ඇමරිකන් කුස්සි අම්මා ගේ දායාදය නොහොත් බ්ලොග් මැරතන්!

. 2008/03/28
15 comments

ඔන්න තවත් අලුත් දෙයක් අප හිස මත කඩා පාත් කිරීමට කවුරුන් ද සූදානම් වී සිටී. බ්ලොගතන් නොහොත් බ්ලොග් මැරතන් යනුවෙන් හඳුන්වන මෙහි අතුරු ප්‍රතිථල අළුත් අවුරුදු නිවාඩුවේ දවස් දෙකක් නාස්ති කිරීමටත් වඩා භයානක විය හැකිය. (පැය විසිහතරක් නිදි වැරීමෙන් ඔබේ ශරීරයයට වන හානියට අමතරව)
ඔබ බොහෝ දෙනෙක් දන්නා නොදන්නා පරිදි පිටරැටියන් (යුරෝපීයයන්, ඇමරිකානුවන් ආදිය) ජීවත් වන්නේ මහල් නිවාස සංකීර්ණ වල "ගාල් කල ෆාම් කුකුලන්" මෙන් වන අතර මොවුන් ගේ නිදහස් කාලය වෙළඳ පොල විසින් 100% ක්ම පාහේ ආක්‍රමණය කර ඇත. ශාරීරික ක්‍රියා කාරකම් වලින් නිරන්තරයෙන් ඈත් වෙමින් පවතින මෙම සමාජ වල උදාසීනත්වය යනු ප්‍රභල සමාජ ගැටලුවකි. රූපවාහිනිය, yahoo chat, play station, sudoku, ipod, යන වැලට එකතු වූ අලුත්ම දෙය blog විය.

සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද? මා විසින් සොයාගන්නා ලද විස්තර අනුව මෙයට මුල් වී ඇත්තේ Catherine Connor නැමති වයස අවුරුදු 50 ක පමණ ඇමරිකානු ගෘහණියකි. (මාගේ උපකල්පනය අනුව මේ කුස්සි අම්මා හට වෙනත් වැදගත් අරමුණක් නැත, ඇය ගේ ස්ථූල භාවය නිසා ඇය ගත කරන සමාජ ජීවිතය අමිහිරි වීමට ද මානසික පීඩා වලින් පෙළෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙය ආරම්භ කර ඇති බව ද පැහැදිලි ය)

ඉතින් මෙහි විහිළුව කුමක් ද? ඇමරිකාවේ සිටින කුස්සී අම්මා කෙනෙකුගේ මානසික ප්‍රශ්ණ වලින් මිදීමට ඇය පටන් ගත් බ්ලොග් මැරතන් ඉසව්ව අද ශ්‍රී ලංකාවේ සිටින ඇල දොළ ගහ කොල සමග ජීවත් වන බ්ලොග් කරුවන්ගේ හිස මතට අහසේ සිට අතහැර දමා ඇත.

මෙහි දුක හිතෙන පැත්ත කුමක්ද? ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල දමන අවිචාරවත් සමාජයක අප ජීවත් වෙන බවය.

ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

. 2008/03/23
0 comments

ගිනි රස්නය ඇති විට සිසිල් සෙවනැල්ලක, තැඹිලි ගෙඩියක/කොකා කෝලා එකක ඇති අගය අප හට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

ඔබ බොන්නේ තැඹිලි ද කොකා කෝලා ද යන එක ඔබගේම පෞද්ගලික තෝරා ගැනීමක් කියා ඔබ විශ්වාස කරයි නම්, එය නැවත සලකා බැලිය යුතු බව මගේ අදහසයි!

මෙවැනි තත්වයක් සිතෙන් මවා ගැනීමට උත්සහ කරන්න, බස් නැවතුම් පොළක ශ්‍රී ලාංකිකයෙක් සිටී, අසල ඇති ගසක සෙවනැල්ල පාරට වැටී ඇති අතර බස් නැවතුම් පොළේ සිටින සුද්දෙකුගේ ද සෙවනැල්ල පාරට වැටී ඇති නම් බොහෝ විට මගියා (ශ්‍රී ලාංකිකයා) ප්‍රිය කරන්නේ සුද්දාගේ සෙවනැල්ල යටට වී සිටීමටය.

පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ලකුනු කරන විට ටයි පටිය පළඳින්නන් සුලභ දර්ශණයකි. එසේ වීමට හේතුව එවැනි අවස්ථාවලදී මොවුන් සුද්දාගේ සෙවනැල්ල සිතින් මවා ගනිමින්, එම සෙවනැල්ලේ අනුහසින්, ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක දේශ ගුණයට පවා අභියෝග කිරීමට තරම් නිර්භීත වීමය.

මම කවුරුන්ද, මට පෙර ජීවත් වූවන් කවුරුන්ද, මම පය ගසා සිටින පොලවේ මට පෙර පය තබා ඇවිද්දේ කව්ද, මා නියෝජනය කරන්නේ කුමක්ද/කාවද, මගේ ඇඳුම් පැළඳුම් හැසිරීම් වෙනස් කිරීමෙන් මට මා නොවන යමක් නියෝජනය කල හැකිද? උසස් ව්‍යවහාර යනු මොනවාද, ස්වභාවයට පිටින් යෑමට උත්සහ කිරීමෙන් මට ශිෂ්ඨ විය හැකිද?

මෙයට එක් පිළිතුරක් නම්,
මා කව්ද කියා මම නොදන්නේ නම්, මා හරකෙක් යැයි ඔබ කීවොත් එය මට පිළිගැනීමට සිදු නොවේද? යන ප්‍රශ්ණය මා මගෙන්ම අසා ගැනීමය.

එසේ නම්, ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ!

. 2008/03/22
1 comments

එස්. මහින්ද හිමි විසින් රචිත කවියක කොටසක් අද ටිබෙටයට හා චීනයට අතර මැදිවී සිටින ජාත්‍යාන්තර ප්‍රජාවගේ තත්වය මනා ලෙස නිරූපණය කෙරේ.

නිවටයා යන සංකල්පය බොහෝ සංස්කෘතීන් විසින් නොහඳුනයි. නිවටයන්ගේ ලක්ෂණයක් මහින්ද හිමියන් විසින් මෙසේ කවියට නගයි...

<<
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
>>


චීනය ලෝක ආර්ථිකය තුල බලවතෙකු වීමේ හේතුවෙන් චීනයට එරෙහි වීමට යෑමෙන් තම තමන්ගේ රටවල් වල ආර්ථිකයන් හට ඉන් විය හැකි බලපෑම් ගණනය කරන "යමෙකු විසින් සිවිල් සමාජ ලෙස හැඳින්විය හැකි" මෙකී නොකී රටවල් අද ඇස් වසාගෙන සිටින්නේ, "----- දෙනවද? වෙඩි කනවද?" වැනි තත්වයකදී, වෙඩි නොකෑමට තෝරා ගත්තාක් මෙනි.

දලයි ලාමා ගේ මෑත යුරෝපා සංචාරය අවස්ථාවේ යුරෝපීය රටවල දේශපාලනිකයන් එතුමා බැහැ දැකීමෙන් වැලකී සිටීම මෙයට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැක.