ කරමින් නව පණත් සම්මත කරගන්නා ලදි (රටවල් 27 ක නියෝජිතයින්ගේ ඡන්ද 369 ක් පක්ෂව 197 විරුද්ධව සහ 106 ක නිහඬතාවයකින්)

යුරෝපීය ජනමාධ්‍යය ගුවන්තනාමෝ කඳවුර පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිහඬතාවය විවේචනය කිරීම
පසුගිය වසර 2 ක සිට මෙකී සිර කඳවුර වසා දැමීමට යුරෝපය කරන බලපෑම සහ එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන නිහඬතාවය

2006.02.19 වන දින
French Ambassador Jean-David Levitte told CNN: "Guantanamo is an embarrassment, and so it has to be solved one way or the other."
The British envoy, Sir David Manning, said: "It's difficult to find the right line to draw between your duties as a government for security and safeguarding liberty, but it is clearly an anomaly and it needs to be dealt with."
UN Secretary-General Kofi Annan on Thursday urged saying it must be shut down "sooner or later."

යුරෝපය විශ්ව මානව හිමිකම් පණත කඩකිරීම පිළිබඳව එ.ජා.සංවිධානය දක්වන නිහඬතාවයට හේතුව කුමක්ද කියා දෙකවසරේ ඉගෙනුම ලබන ජෝන් බ්‍රවුන් ළදරුවාට පවා තේරුම් ගත හැකි සරළ සත්‍යයකි.

ගේ වටකොට තාප්පය
මෙයට වඩාත්ම ස්ථීරසාර විසඳුමක් ලෙස ලෝකබලවතුන් විසින් තීරණය කරන ලද්දේ ගේ වට කොට තාප්පය බැඳීමට සමාන දෙයකි. ද්‍රව්‍යමය ලෙස සම්පත් මංකොල්ල කෑම, යටි උගුල් අටවමින් යුද්ධ සහ ජනවාර්ගික ගැටුම් ඇතිකිරීම තම රටවල යහපත් සාමාජික ආර්ථික පරිසරයක් ඇති කිරීමෙන් මූලික වියදමක් නොදරා ක්ෂේත්‍රයේ නිපුණතා හා පුහුණු දැනුම තම රටවල් කරා සංක්‍රමණය වීමට සැලැස්වීම සහ මෙකි නොකී හේතු කරුණු කොටගෙන අගාධයට ඇදවැටෙන රටවල ජනයා තම රටවලට ඒම වැලැක්වීම සඳහා ඉහත කී ගිවිසුම සම්මත කරගන්නා ලදි.

සරළ ලෙස සිතමු, මගේ බත්මුල උදුරාගත් සොරුන් මා සාගින්නට ගඩාගෙඩියක් කඩාගත්විට මා වැරදි කරු කොට දඩුවම් පැමිණිවිය හැකි නීතියක් සම්මත කරගන්නා ලදි.

හොඳත් නැති, නරකත් නැති ස්වභාවධර්මය

. 2008/06/17
0 comments

සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් යුතුව ලිපියක් ලියමි.

සමාජ සම්මත නීති, රීති හෝ හැදියාවන් හැදියාවන් ලෙස තීරණය වී ඇත්තේ ඇයි? අසම්මතය‍න් ලෙස තීරණය වූ දෑ එසේ තීරණය වී ඇත්තේ ඇයි? සමාජ සම්මතයන් සහ නීතීන් කාලානුරූපී විය යුතු ද? ස්වභාවධර්මයට අනුකූල විය යුතු ද? සංස්කෘතීන් ගේ විකාශණයට සමානුපාතික විය යුතු ද? සමාජ සම්මතයන් ලෙස පිළිගැනෙන්නේ/නොපිළිගැනෙන්නේ පව් හෝ පිං ලෙස බෙදෙන්නේ
කුමන නිර්ණායකයන් පදනම් කොටගෙන ද?

සම්මතයන් මෙන්ම අසම්මතයන් (උදා-ආදරය/වෛරය) යනු සත්වයාගේ පැවැත්ම සදහා එකසේ බලපාන එකම වැදගත් කමින් යුතු කරුණු බව මා හඟිමි. එසේ නම් වෛරය වැනි හැඟීම් අසම්මතයන් වන්නේ කෙසේ ද?

පසුවදන - හැළහැප්පීම් නොගැළපීම් කොපමණ වුව තාර්කික සංවාදයකට දායකවෙමින් පසුගිය ලිපි වෙත ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනා හට සංවාදයට එක්වීමට ඇරයුම්. සිංහලෙන් පමණක් ලියන ලෙස ඉල්ලීමක් කරමි.

බටහිරට සාපේක්ෂ ... දෙවන කොටස. අරවින්ද ට පිළිතුරු....

. 2008/05/10
42 comments

....ළමු කොටස

දෙවන කොටස ....

අරවින්ද විසින් කලින් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමට පෙර මා ඔබට ප්‍රශ්ණ කිහිපයක් යොමු කරමින් ඔබගේ පැණයන්ට එතුලින් පිලිතූරු සපයමි.

තවද මාගේ පලමු ලිපියේ දැක්වෙන අන්තවාදීන් ගැන ඔබට කීමට දෙයක් නොමැති වීම පුදුමයට කරුනක් නොවේ. ඒ පිළිබඳව ඔබ කිසිදු වචනයක් නොකියා අදාලත්වයෙන් අඩු නමුත් ඔබ කියවා ඇති පොත්වලින් පිලිතුරු සැපයිය හැකි මාතෘකාවක් ඉස්මතු කිරීම ලැජ්ජාවට කාරනයකි.

සරල මුත් සත්‍යය නම්, සෑම සමලිංගිකයෙකුටම උපත දී ඇත්තේ ස්ත්‍රීයක් හා පුරුෂයෙකු වීමයි. ලිංගිකත්වයේ අරමුණ වර්ගයා බෝකිරීම නොව විනෝදය සඳහා නම්, පුරුෂ ශුක්‍රාණු තුල නව ජීවියෙක් බිහිකිරීමේ සම්පූර්ණ විස්තර සටහනක් අඩංගු වී ඇත්තේ ඇයි? ඒ වෙනුවට ප්‍රෝටීන පමණක් අඩංගු විය යුතුව තිබුනා නොවේද? අද දින සිට ලෝකයේ/ලංකාවේ සියළුම ගැහැණුන් හා පිරිමින් සමලිංගිකයන් බවට පත්වුවහොත් හෙට දින සිට සමලිංගිකයින් හට උපත දෙන්නේ කවුද?

