විනාශය නිෂ්පාදනය කිරීම!

. 2008/06/26
4 comments

විනාශය නිපදවීම හා වෙළඳාම තම ජීවනෝපාය කරගැනීම කොතරම් දුරකට ලාභදායක ද?

සිගරට්
වැඩිහිටි මරණ දහයකින් එකකට වගකිව යුතු, වලක්වාගතහැකි, 20වන ශතවර්ෂයේදි පමණක් මරණ මිලියන 100 කට දායක වූ (ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරිනි) සිගරට් ඉරීම නොහොත් විනාශය වෙළඳාම් කරන සිගරට් නිෂ්පාදකයන්ගේ වගතුග ගැන කෙටි වදන් කිහිපයක් ලියමි.

ලෝක සිගරට් වෙළඳපොළ විමසුව විට පෙනී යන කරුණක් නම්, ඉන් 31.3% කට ඇමරිකාව ද, 44.9 කට යුරෝපය ද අයිතිවාසිකම් කියන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ථා පෙන්වා දෙන්නේ සිගරට් උරන්නන්ගෙන් 84% ක්ම වෙසෙන්නේ දියුණුවෙමින් පවතින රටවල බවයි.

අධ්‍යයන වාර්ථා අනුව දියුණුවෙමින් පවතින රටක පවුලක මුළු ආදායමින් 10%ක් සිගරට් ඉරීම සඳහා යොදවයි. ඒ අනුව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපන ආදි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා කෙරෙන වියදම අඩුවේ.

අත්‍යවශ්‍ය බෝග වගාකිරීමට ඇති ඉඩම් අත්පත් කරගැනීමෙන් ලෝක ආහාර අර්බුදය සඳහා කෙලින්ම දායක වේ.

ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනයා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වීමත් සමග ම සිගරට් වෙළෙන්දන්ට තම වෙළඳපොළ සංරක්ෂිත කරගැනීමට උපාය මාර්ග සෙවීමට සිදුවිය. (සුද්දන් ජීවත්වන රටවල යුද්ධ නොමැතිවීමද, අවිආයුධ වෙළෙන්දන් එම කලාපයෙන් ඔබ්බට ගොස් වෙළඳාම් කිරීමද මෙවැනිම කටයුත්තකි) ඒ අනුව ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවළ වෙළඳ දැන්වීම් හා උපක්‍රමික දිරිගැන්වීම් තුලින් තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට හැකි විය. සිගරට් උරන්නන්ගෙන් 84% ක් තුන්වන ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.

ජනමාධ්‍යය
අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ BAT (British American Tobacco) මගින් ගෙනගිය උපක්‍රම කිහිපයක් නම්, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස, සුඛෝපභෝගී වාහන පිළිගැන්වීම, සිගරට් ඉරීමට පක්ෂව පුවත්පත් ලිපි පලකරන ජනමාධ්‍යය කරුවන් සහ පුවත්පත් කතුවරුන් හට විනෝදචාරීකා, මුදලින් තෑගි පිරිනැමීම වැනි දේ ය. මෙයට අපේ දූපතෙන් ගතහැකි මතක ඇති කාලයේ උදාහරණය - Osteoporosis වැළැක්වීමට කියමින් කිරිපිටි අලෙවිය සඳහා කඩේ ගිය ජනමාධ්‍යා වේසාවන් සහ වෙදනරුමයින්!

මානව හිමිකම්, ගුවන්තනාමෝ සහ යුරෝපය සහ සරණාගතයන්

. 2008/06/21
6 comments

තම මතය සනාථ කිරීමේ අරමුණින් පාර්ශික සත්‍යය පමණක් ඉදිරිපත් කරමින් ජනමතය හැසිරවීම ට වෙර දරන සහ හසුරුවන ජනමාධ්‍යය ජාවාරම් කරුවන් සහ මත නිෂ්පාදකයන් ගේ (think tanks) වෑයම තුලනය කිරීම සඳහා හැකිතාක් දුරකට මාගේ පෞද්ගලික දෘෂ්ඨිකෝණයෙන් මිදී කරුණු කාරණා අමුවෙන් ඉදිරිපත් කරමි.

මානව හිමිකම්
මානව හිමිකම් සුරැකීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1948 උඳුවප් මස 10 වැනි දින විශ්ව මානව හිමිකම් පණත සම්මත කරන ලදි. The Universal Declaration of Human Rights (UDHR)

ගුවන්තනාමෝ කඳවුර
2002 වසරේ සිට කියුබාවේ ගුවන්තනාමෝ (Guantánamo Bay) හි ක්‍රියාත්මක වන සිරකඳවුරකි. ඇමරිකානු-ඇෆ්ගන් යුද්ධයේ සිරකරුවන් රඳවා තැබීමට භාවිතා කෙරේ. මෙහි ඇති වෙනස නම්, නීතිය ඉදිරියේ වැරදිකරුවන් ලෙස ඔප්පු වූවන් නොව සැකය මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිරකොට තැබීමයි. සැක කරුවකු සහ වැරදි කරුවකු අතර වෙනස මෙහි නොපවතී.

