Showing posts with label සිංහල බ්ලොග් මැරතන්. Show all posts
Showing posts with label සිංහල බ්ලොග් මැරතන්. Show all posts

ඇමරිකන් කුස්සි අම්මා ගේ දායාදය නොහොත් බ්ලොග් මැරතන්!

. 2008/03/28
15 comments

ඔන්න තවත් අලුත් දෙයක් අප හිස මත කඩා පාත් කිරීමට කවුරුන් ද සූදානම් වී සිටී. බ්ලොගතන් නොහොත් බ්ලොග් මැරතන් යනුවෙන් හඳුන්වන මෙහි අතුරු ප්‍රතිථල අළුත් අවුරුදු නිවාඩුවේ දවස් දෙකක් නාස්ති කිරීමටත් වඩා භයානක විය හැකිය. (පැය විසිහතරක් නිදි වැරීමෙන් ඔබේ ශරීරයයට වන හානියට අමතරව)
ඔබ බොහෝ දෙනෙක් දන්නා නොදන්නා පරිදි පිටරැටියන් (යුරෝපීයයන්, ඇමරිකානුවන් ආදිය) ජීවත් වන්නේ මහල් නිවාස සංකීර්ණ වල "ගාල් කල ෆාම් කුකුලන්" මෙන් වන අතර මොවුන් ගේ නිදහස් කාලය වෙළඳ පොල විසින් 100% ක්ම පාහේ ආක්‍රමණය කර ඇත. ශාරීරික ක්‍රියා කාරකම් වලින් නිරන්තරයෙන් ඈත් වෙමින් පවතින මෙම සමාජ වල උදාසීනත්වය යනු ප්‍රභල සමාජ ගැටලුවකි. රූපවාහිනිය, yahoo chat, play station, sudoku, ipod, යන වැලට එකතු වූ අලුත්ම දෙය blog විය.

සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද? මා විසින් සොයාගන්නා ලද විස්තර අනුව මෙයට මුල් වී ඇත්තේ Catherine Connor නැමති වයස අවුරුදු 50 ක පමණ ඇමරිකානු ගෘහණියකි. (මාගේ උපකල්පනය අනුව මේ කුස්සි අම්මා හට වෙනත් වැදගත් අරමුණක් නැත, ඇය ගේ ස්ථූල භාවය නිසා ඇය ගත කරන සමාජ ජීවිතය අමිහිරි වීමට ද මානසික පීඩා වලින් පෙළෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙය ආරම්භ කර ඇති බව ද පැහැදිලි ය)

ඉතින් මෙහි විහිළුව කුමක් ද? ඇමරිකාවේ සිටින කුස්සී අම්මා කෙනෙකුගේ මානසික ප්‍රශ්ණ වලින් මිදීමට ඇය පටන් ගත් බ්ලොග් මැරතන් ඉසව්ව අද ශ්‍රී ලංකාවේ සිටින ඇල දොළ ගහ කොල සමග ජීවත් වන බ්ලොග් කරුවන්ගේ හිස මතට අහසේ සිට අතහැර දමා ඇත.

මෙහි දුක හිතෙන පැත්ත කුමක්ද? ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල දමන අවිචාරවත් සමාජයක අප ජීවත් වෙන බවය.