මිනිසාගේ ආයුකාලය දශක කිහිපයක් වන විට මනුෂ්‍ය සංහතියේ වයස වසර මිලියන ගණනකි. ලෝකයේ හරි අඩක් සමලිංගිකයන් වුවහොත් හෙට දින සිට මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගෙනයාමට දායක වනු ඇත්තේ ලෝක ජනගහනයෙන් හරි අඩකි. ඉන් උපදින දරුවන්ගෙන් ද හරි අඩක් ද සමලිංගිකයින් නම්, තව සියවස් කිහිපයකින් ඔබ කියවන පොත් ලියන, බටහිරයන් පවා මිහිමතින් තුරන් වී ගොසින්‍ ය. වෙනත් සතුන් කොටසක් මිහිමත ආධිපත්‍යය දරනු ඇත.

සමලිංගිකයන් වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. එයට විසඳුමක් දීමට ඔබට හැකි ද? එනිසා "In fact, reproduction is NOT the only biological intention of even heterosexuality" වැනි වාක්‍ය ඇදබෑම අසිහියෙන් දෙඩීමකි.

ගැටළුව කෙලවර කොතනද යන්න වේ.

නිරුවත්කොට, කටට ඇපල් ගෙඩියකුයි පස්සපැත්තට කැරට් අලයකුයි ඔබා අතපය හම් පටිවලින් ගැටගසා කසයකින් තලන විට (fetish and/or bondage) ස්වභාවික සංසර්ගයක දී මෙන් කූටප්‍රාප්තියට පැමිනෙන්නන් බටහිරයේ සිටින නිසා එවැනි දෑ ද ඔබගේ වටිනා න්‍යායයන් මගින් පහදා දිය හැකිය.

එමෙන්ම මැහැල්ලන්ගේ ලිංගිකත්වය මානසික රෝගින්ට අලෙවිකිරීමට න්‍යායයන් තනා වෙළඳාම් කරන්නන් ලියන පොත් වල ඇති "Almost Nirvana" සංකල්ප හැබෑ ලෝකයාට ඈඳන්නන්ගේ ක්‍රියාවන් බලාගැනීමට අවශ්‍යනම් Granny Sex/Pedarasty වැනි පද සොයන්න. එමෙන්ම ඔබ කියනා ආකාරය අනුව ජාත්‍යාන්තර බාලාපචාරින්ගේ දිනය ද සාධාරණිකරනය කල හැක.

කරුනු මෙසේ හෙයින් කෙලවර කොතැනද යන්න ගැන සැක මතුවේ. බොහොම පොඩි උදාහරණයක් ගනිමු. හිසේ රුදාවට 1. පැනඩෝල් පෙත්තක් ගෙන වේදනාව වසා ගැනීම 2. හේතුව සොයා ස්ථීර විසඳුමක් සෙවීම යන විකල්ප පවතී. බටහිරයේ සිදුවන්නේ සමාජයේ මතුවෙන විකෘති තා වලට පැනඩෝල් දීම වේ. එනම් න්‍යායයන්/සංකල්ප ගොඩනංවා විකෘතීන් සාධාරණීකරණය කිරීම වේ.
මෙතැනදී පැන නැගෙන සාධාරණ පරස්පරය නම් කොතරම් දුරකට මෙයට ඉඩදිය යුතු ද යන්නය. ස්වභාවය නිරීක්ෂණය කොට හැකි තරම් ඊට එකඟව යන සමාජ සංස්ථාවක් ගොඩනැගීම තුලින් මෙයට විසඳුමක් සෙවිය හැකි බව දැනසිටියෝ අපගේ ආදිතමයින්‍ ය.

කලු සහ සුදූ ලෙස සිතිය හැක. කලු සුදු අතර අළු පාට ද ඇතැයි ද සිතිය හැක. කලුත් නොවේ සුදුත් නොවේ යනුවෙන් ද සිතිය හැක.

ලිංගිකත්වය වෙළඳාම් කිරීම


සමලිංගිකයින් වෙනුවෙන්ම වෙළඳ පොළට ඉදිරිපත් කෙරෙන ඇඳුම්, ආලේපන, ශරීරයේ රෝම
ඉවත් කිරීමේ ක්‍රම, සමාජ ශාලා හා බැඳුනු රාත්‍රී ජීවිතය, කෘතීම ලිංගික අවයව වෙළඳාම
ආදිය.විකෘති මානසිකයන්ට අලෙවි කෙරෙන කෘතිම ස්ත්‍රී ලිංගේන්ද්‍ර, පුරුෂ ලිංගේන්ද්‍ර,
dildo, ස්ත්‍රී බෝනික්කන් ආදිය

වෛද්‍ය විද්‍යාවේ දියනුව නිසා මිනිස් ආයුෂකාලය බෙහෙවින් දිගු වී ඇති බටහිරයේ ඉපදුන ජොන්සන් ගේ වයස අවුරුදු 78 කි. අදින් අවුරුදු 78 කට පෙර ජොන්සන් මෙලොව එලිය දැකින විට කොකාකෝලා බීම වෙළඳපොලට විත් අවුරුදු 44 කි. ඔහුට කොකාකෝලා හා බැඳුනු වෙළඳ උපක්‍රම, සමාජ ආකල්ප, සංකල්ප,න්‍යාය ආදි මෙකි නොකී සියලුම දේ ද ඔහු ගේ පරිසරය විය. මන්ද එකල සිටි ගායකයන් නළුවන් ආදිය උපයෝගි කොට සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය වෙළෙන්දෝ ජොන්සන්ගේ කැමැත්ත මිලදී ගෙන ඇත. ඉතින් මේ බටහිරයේ සිටින මහල්ලාට සතිපට්ටානය කියා දෙනවාට වඩා පාට පාට ලොසිංජර විකිනීම තම බඩගෝස්තරය හරි කරගැනීමේ මග ලෙස දුටුවෝ හදන න්‍යාය ගිරවුන් මෙන් දෙසාබන්නන් මා ලිංමැඩියෙකු ලෙස දැකීම පුදුමයක් නොවේ.

