Showing posts with label සරණාගත. Show all posts
Showing posts with label සරණාගත. Show all posts

මානව හිමිකම්, ගුවන්තනාමෝ සහ යුරෝපය සහ සරණාගතයන්

. 2008/06/21
6 comments

තම මතය සනාථ කිරීමේ අරමුණින් පාර්ශික සත්‍යය පමණක් ඉදිරිපත් කරමින් ජනමතය හැසිරවීම ට වෙර දරන සහ හසුරුවන ජනමාධ්‍යය ජාවාරම් කරුවන් සහ මත නිෂ්පාදකයන් ගේ (think tanks) වෑයම තුලනය කිරීම සඳහා හැකිතාක් දුරකට මාගේ පෞද්ගලික දෘෂ්ඨිකෝණයෙන් මිදී කරුණු කාරණා අමුවෙන් ඉදිරිපත් කරමි.

මානව හිමිකම්
මානව හිමිකම් සුරැකීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1948 උඳුවප් මස 10 වැනි දින විශ්ව මානව හිමිකම් පණත සම්මත කරන ලදි. The Universal Declaration of Human Rights (UDHR)

ගුවන්තනාමෝ කඳවුර
2002 වසරේ සිට කියුබාවේ ගුවන්තනාමෝ (Guantánamo Bay) හි ක්‍රියාත්මක වන සිරකඳවුරකි. ඇමරිකානු-ඇෆ්ගන් යුද්ධයේ සිරකරුවන් රඳවා තැබීමට භාවිතා කෙරේ. මෙහි ඇති වෙනස නම්, නීතිය ඉදිරියේ වැරදිකරුවන් ලෙස ඔප්පු වූවන් නොව සැකය මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිරකොට තැබීමයි. සැක කරුවකු සහ වැරදි කරුවකු අතර වෙනස මෙහි නොපවතී.

යුරෝපය
යුරෝපය ලෝක ආර්ථික බලය අතට ගැනීමට දරණ තැත, ලෝක ජනගහනයෙන් 5% ක් වන ඇමරිකානුවන් ලෝක සම්පත් වලින් හරිඅඩකට වැඩි කොටසක් පරිභෝජනය කිරීම මෙන්ම ලෝක ස්වභාවික සම්පත් (උදා තෙල්, රන්, ඛණිජ ආදිය) වලින් වැඩිකොටසකට හිමිකම් කියන අප්‍රිකානු මහද්වීපයයේ ජනයා දරිද්‍රතාවයෙන් මිය යාම (ලෝක පුදුම හතෙන් පලමු තැන හිමිවිය යුතුය) සහ අවිනිෂ්පාදකයින් ගේ වෙළඳපල ස්ථීර ලෙස සහතික කෙරෙන අප්‍රිකානු රටවල පවතින යුද්ධ (ලංකාව ද මෙයට එක අවාසනාවන්ත උදාහරණයකි) වල ප්‍රතිඵලයක් ලෙස සරණාගතයින් ලෙස ජනයා සංක්‍රමණය වීම වැලැක්වීම (යුරෝපයට ඇතුල් වීම වැලැක්වීම සඳහා) 2008.06.18 වන දින (Strasbourg, 18 Jun 2008) යුරෝපීය පාර්ලිමේන්තුව විශ්ව මානව හිමිකම් පණතේ 2,3,5,6,7,8,9 සහ 13 වන වගන්තීන් කඩ කරමින් නව පණත් සම්මත කරගන්නා ලදි (රටවල් 27 ක නියෝජිතයින්ගේ ඡන්ද 369 ක් පක්ෂව 197 විරුද්ධව සහ 106 ක නිහඬතාවයකින්)

යුරෝපීය ජනමාධ්‍යය ගුවන්තනාමෝ කඳවුර පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිහඬතාවය විවේචනය කිරීම
පසුගිය වසර 2 ක සිට මෙකී සිර කඳවුර වසා දැමීමට යුරෝපය කරන බලපෑම සහ එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන නිහඬතාවය

2006.02.19 වන දින
French Ambassador Jean-David Levitte told CNN: "Guantanamo is an embarrassment, and so it has to be solved one way or the other."
The British envoy, Sir David Manning, said: "It's difficult to find the right line to draw between your duties as a government for security and safeguarding liberty, but it is clearly an anomaly and it needs to be dealt with."
UN Secretary-General Kofi Annan on Thursday urged saying it must be shut down "sooner or later."

යුරෝපය විශ්ව මානව හිමිකම් පණත කඩකිරීම පිළිබඳව එ.ජා.සංවිධානය දක්වන නිහඬතාවයට හේතුව කුමක්ද කියා දෙකවසරේ ඉගෙනුම ලබන ජෝන් බ්‍රවුන් ළදරුවාට පවා තේරුම් ගත හැකි සරළ සත්‍යයකි.

ගේ වටකොට තාප්පය
මෙයට වඩාත්ම ස්ථීරසාර විසඳුමක් ලෙස ලෝකබලවතුන් විසින් තීරණය කරන ලද්දේ ගේ වට කොට තාප්පය බැඳීමට සමාන දෙයකි. ද්‍රව්‍යමය ලෙස සම්පත් මංකොල්ල කෑම, යටි උගුල් අටවමින් යුද්ධ සහ ජනවාර්ගික ගැටුම් ඇතිකිරීම තම රටවල යහපත් සාමාජික ආර්ථික පරිසරයක් ඇති කිරීමෙන් මූලික වියදමක් නොදරා ක්ෂේත්‍රයේ නිපුණතා හා පුහුණු දැනුම තම රටවල් කරා සංක්‍රමණය වීමට සැලැස්වීම සහ මෙකි නොකී හේතු කරුණු කොටගෙන අගාධයට ඇදවැටෙන රටවල ජනයා තම රටවලට ඒම වැලැක්වීම සඳහා ඉහත කී ගිවිසුම සම්මත කරගන්නා ලදි.

සරළ ලෙස සිතමු, මගේ බත්මුල උදුරාගත් සොරුන් මා සාගින්නට ගඩාගෙඩියක් කඩාගත්විට මා වැරදි කරු කොට දඩුවම් පැමිණිවිය හැකි නීතියක් සම්මත කරගන්නා ලදි.