Showing posts with label බටහිර සමාජයේ විකෘතිතා. Show all posts
Showing posts with label බටහිර සමාජයේ විකෘතිතා. Show all posts

බටහිරට සාපේක්ෂ අපට නිරපේක්ෂ සමාජ පිරිහීම

. 2008/05/02
15 comments

"ලංකාවේ සිවිල් සමාජයක් නොපවතී" යන්න අද බටහිරයන්ට කඩේයන නපුංසකයන්ගේ මුවඟ රැඳි වදනකි. අප සමාජය විනයෙන් පිරිහීමත් බටහිර සමාජයන් විනයෙන් උසස් වීමත් ගැන අනුන්ගෙන් කුලියට ගත් දැනුමින් නන්දොඩන්නන් නොදන්නා යම් යම් පැති කිහිපයක් අද ලිපියෙන් ඔබට පෙන්වා දෙමි.

සිවිල්‍ යැයි හඳුන්වන බටහිර සමාජයන්ගේ ඇති විකෘති තා සලකා බලමු.


1. ඕලන්දයේ අගනගරය සමලිංගිකයන්ගේ පාරාදීසයකි. සමලිංගික විවාහ නීත්‍යානුකූලය (මා
සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරමි. පිරිමියෙක් හට තවත් පිරිමියෙක් ලිංගිකව ගැබ්ගැන්විය
හැකි දිනක් වේද එදිනට මා එය පිළිගනිමි.)

2. ජර්මනියේ උපන් යුරෝපයේ පිළිගත්
බාලාපචාරින්ගේ දිනය නොහොත් "International Boyloveday" >> http://www.daretospeak.net/, http://www.ibld.net/
වැඩි විස්තර විකි යෙන් කියවන්න

3. MILF, Barelylegal, Incest Sex,Fetish යන වදන් වල තේරුම සොයන්න.

4. KKK වැනි සංවිධාන
5. නාසී/Nazi සහ වෙනත් අන්තවාදීන්
6. Serial Killers යන අපරාධ කරුවන් සමාජ විෂමතා තුලින් බිහිවීම

මේ, ලිංගික නිදහස උපරිම යැයි හැඳින්වෙන සමාජයක ඇති විකෘතිතා වේ. මානව අයිතිවාසිකම් උපරිම යැයි හැඳින්වෙන සමාජයක විකෘතිතා වේ.

මනුෂ්‍ය සම්බන්ධතා දියකරහැරීම, හැකි පමණ ඒක පුද්ගලික පාරිභෝගික ජීවින් ප්‍රමාණයක් බිහි කිරීම අද බටහිර සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයන් වේ. මම, මට සහ මගේ යැයි සිතන පාරිභෝගික ජීවින් ජීවත්වෙන සමාජයක සෑම දෙයක්ම වෙළඳපොල ක්‍රමය තුල තීරණය වීමත් සමග මගේ දුව මට දුව වීමත් ඔබගේ දුව මට ලිංගික උත්තේජකයක් වීමත් සිදුවී ඇත. සාරධර්ම නොහඳුනන මානසික රෝගින් බිහිකරන බටහිරයට සාපේක්ෂව අප සමාජය නිග්‍රහ කරන, පුවත්පත් වල පලවෙන,නොවෙන හැම කෙංගෙඩියකටම සිංහල බොද්ධ සංස්කෘතියට ගරහන නූතන පොතේ උගතුන් වටහා නොගන්නා ලද තැන්‍ ය ඉහත දක්වන ලද්දේ.

අපට නිරපේක්ෂ යැයි මා කියන්නේ ඇයි?
බටහිරය අද යම් දුරකට හෝ ශිෂ්ඨ වී ඇති වා නම් එය ඔවුන් පෙර සිටි තත්වයට සාපේක්ෂවය. අප සමාජයන්ගේ පිරිහීම අප බටහිරයත් සමග සන්සන්දනය කිරීම හා තුලාවේ නොදැමිය යුතු වන්නේ මෙම ශිෂ්ඨාචාර විකාශණය වූ ක්‍රමයේ ඇති පරස්පර විරෝධි ගතිය හේතුවෙනි.

බටහිර සමාජය විකාශණ ය වී ඇත්තේ මිනිස් චිත්තයේ ස්වභාවයන් විමසනවා වෙනුවට එහි ඇතැම් ක්‍රියාකාරීත්වයන් යටපත් කිරීමට උත්සහ ගැනීම නැමැති ක්‍රියාදාමය තුලිනි. අයහපත් සිතිවිලි ඇති වීම යනු දේවවාදීන්ට අනුව යක්ෂයාගේ බලපෑමයි. එසේම, සිත නොවිමසා, කොහෙවත් සිටින යකෙකුට ඇඟිල්ල දික් කිරීම තුලින් ඔවූන් සිත විශ්ලේෂණය කිරීමට ඇති ඉඩ ද අසුරාගෙන ඇත. එමෙන්ම දේවවාදය මුල්ගල ලෙසට ගෙන ගොඩනැගි ඇති මුළුමහත් බටහිර සමාජය තුලම දිස්වන්නේ එහි අනිටු ප්‍රතිඵල වේ. එනම් ස්වභාවධර්මයෙන් ඈත් වීම යනු ශිෂ්ඨ වීම යනුවෙන් ඔවුන් තේරුම් ගැනීමයි.

තවද මෙහි ඇති අති නරකම පැත්ත නම්, යටපත් කල චිත්ත ස්වභාවයන් වෙළඳපොල ක්‍රමයේ ගොදුරු බවට පත් වීමයි. ප්‍රතිඵලයන් නම්, පන්ක් හා හිපි සංස්කෘති ආදි උප සංස්කෘතීන් බිහි වීමත්, යක්ෂ වන්දනාව හා බිලිදීම් ප්‍රචලිත වීමත් ය. යක්ෂයා අදහන යක්ෂයාට මිනිස්බිලි දෙන විකෘති මානසිකත්වයන් ඇති කණ්ඩායම් යුරෝපීය රටවල එමටය.

ස්වභාවය තේරුම් නොගෙන ස්වභාවයට විරුද්ධ විය නොහැක. ස්වභාවය තේරුම් ගැනීම තුලින් අපට කොතරම් දුරකට ස්වභාවයට විරුද්ධ විය හැකි ද යන්න ද පසක් වේ. ඔලුකට්ට කලුගලට වඩා ශක්තිමත් නොවන බව තේරුම්ගැනීමෙන් කලුගලේ ඔලුව ගසා කලුගල දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් වැලකී සිටිය හැකිය.

දෙවැනි කොටස (10/05/2008 දින ලියන ලදි)