නාගරික ජීවිතයේ දී රැලේ නායකයාගේ චරිතය රඟපාන්නේ කවුද? වඩාත්ම වැඩියෙන් වියදම් කරන, වටිනා ඇඳුම් අදින පුද්ගලයින් ය. මෙය තම සමාජ ජීවිතයේ උස්පහත් කම් ලෝකයාට කියා පා තමාට හිමි තැනට හෝ වඩා උසස් තැනකට කරන අරගලයකි. මෙම තත්වය වඩා හොඳින් තේරුම් ගත්තෝ වෙළෙන්දන්‍ ය. මෙයට සමාජය දැක්වූ ප්‍රතිරෝධය නිෂේධනය කිරීම සඳහා තනන ලද අලුත් න්‍යායයක් නම් මෙට්‍රොසෙක්ෂුඅල් වේ. මෙම නවීන පැලැන්තිය කොතරම් වෙළන්දන්ගේ මනදොල පිනවන්නේද යත්, වෙළඳපොල සමීක්ෂකයින්ට අනුව පුරුෂ රූපලාවන්‍යාය වෙළඳපොල (ඇ.එ.ජ හා යුරෝපීය) 2003 වසරේදී යුරෝ බිලියන 20.3 සිට 2008 වසර වන විට යුරෝ බිලියන 24 ක් දක්වා වර්ධනය ක් අපේක්ෂා කෙරේ.

මෙම මෙට්‍රොසෙක්ෂුඅල් වචනයේ නිර්මාතෘ ගේ ඇසින්, මොවුන්,

"Metrosexual man, the single young man with a high disposable income, living or working in the city is perhaps the most promising consumer market of the decade" - Mark Simpson

ඉතාම කූට වෙලෙන්දා ගේ දක්ෂ කම නම් වෙළඳ නියෝජිතයන් වෙළඳාම් කිරීමයි. එනම් මෙම නියෝජිතයින්වද බිලිබාගෙන ඇත්තේ ඔවුන්ටත් හොරාය. (උදාහරණ ලෙස ඇන්ලීන් කිරිපිටි අලෙවියට්ට නානාප්‍රකාර දේශණ පැවැත්වූවෝ අපගේ වෛද්‍ය වරුන්‍ ය). ප්‍රතිඵලය නම් ලිංමැඩියන්ට කොටන ගිරවුන් බිහි වීමයි. මොවුන් ගිරවුන් නොව ගිරා පෝතකයින් ය.

බටහිරට සාපේක්ෂ අපට නිරපේක්ෂ සමාජ පිරිහීම

. 2008/05/02
15 comments

"ලංකාවේ සිවිල් සමාජයක් නොපවතී" යන්න අද බටහිරයන්ට කඩේයන නපුංසකයන්ගේ මුවඟ රැඳි වදනකි. අප සමාජය විනයෙන් පිරිහීමත් බටහිර සමාජයන් විනයෙන් උසස් වීමත් ගැන අනුන්ගෙන් කුලියට ගත් දැනුමින් නන්දොඩන්නන් නොදන්නා යම් යම් පැති කිහිපයක් අද ලිපියෙන් ඔබට පෙන්වා දෙමි.

සිවිල්‍ යැයි හඳුන්වන බටහිර සමාජයන්ගේ ඇති විකෘති තා සලකා බලමු.


1. ඕලන්දයේ අගනගරය සමලිංගිකයන්ගේ පාරාදීසයකි. සමලිංගික විවාහ නීත්‍යානුකූලය (මා
සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරමි. පිරිමියෙක් හට තවත් පිරිමියෙක් ලිංගිකව ගැබ්ගැන්විය
හැකි දිනක් වේද එදිනට මා එය පිළිගනිමි.)

2. ජර්මනියේ උපන් යුරෝපයේ පිළිගත්
බාලාපචාරින්ගේ දිනය නොහොත් "International Boyloveday" >> http://www.daretospeak.net/, http://www.ibld.net/
වැඩි විස්තර විකි යෙන් කියවන්න

3. MILF, Barelylegal, Incest Sex,Fetish යන වදන් වල තේරුම සොයන්න.

4. KKK වැනි සංවිධාන
5. නාසී/Nazi සහ වෙනත් අන්තවාදීන්
6. Serial Killers යන අපරාධ කරුවන් සමාජ විෂමතා තුලින් බිහිවීම

මේ, ලිංගික නිදහස උපරිම යැයි හැඳින්වෙන සමාජයක ඇති විකෘතිතා වේ. මානව අයිතිවාසිකම් උපරිම යැයි හැඳින්වෙන සමාජයක විකෘතිතා වේ.

මනුෂ්‍ය සම්බන්ධතා දියකරහැරීම, හැකි පමණ ඒක පුද්ගලික පාරිභෝගික ජීවින් ප්‍රමාණයක් බිහි කිරීම අද බටහිර සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයන් වේ. මම, මට සහ මගේ යැයි සිතන පාරිභෝගික ජීවින් ජීවත්වෙන සමාජයක සෑම දෙයක්ම වෙළඳපොල ක්‍රමය තුල තීරණය වීමත් සමග මගේ දුව මට දුව වීමත් ඔබගේ දුව මට ලිංගික උත්තේජකයක් වීමත් සිදුවී ඇත. සාරධර්ම නොහඳුනන මානසික රෝගින් බිහිකරන බටහිරයට සාපේක්ෂව අප සමාජය නිග්‍රහ කරන, පුවත්පත් වල පලවෙන,නොවෙන හැම කෙංගෙඩියකටම සිංහල බොද්ධ සංස්කෘතියට ගරහන නූතන පොතේ උගතුන් වටහා නොගන්නා ලද තැන්‍ ය ඉහත දක්වන ලද්දේ.

අපට නිරපේක්ෂ යැයි මා කියන්නේ ඇයි?
බටහිරය අද යම් දුරකට හෝ ශිෂ්ඨ වී ඇති වා නම් එය ඔවුන් පෙර සිටි තත්වයට සාපේක්ෂවය. අප සමාජයන්ගේ පිරිහීම අප බටහිරයත් සමග සන්සන්දනය කිරීම හා තුලාවේ නොදැමිය යුතු වන්නේ මෙම ශිෂ්ඨාචාර විකාශණය වූ ක්‍රමයේ ඇති පරස්පර විරෝධි ගතිය හේතුවෙනි.