යුරෝපය
යුරෝපය ලෝක ආර්ථික බලය අතට ගැනීමට දරණ තැත, ලෝක ජනගහනයෙන් 5% ක් වන ඇමරිකානුවන් ලෝක සම්පත් වලින් හරිඅඩකට වැඩි කොටසක් පරිභෝජනය කිරීම මෙන්ම ලෝක ස්වභාවික සම්පත් (උදා තෙල්, රන්, ඛණිජ ආදිය) වලින් වැඩිකොටසකට හිමිකම් කියන අප්‍රිකානු මහද්වීපයයේ ජනයා දරිද්‍රතාවයෙන් මිය යාම (ලෝක පුදුම හතෙන් පලමු තැන හිමිවිය යුතුය) සහ අවිනිෂ්පාදකයින් ගේ වෙළඳපල ස්ථීර ලෙස සහතික කෙරෙන අප්‍රිකානු රටවල පවතින යුද්ධ (ලංකාව ද මෙයට එක අවාසනාවන්ත උදාහරණයකි) වල ප්‍රතිඵලයක් ලෙස සරණාගතයින් ලෙස ජනයා සංක්‍රමණය වීම වැලැක්වීම (යුරෝපයට ඇතුල් වීම වැලැක්වීම සඳහා) 2008.06.18 වන දින (Strasbourg, 18 Jun 2008) යුරෝපීය පාර්ලිමේන්තුව විශ්ව මානව හිමිකම් පණතේ 2,3,5,6,7,8,9 සහ 13 වන වගන්තීන් කඩ කරමින් නව පණත් සම්මත කරගන්නා ලදි (රටවල් 27 ක නියෝජිතයින්ගේ ඡන්ද 369 ක් පක්ෂව 197 විරුද්ධව සහ 106 ක නිහඬතාවයකින්)

යුරෝපීය ජනමාධ්‍යය ගුවන්තනාමෝ කඳවුර පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිහඬතාවය විවේචනය කිරීම
පසුගිය වසර 2 ක සිට මෙකී සිර කඳවුර වසා දැමීමට යුරෝපය කරන බලපෑම සහ එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන නිහඬතාවය

2006.02.19 වන දින
French Ambassador Jean-David Levitte told CNN: "Guantanamo is an embarrassment, and so it has to be solved one way or the other."
The British envoy, Sir David Manning, said: "It's difficult to find the right line to draw between your duties as a government for security and safeguarding liberty, but it is clearly an anomaly and it needs to be dealt with."
UN Secretary-General Kofi Annan on Thursday urged saying it must be shut down "sooner or later."

යුරෝපය විශ්ව මානව හිමිකම් පණත කඩකිරීම පිළිබඳව එ.ජා.සංවිධානය දක්වන නිහඬතාවයට හේතුව කුමක්ද කියා දෙකවසරේ ඉගෙනුම ලබන ජෝන් බ්‍රවුන් ළදරුවාට පවා තේරුම් ගත හැකි සරළ සත්‍යයකි.

ගේ වටකොට තාප්පය
මෙයට වඩාත්ම ස්ථීරසාර විසඳුමක් ලෙස ලෝකබලවතුන් විසින් තීරණය කරන ලද්දේ ගේ වට කොට තාප්පය බැඳීමට සමාන දෙයකි. ද්‍රව්‍යමය ලෙස සම්පත් මංකොල්ල කෑම, යටි උගුල් අටවමින් යුද්ධ සහ ජනවාර්ගික ගැටුම් ඇතිකිරීම තම රටවල යහපත් සාමාජික ආර්ථික පරිසරයක් ඇති කිරීමෙන් මූලික වියදමක් නොදරා ක්ෂේත්‍රයේ නිපුණතා හා පුහුණු දැනුම තම රටවල් කරා සංක්‍රමණය වීමට සැලැස්වීම සහ මෙකි නොකී හේතු කරුණු කොටගෙන අගාධයට ඇදවැටෙන රටවල ජනයා තම රටවලට ඒම වැලැක්වීම සඳහා ඉහත කී ගිවිසුම සම්මත කරගන්නා ලදි.

සරළ ලෙස සිතමු, මගේ බත්මුල උදුරාගත් සොරුන් මා සාගින්නට ගඩාගෙඩියක් කඩාගත්විට මා වැරදි කරු කොට දඩුවම් පැමිණිවිය හැකි නීතියක් සම්මත කරගන්නා ලදි.

හොඳත් නැති, නරකත් නැති ස්වභාවධර්මය

. 2008/06/17
0 comments

සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් යුතුව ලිපියක් ලියමි.

සමාජ සම්මත නීති, රීති හෝ හැදියාවන් හැදියාවන් ලෙස තීරණය වී ඇත්තේ ඇයි? අසම්මතය‍න් ලෙස තීරණය වූ දෑ එසේ තීරණය වී ඇත්තේ ඇයි? සමාජ සම්මතයන් සහ නීතීන් කාලානුරූපී විය යුතු ද? ස්වභාවධර්මයට අනුකූල විය යුතු ද? සංස්කෘතීන් ගේ විකාශණයට සමානුපාතික විය යුතු ද? සමාජ සම්මතයන් ලෙස පිළිගැනෙන්නේ/නොපිළිගැනෙන්නේ පව් හෝ පිං ලෙස බෙදෙන්නේ
කුමන නිර්ණායකයන් පදනම් කොටගෙන ද?

සම්මතයන් මෙන්ම අසම්මතයන් (උදා-ආදරය/වෛරය) යනු සත්වයාගේ පැවැත්ම සදහා එකසේ බලපාන එකම වැදගත් කමින් යුතු කරුණු බව මා හඟිමි. එසේ නම් වෛරය වැනි හැඟීම් අසම්මතයන් වන්නේ කෙසේ ද?

පසුවදන - හැළහැප්පීම් නොගැළපීම් කොපමණ වුව තාර්කික සංවාදයකට දායකවෙමින් පසුගිය ලිපි වෙත ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනා හට සංවාදයට එක්වීමට ඇරයුම්. සිංහලෙන් පමණක් ලියන ලෙස ඉල්ලීමක් කරමි.