බටහිර සමාජය විකාශණ ය වී ඇත්තේ මිනිස් චිත්තයේ ස්වභාවයන් විමසනවා වෙනුවට එහි ඇතැම් ක්‍රියාකාරීත්වයන් යටපත් කිරීමට උත්සහ ගැනීම නැමැති ක්‍රියාදාමය තුලිනි. අයහපත් සිතිවිලි ඇති වීම යනු දේවවාදීන්ට අනුව යක්ෂයාගේ බලපෑමයි. එසේම, සිත නොවිමසා, කොහෙවත් සිටින යකෙකුට ඇඟිල්ල දික් කිරීම තුලින් ඔවූන් සිත විශ්ලේෂණය කිරීමට ඇති ඉඩ ද අසුරාගෙන ඇත. එමෙන්ම දේවවාදය මුල්ගල ලෙසට ගෙන ගොඩනැගි ඇති මුළුමහත් බටහිර සමාජය තුලම දිස්වන්නේ එහි අනිටු ප්‍රතිඵල වේ. එනම් ස්වභාවධර්මයෙන් ඈත් වීම යනු ශිෂ්ඨ වීම යනුවෙන් ඔවුන් තේරුම් ගැනීමයි.

තවද මෙහි ඇති අති නරකම පැත්ත නම්, යටපත් කල චිත්ත ස්වභාවයන් වෙළඳපොල ක්‍රමයේ ගොදුරු බවට පත් වීමයි. ප්‍රතිඵලයන් නම්, පන්ක් හා හිපි සංස්කෘති ආදි උප සංස්කෘතීන් බිහි වීමත්, යක්ෂ වන්දනාව හා බිලිදීම් ප්‍රචලිත වීමත් ය. යක්ෂයා අදහන යක්ෂයාට මිනිස්බිලි දෙන විකෘති මානසිකත්වයන් ඇති කණ්ඩායම් යුරෝපීය රටවල එමටය.

ස්වභාවය තේරුම් නොගෙන ස්වභාවයට විරුද්ධ විය නොහැක. ස්වභාවය තේරුම් ගැනීම තුලින් අපට කොතරම් දුරකට ස්වභාවයට විරුද්ධ විය හැකි ද යන්න ද පසක් වේ. ඔලුකට්ට කලුගලට වඩා ශක්තිමත් නොවන බව තේරුම්ගැනීමෙන් කලුගලේ ඔලුව ගසා කලුගල දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් වැලකී සිටිය හැකිය.

දෙවැනි කොටස (10/05/2008 දින ලියන ලදි)

කඩේයන්නන්,බත්බැලයන් සහ වේසාවන්

. 2008/04/24
3 comments

ඉහත වචනයන්ගේ අරුත් පිළිබඳ කාලීන විග්‍රහයක්.......

කඩේ යන්නන්/කඩේ කොලුවන්
තමා කරන කාරය්‍ය ගැන වැඩි වටැහීමක් නැත. බරක් පතලක් නොදැනේ. තමාට වඩා බලවන්තයෙක් ඉදිරියේ එකත්පස්ව සිටිමින් විමසුම් බුද්ධිය නොමෙහයවා කටයුතු කරති. ආත්මාභිමානය හීනයන් ය. ස්වාමි ලැදි මොවුන්ගේ සිතුම් පැතුම් පාලනය කිරීම තුලින් මොවුන්ව තම ප්‍රයෝජනයට ගත හැක. බුදිධි හීනයන් නොවේ. පෞරුෂය හීනයන් ය.

බත්බැලයන්
තම බඩගෝස්තරය හරි කරගැනීම පිණිස ආත්මාභිමානය පාවා දෙන්නන්‍ ය. කඩේයන්නන් හට වඩා බුද්ධිය මෝරා ඇති මුත් පහසුවෙන් බුද්ධිශෝධනයකට ලක් කල හැක්කන් ය. බොහෝ විට පොතේ උගතුන් ය.

පහත ලක්ෂණ සැලකිල්ලට ගත් යමෙක් හට මොවුන් තම පාලනයට නතු කරගැනීම ඉතා පහසුය.

  1. දෙබිඩි චරිත සහිත වීම (විශේෂ ලක්ෂණයක් වේ)
  2. දෙලොවක ජීවත් වන්නන් වීම
  3. 'අක්‍රීය යෝජනාකිරීම' තුලින් මනස මෙහෙවිය හැකිබැවින් රූකඩයක් මෙන් පාලනය කිරීමට ඇති හැකියාව
  4. අභියෝගාත්මක පෞරුෂයක් නොමැති වීම
  5. ආත්මාභිමානය ගැන ඇති නොවැටහීම

මොවුන් ගේ ඇති විශේෂ ලක්ෂණයක් වන දෙබිඩි චරිත සහිත වීම ප්‍රයෝජනයට ගනිමින් මොවුන්ව සමාජය තුලට පහසුවෙන් කාවැද්දිය හැකි වීමත් එතුලින් තම යටි අරමුණු ඉටුකරගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වීමත් විශේෂ ය.

වේසාවන්

තමා කරන කාර්ය්‍ය ගැන මනා අවබොධයකින් යුතුව ද, තම පෞද්ගලික වාසිය පිණිස ඕනෑම තුච්ඡ කටයුත්තක් ඉටු කිරීමට ද නොපසුබට වන යමෙක් ඇත් ද, මොවුන් ය. ආත්මාභිමානයෙන් තොරය, දෙබිඩි චරිත සහිත වන්නන් නමුත් බත්බැලයන් හට වඩා ඒ පිළිබඳ ව සවිඥාණික ය.

අදීනයන්/දීනයන්

. 2008/04/19
3 comments

අදීන!

යන මිහිරි වදනත් එහි පසුබිමත් ලංකා පොළවේ ඉපදුණු කිසිවකුටත් ආගන්තුක නොවන බව නිසැකය. නමුත් කරුණු කාරණා යෙදී ඇති රටාවන් සලකා එගැන යම් සටහනක් තැබීමට සිත් විය.

එමෙන්ම අදීන/දීන චර්‍යා සොබාදහම විසින් සත්වයන්ගේ ජාන තුල සලකුණු කර ඇති බව දකිමි. ඒක පුද්ගල හෝ ගෝත්‍රික(සාමුහික/සමාජයීය) හැසිරීම් තීරණය කරණ මෙම මරු කපොලු ඒ ඒ වර්ගයා මේ පොළවේ දැරිය යුතු නොදැරිය යතු බලතලයන් ආධිපත්‍යයන් තීරණය කරනා ආකාරය ද පුදුමය දනවයි.

කූඩුවක ඇති කල ගිරවෙකු නැවත වනගත කල නොහැකි මෙන් වැඩිමහල් පරම්පරාවේ වහරෙන් ඉගෙනගත යුතු දේ ඉගෙනීමට අවකාශයක් නොලැබ හැදෙන්නන් ගේඅවසානය ලියවී ඇත. මෙය භෞතික මට්ටමින් හෝ මතවාදි මට්ටමින් විය හැක. මාගේ අරමුණ එය මතවාදි මට්ටමින් සිදුවන බව පෙන්වා දීමත් එය ස්වභාවය බව පෙන්වා දීමත් වේ. එනම් දීනයන් යනු සොබාදහමේ කොටසකි, එයට පෙර එය භෞතික ව සිදුවන අයුරු මෙසේ දක්වමි.

සිදුවීම >> නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පැමිණෙන ඉදිකරන්නන් පිරිසක් වන පෙදෙස එලිපෙහෙලි කරන විට එම වනයෙහි සිටි රිලවුන් රංචුවක සිටි වැඩිමහල් පිරිමි රිලවුන් මරා දැමීමෙන් අනතුරුව කණ්ඩායම මෙහෙය වීමට නායකයකු නොමැති කමින්ද, නායකත්වයට සුදුසු වැඩිමහල් පිරිමි රිලවුන් නොමැති වීමද නිසා දිවියන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වන අන්දමද රැල හිටි සංඛ්‍යාවෙන් අඩක් දක්වා අඩුවන අන්දමද අවසානයේ රිලවියක විසින් නායකත්වය ගැනීමද එම විෂමතාවය නිසා රැල බිඳී විසිරෙන ආකාරයද දුටුවෙමි

භෞතිකව මෙසේ සිදුවන විට මෙකී ක්‍රියා දාමය මතවාදිව ද සිදුවේ. දැනුම විසින් ලොව පාලනය කරන අද දවසේ දැනුම වෙළඳාම් කිරීම සහ තම දැනුමේ අනුගාමිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම තුලින් තම මතවාදයට වැඩි ඉඩක් බලයක් ලබාගැනීමද යනු ලොකු එකා විසින් පොඩි ගිල දැමීමේ වර්තමානයයි. එනම් බලවත් මතවාද දුබල මතවාද පාගා දමා නැගී සිටීමද බලවත් සංස්කෘතීන් දුබල සංස්කෘතීන් අකා මකා දැමීම ද වේ.

රැලේ නායකයා (බලවතා/ශක්තිවන්තයා) ගැහැනු සතුන් වැඩිම පිරිසක් සමඟ සංසර්ගයේ යෙදෙමින් තම බීජය වපුරන්නාක් මෙන් බලවත් මතවාද/සංස්කෘතීන් ලොව පැතිරේ. (ලාම්පුව අල්ලන්නන් ගැන කතා කරමු, පසුව) වෙනස්වීමේ ස්වභාවය සහ ඊට ඇති ප්‍රතිවිරෝධය යනු අඳුර සහ එලිය මෙනි.

දීන!
තම මතවාදයට/සංස්කෘතියට වඩා බලවත් හෝ වෙනස් මතවාදයක්/සංස්කෘතියක් ඉදිරිපිට බලු නගුටක් සේ යටහත් පහත් වීම දීන වීමයි. උදා - රෙද්ද අස්සෙ මහත්තයා. එනම්, කලිසම් අඳින්නන් මහත්මා ගති ඇතිවුන් සේ අවිඥාණිකව දැකීම, අවිඥාණිකව ඔවුන් අනුකරණය කිරීම ආදිය.... (ගෑරුප්පුවෙන් කොස් ඇට බුදීමට යෑම)
සංස්කෘතියක සහ එය ජනනය වූ පරිසරයේ ඇති බැඳීම පෙකණිවැල සහ කළලය අතර ඇති බැඳීමට නොදෙවෙනි වේ. අළුත් අවුරුද්ද (අපේ අළුත් අවුරුද්ද) සහ අස්වනු නෙලීම අතර ඇති සම්බන්ධය මෙයට කදිම උදාහරණයකි.

අදීන වීම යනු තම පැවැත්ම ආරක්ෂා කරගැනීම හා සම්බන්ධ ගැටළුවකි. එනම් යම් පරිසරයකට අනුකූලව ජීවත් වීමේ ධර්මතාවයක් නීති මාලාවක් පිළිපැදීම සහ ආරක්ෂා කිරීම වේ. නායක රිලවා විසින් තම රැල ආරක්ෂා කිරීමත් උගේ මරණය රැලේ විනාශය කැඳවූ හැටිත් නැවත නිරීක්ෂණය කල විට සොබාදහම විසින් නිශ්චිත වූ කාර්‍යයක්, රටාවක් සහ පිළිවෙලක් යනුවෙන් තීරණය කර ඇති බොහෝ දේ අපගේ සංස්කෘතික අංග ලෙස අප හඳුනාගනිමු. එමෙන්ම මතවාදි තලයේදි දීනයන් නොහොත් අවිඥාණිකව අනුකරණය කරන්නන් සහ ජීවත් වන පරිසරය අතර ඇති නොගැලපීම විසින් මොවුන් මතවාදී තලයෙන් අතුගෑවි යෑම, විකටයන් හෝ රූකඩයන් බවට පත්වීම (ලංකාවේ ටයි පටි පළඳින්නන්) වැනි දේ සිදු වේ. මෙයට හේතුව සෑම සංස්කෘතියක් ම ඊට ආවේනික වූ දැනුමක් රැස්කරගෙන ඇති නම්, ඒ ස්වභාවධර්මය විසින් දෙන ලද දැනුම සංකල්පගත කිරීමෙනි. පොදුවේ ගෝලිය සංස්කෘතියකුත්, කලාපීය සංස්කෘතියකුත් රටකටම ආවේනික වූ සංස්කෘතියකුත් වශයෙන් වෙනස් වන්නේ ඉහත කී ස්වභාවධර්මයට අනුකූලව ගලපාගත් දැනුමයි.

සත්ව රැලක නායකයා රැලේ සියලුම ගැහැණුසතුන් සමග සංසර්ගයේ යෙදෙන විට, රැලේ අන් පිරිමි සතුන් හට එම වරප්‍රසාදය අහිමි වේ. යමෙකු නායකයාට අභියෝග කොට රැලේ නායකයා වී කලින් නායකයා විඳි වරප්‍රසාද බුක්තිවිඳින විට තවකෙක් හට එම පෙළඹවීම ඇති නොවේ. එයට හේතුව ස්වභාවිකව එම සත්වයාගේ පැවැත්මට තිත වැටී තිබීමයි. එනම් ස්වභාවික වරණයයි.

භාෂාව ටින්කරින් කල යුතු ද?

. 2008/04/04
3 comments

<<කවුරුන් හෝ මෙම ලිපියේ ඇති නණලළ විෂමතා උලුප්පා දක්වන්නේ හුදෙක් මඩ පිණිස වේ නම්, එය මා අවසානයටම බලාපොරොත්තුවන බාධකය වේ>>

"නාමල්ගේ ලෝකය" හි පලවූ සටහනක් දිටීමෙන් මෙම වැකි කීපය එක් කිරීමට සිත්වුනි.

මිනිස් ඇසට පෙනෙන වර්ණ පරාසයක් තිබේ, මිනිස් කණට ඇසෙන ශබ්ද පරාසයක් ද තිබේ. ස්වර සංකලනයන්ගෙන් පොහොසත් සිංහල වැනි භාෂාවක වචනයක් ඉංගිරිසි වැනි ස්වරසංකලනයන්ගෙන් දුප්පත් භාෂාවකින් ලිවීම අපහසුය. ස්වරයක් ඒ ආකාරයෙන්ම ලේඛණ ගත කිරීමේ අති සියුම් තාක්ෂණිකත්වයක් සිංහලයේ ඇත.

ඉංගිරිසිය නම්‍යශීලි යැයි යමෙකු තර්ක කල හැකිය. ඕනෑම භාෂාවක් නම්‍යශීලි වන්නේ ඊටම ආවෙනික වූ ආකාරයකට ය. සුද්දාගේ භාෂාව මෙසේ යැයි කියා අප අපේ භාෂාව "ටින්කරින්" කරන්න ගියහොත් සිදු වන්නේ අර කාටදෝ වුනා යැයි කිවු දේට සමාන දෙයකි.

චීනා ට "ර" යන්න හරහට ඇත. සුද්දාට ඇලපිල්ල හරහට ඇත. අපිට කිසිවක් හරහට නැත. දිව හරවා ඕනෑම ශබ්දයක් උච්චාරණය කිරීමේ භාග්‍යය ලාංකීය දූ පුතුන්ට ලැබී ඇත. වැස්ස හිඟ කලට කුඹුරු කරන්නේ වැව් දියෙනි. සිංහල සාහිත්‍යයට වැස්ස හිඟ මෙවැනි යුග වල අහස සරණ ගිජුලිහිනියන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුය.

මෝඩයාගේ දිනය සමරමු!

. 2008/04/01
0 comments

දින දසුනේ දින ගණන මදි වී ඇති වෙළෙන්දන් මොකක් හෝ දෙයක් මිලදී ගැනීමේ උවමනාව ඇති කිරීම සඳහා වෙන් කර ඇති දින වලට වඩා වෙනස් විදියකට ගත කල හැකි දිනක් වේ නම් ඒ මෝඩයාගේ දවසයි.
මෝඩයාගේ දවස අප සැම දෙනාම පාහේ සිහියේ තබා ගත යුතු වන්නේ මෝඩයාට දවසක් නැති බැවිනි. වසර 2000 ලබන මොහොතේ (31/12/1999) සිරස විසින් අප අතට පහනක් දී සාමය ප්‍රාර්ථනා කිරීමට "අණ" කරන ලදි. නමුත් ඉන් උදාවූ සාමයක් නැත. (මෝඩයාගේ දවස සිහියේ තබා ගෙන සිටියා නම් මෙවැනි දේ සිදු වීම වලකා ගත හැකිව තිබුනි)
කන්ද උඩරට ගිවිසුම ඔස්සේ සුද්දා සහ සුද්දට පු.. දුන් රදළයා අප රට යුද්ධයකින් තොරව යටත් කරගතේ සිරස "මහා භාරතයේ" සිට කඩාපාත් වීමට බොහෝ කලකට පෙරය.
ඇස් ඇරගෙන නිදා ගත යුතු කාලය පැමිණ ඇත්තේ, අද දිනයේත් දොන් ජුවම් ධර්මපාල ලා මෝඩයාගේ දවස එක් දිනකට සීමා කර නැති බැවිනි. ලොකු එකා පොඩි එකාව ගිලීම අද ක්‍රියාත්මක වන්නේ ගොනාට අන්දා බඩ ගෝස්තරය සොයා ගැනීම ලෙසිනි. සිහියෙන් නොසිටියොත් සිදුවන්නේ ගොනාට ඇඳ ගැනීමටයි.
පසුගිය දිනවල සිදුවූ පිරමිඩ වංචාවේ නියෝජිතයන් යනු ඔබවත් මාවත් ගොනාට අන්දා බඩ ගෝස්තරය හරි කරගත්තන් ය.

අසත්‍ය ප්‍රකාශ නොකිරීම යනු පාර්ශික සත්‍ය ප්‍රකාශ කිරීම නොවන බව තේරුම් ගත යුතු වේ.

ඇමරිකන් කුස්සි අම්මා ගේ දායාදය නොහොත් බ්ලොග් මැරතන්!

. 2008/03/28
15 comments

ඔන්න තවත් අලුත් දෙයක් අප හිස මත කඩා පාත් කිරීමට කවුරුන් ද සූදානම් වී සිටී. බ්ලොගතන් නොහොත් බ්ලොග් මැරතන් යනුවෙන් හඳුන්වන මෙහි අතුරු ප්‍රතිථල අළුත් අවුරුදු නිවාඩුවේ දවස් දෙකක් නාස්ති කිරීමටත් වඩා භයානක විය හැකිය. (පැය විසිහතරක් නිදි වැරීමෙන් ඔබේ ශරීරයයට වන හානියට අමතරව)
ඔබ බොහෝ දෙනෙක් දන්නා නොදන්නා පරිදි පිටරැටියන් (යුරෝපීයයන්, ඇමරිකානුවන් ආදිය) ජීවත් වන්නේ මහල් නිවාස සංකීර්ණ වල "ගාල් කල ෆාම් කුකුලන්" මෙන් වන අතර මොවුන් ගේ නිදහස් කාලය වෙළඳ පොල විසින් 100% ක්ම පාහේ ආක්‍රමණය කර ඇත. ශාරීරික ක්‍රියා කාරකම් වලින් නිරන්තරයෙන් ඈත් වෙමින් පවතින මෙම සමාජ වල උදාසීනත්වය යනු ප්‍රභල සමාජ ගැටලුවකි. රූපවාහිනිය, yahoo chat, play station, sudoku, ipod, යන වැලට එකතු වූ අලුත්ම දෙය blog විය.

සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද? මා විසින් සොයාගන්නා ලද විස්තර අනුව මෙයට මුල් වී ඇත්තේ Catherine Connor නැමති වයස අවුරුදු 50 ක පමණ ඇමරිකානු ගෘහණියකි. (මාගේ උපකල්පනය අනුව මේ කුස්සි අම්මා හට වෙනත් වැදගත් අරමුණක් නැත, ඇය ගේ ස්ථූල භාවය නිසා ඇය ගත කරන සමාජ ජීවිතය අමිහිරි වීමට ද මානසික පීඩා වලින් පෙළෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙය ආරම්භ කර ඇති බව ද පැහැදිලි ය)

ඉතින් මෙහි විහිළුව කුමක් ද? ඇමරිකාවේ සිටින කුස්සී අම්මා කෙනෙකුගේ මානසික ප්‍රශ්ණ වලින් මිදීමට ඇය පටන් ගත් බ්ලොග් මැරතන් ඉසව්ව අද ශ්‍රී ලංකාවේ සිටින ඇල දොළ ගහ කොල සමග ජීවත් වන බ්ලොග් කරුවන්ගේ හිස මතට අහසේ සිට අතහැර දමා ඇත.

මෙහි දුක හිතෙන පැත්ත කුමක්ද? ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල දමන අවිචාරවත් සමාජයක අප ජීවත් වෙන බවය.

ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

. 2008/03/23
0 comments

ගිනි රස්නය ඇති විට සිසිල් සෙවනැල්ලක, තැඹිලි ගෙඩියක/කොකා කෝලා එකක ඇති අගය අප හට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

ඔබ බොන්නේ තැඹිලි ද කොකා කෝලා ද යන එක ඔබගේම පෞද්ගලික තෝරා ගැනීමක් කියා ඔබ විශ්වාස කරයි නම්, එය නැවත සලකා බැලිය යුතු බව මගේ අදහසයි!

මෙවැනි තත්වයක් සිතෙන් මවා ගැනීමට උත්සහ කරන්න, බස් නැවතුම් පොළක ශ්‍රී ලාංකිකයෙක් සිටී, අසල ඇති ගසක සෙවනැල්ල පාරට වැටී ඇති අතර බස් නැවතුම් පොළේ සිටින සුද්දෙකුගේ ද සෙවනැල්ල පාරට වැටී ඇති නම් බොහෝ විට මගියා (ශ්‍රී ලාංකිකයා) ප්‍රිය කරන්නේ සුද්දාගේ සෙවනැල්ල යටට වී සිටීමටය.

පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ලකුනු කරන විට ටයි පටිය පළඳින්නන් සුලභ දර්ශණයකි. එසේ වීමට හේතුව එවැනි අවස්ථාවලදී මොවුන් සුද්දාගේ සෙවනැල්ල සිතින් මවා ගනිමින්, එම සෙවනැල්ලේ අනුහසින්, ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක දේශ ගුණයට පවා අභියෝග කිරීමට තරම් නිර්භීත වීමය.

මම කවුරුන්ද, මට පෙර ජීවත් වූවන් කවුරුන්ද, මම පය ගසා සිටින පොලවේ මට පෙර පය තබා ඇවිද්දේ කව්ද, මා නියෝජනය කරන්නේ කුමක්ද/කාවද, මගේ ඇඳුම් පැළඳුම් හැසිරීම් වෙනස් කිරීමෙන් මට මා නොවන යමක් නියෝජනය කල හැකිද? උසස් ව්‍යවහාර යනු මොනවාද, ස්වභාවයට පිටින් යෑමට උත්සහ කිරීමෙන් මට ශිෂ්ඨ විය හැකිද?

මෙයට එක් පිළිතුරක් නම්,
මා කව්ද කියා මම නොදන්නේ නම්, මා හරකෙක් යැයි ඔබ කීවොත් එය මට පිළිගැනීමට සිදු නොවේද? යන ප්‍රශ්ණය මා මගෙන්ම අසා ගැනීමය.

එසේ නම්, ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ!

. 2008/03/22
1 comments

එස්. මහින්ද හිමි විසින් රචිත කවියක කොටසක් අද ටිබෙටයට හා චීනයට අතර මැදිවී සිටින ජාත්‍යාන්තර ප්‍රජාවගේ තත්වය මනා ලෙස නිරූපණය කෙරේ.

නිවටයා යන සංකල්පය බොහෝ සංස්කෘතීන් විසින් නොහඳුනයි. නිවටයන්ගේ ලක්ෂණයක් මහින්ද හිමියන් විසින් මෙසේ කවියට නගයි...

<<
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
>>


චීනය ලෝක ආර්ථිකය තුල බලවතෙකු වීමේ හේතුවෙන් චීනයට එරෙහි වීමට යෑමෙන් තම තමන්ගේ රටවල් වල ආර්ථිකයන් හට ඉන් විය හැකි බලපෑම් ගණනය කරන "යමෙකු විසින් සිවිල් සමාජ ලෙස හැඳින්විය හැකි" මෙකී නොකී රටවල් අද ඇස් වසාගෙන සිටින්නේ, "----- දෙනවද? වෙඩි කනවද?" වැනි තත්වයකදී, වෙඩි නොකෑමට තෝරා ගත්තාක් මෙනි.

දලයි ලාමා ගේ මෑත යුරෝපා සංචාරය අවස්ථාවේ යුරෝපීය රටවල දේශපාලනිකයන් එතුමා බැහැ දැකීමෙන් වැලකී සිටීම මෙයට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැක.

ජීවත් වෙන්න!

. 2008/03/20
4 comments

රූපවාහිනීයට ඔබේ ජීවිතය පාලනය කල හැකි බව ඔබ දන්නවාද? ඔබ සිතන පතන ආකාරයේ පවා ඉතා පැහැදිලි වෙනස්කම් ඇති කල හැකි ප්‍රභල ජන මාධ්‍යයක් වන "යකාගේ පෙට්ටිය" (idiot box or the boobtube) විසින් සිදුවන සේවයට වඩා හානිය අති මහත්‍ ය.

අප රටේ රූපවාහිනී මාධ්‍යයෙහි පැහැදිලි වැටීමක්, ගුණාත්මක අගය නැතිවීමක් දක්නට ලැබෙන්නේ ජාතික රූපවාහිනිය හා තරඟ කිරීමට සමත් ගුණාත්මක අගයෙන් යුතු වැඩසටහන් නිෂ්පාදනය කිරීමට ස්වධීන රූපවාහිනීය (ITN Sri Lanka) අසමත් වීමත්, එම අඩුව පිරිමසා ගැනීමට කෝපි කඩය වැනි දේශීය නිෂ්පාදනත්, ප්‍රේක්ෂකයා පාරිභෝගිකයා බවට පරිවර්තනය කිරීම අරමුණු කරගනිමින් නිෂ්පාදනය කරන, ආනයනය කරන ලද වැඩසටහන් විකාශයනය කිරීමට පටන් ගැනීමට පටන් ගැනීමත් සමග වේ. මෙයට ප්‍රති උත්තර ලෙස ජාතික රූපවාහිනිය ගන්නා ක්‍රියා මර්ගය නම්, ස්වධීන රූපවහිනියටත් වඩා හොඳින් එවැනි හරසුන් නිෂ්පාදන විකාෂනය කිරීමට පටන් ගැනීමයි.

අලි මදිවට හරක් කිව්වා සේ...

සිරස!
"මහා භාරතයේ" කුල පීඩනයෙන්, දරිද්‍රතාවයෙන්, සහ සියල්ලටම වඩා නූගත් කමින් (අප රටේ වැඩිහිටියන්ගේ සාක්ෂරතාවය 92.1% වන විට ඉන්දියාවේ වැඩිහිටියන්ගේ එය 61.3% කි, අප රටේ තරුණයන්ගේ 97% ක් වන විට ඉන්දියාවේ තරුණයන්ගේ සාක්ෂරතවය 73.3% ක් බව අමතක නොකරමු. // ප්‍රභවය - http://en.wikipedia.org/wiki/Literacy_in_India, තවද ගවයා දේවත්වයෙන් සලකන එකම රට බවද සිහියේ තබා ගමු) තැලී පොඩිවී හීනමානයෙන්, මානසික පීඩනයෙන් ජීවත් වෙමින් ඊට සහනයක් සොයමින් අනුන්ගේ සිහින තුල ජීවත් වන ප්‍රේක්ෂකයා ලංකා බිමේ ඉපැද්දවීම මූලික අරමුණ (යටි අරමුණ - ශ්‍රී ලංකා ආනයන වෙළඳ පොළ තුල ඉන්දීය නිෂ්පාදනයන් හට ඉඩකඩ තහවුරු කිරීම) කරගනිමින් ශ්‍රී ලංකා ගුවනට මුසුවූ ගුණාත්මක සහ අධ්‍යාපනික රූපවාහිනී කලාවේ මළ බෙර හඬ සිරසයි.

අද දවස වන විට අපට ඉතිරි වී ඇත්තේ මෙසේ විනාශ වී ගිය මාධ්‍ය ව්‍යාපාරයකි.

නෙස්ටමෝල්ට් කෝප්පයක් ලඟ තබාගෙන ප්‍රවෘත්ති කීමට තරම් පහත් තත්වයට ඇද වැටුනේ පෙර දිනයක සර්පයෙකු දෂ්ඨ කළ විට ප්‍රථමාධාර දීම අපට කියාදුන් රූපවාහිනියයි.

ප්‍රේක්ෂකයා හට සිහින ලෝකයක සිට අත දිගු කරන රූපවාහිනී නාලිකාවන් ඇත්ත ජීවිතයේ අභියෝග හමුවේ එම අත් හකුලා ගනී.

වෙළඳ දැන්වීම් හරහා ලාභ උපයන රූපවාහිනි සමාගම් වැඩි ප්‍රෙක්ෂකයන් පිරිසක් රඳවා ගැනීමට හැකි වැඩසටහන් නිර්මාණය/අනුකරනය කිරීමත් එම ප්‍රෙක්ෂකයන් වෙළඳ දැන්වීම් තුලින් පොළඹවමින් ගැනුම් කරුවන් බවට පත් කිරීම්ත් සිදුකරයි. උදාහරණ ලෙස රාත්‍රී ආහාර වෙලාව යනු වැඩිම ප්‍රෙක්ෂකයන් පිරිසක් ඉලක්ක කර ගත හැකි හෝරාවක් වන අතර ඉහත සඳහන් කල නෙස්ටමෝල්ට් කෝප්පය එවැන්නකි.

පසුගිය දශක දෙක තුල, රූපවාහිනිය සහ කුඩා දරුවන්ගේ හැසීරීම පිළිබඳව කර ඇති අධ්‍යයන තුලින් තහවුරු වී ඇත්තේ දරුවන්ගේ පෞරුෂය වර්ධනයට සෘණාත්මක බලපෑමක් රූපවාහිනිය ඇති කරන බවයි.

කාන්තාවන් හිරිහැර සහ හිංසාවේ ගොදුරු බව පෙන්වීම සුලභ මාධ්‍ය උපායක් වන අතර මෙය හේතු කොටගෙන ගැහැණු දරුවන් සමාජය දෙස කලකිරීමෙන් සහ බියෙන් යුතුව බැලීමට පුරුදු විය හැක. සමහර කාටූන් වැඩ සටහන් විසින් හිංසාව විහිළුවට ලක් කර සැහැල්ලු කර පෙන්වීම නිසා හිංසාව සහ වෛරය වැනි සංකල්ප වගා කිරීමට දරුවන් පෙළඹිය හැකිය.

ඇස් ඇර බලන්න, ඔබේ ජීවිතය තුල ඔබේ සිහින වලට ඉඩ තබා ගන්න.