බටහිරට සාපේක්ෂ ... දෙවන කොටස. අරවින්ද ට පිළිතුරු....

. 2008/05/10

....ළමු කොටස

දෙවන කොටස ....

අරවින්ද විසින් කලින් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමට පෙර මා ඔබට ප්‍රශ්ණ කිහිපයක් යොමු කරමින් ඔබගේ පැණයන්ට එතුලින් පිලිතූරු සපයමි.

තවද මාගේ පලමු ලිපියේ දැක්වෙන අන්තවාදීන් ගැන ඔබට කීමට දෙයක් නොමැති වීම පුදුමයට කරුනක් නොවේ. ඒ පිළිබඳව ඔබ කිසිදු වචනයක් නොකියා අදාලත්වයෙන් අඩු නමුත් ඔබ කියවා ඇති පොත්වලින් පිලිතුරු සැපයිය හැකි මාතෘකාවක් ඉස්මතු කිරීම ලැජ්ජාවට කාරනයකි.

සරල මුත් සත්‍යය නම්, සෑම සමලිංගිකයෙකුටම උපත දී ඇත්තේ ස්ත්‍රීයක් හා පුරුෂයෙකු වීමයි. ලිංගිකත්වයේ අරමුණ වර්ගයා බෝකිරීම නොව විනෝදය සඳහා නම්, පුරුෂ ශුක්‍රාණු තුල නව ජීවියෙක් බිහිකිරීමේ සම්පූර්ණ විස්තර සටහනක් අඩංගු වී ඇත්තේ ඇයි? ඒ වෙනුවට ප්‍රෝටීන පමණක් අඩංගු විය යුතුව තිබුනා නොවේද? අද දින සිට ලෝකයේ/ලංකාවේ සියළුම ගැහැණුන් හා පිරිමින් සමලිංගිකයන් බවට පත්වුවහොත් හෙට දින සිට සමලිංගිකයින් හට උපත දෙන්නේ කවුද?

මිනිසාගේ ආයුකාලය දශක කිහිපයක් වන විට මනුෂ්‍ය සංහතියේ වයස වසර මිලියන ගණනකි. ලෝකයේ හරි අඩක් සමලිංගිකයන් වුවහොත් හෙට දින සිට මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගෙනයාමට දායක වනු ඇත්තේ ලෝක ජනගහනයෙන් හරි අඩකි. ඉන් උපදින දරුවන්ගෙන් ද හරි අඩක් ද සමලිංගිකයින් නම්, තව සියවස් කිහිපයකින් ඔබ කියවන පොත් ලියන, බටහිරයන් පවා මිහිමතින් තුරන් වී ගොසින්‍ ය. වෙනත් සතුන් කොටසක් මිහිමත ආධිපත්‍යය දරනු ඇත.

සමලිංගිකයන් වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. එයට විසඳුමක් දීමට ඔබට හැකි ද? එනිසා "In fact, reproduction is NOT the only biological intention of even heterosexuality" වැනි වාක්‍ය ඇදබෑම අසිහියෙන් දෙඩීමකි.

ගැටළුව කෙලවර කොතනද යන්න වේ.

නිරුවත්කොට, කටට ඇපල් ගෙඩියකුයි පස්සපැත්තට කැරට් අලයකුයි ඔබා අතපය හම් පටිවලින් ගැටගසා කසයකින් තලන විට (fetish and/or bondage) ස්වභාවික සංසර්ගයක දී මෙන් කූටප්‍රාප්තියට පැමිනෙන්නන් බටහිරයේ සිටින නිසා එවැනි දෑ ද ඔබගේ වටිනා න්‍යායයන් මගින් පහදා දිය හැකිය.

එමෙන්ම මැහැල්ලන්ගේ ලිංගිකත්වය මානසික රෝගින්ට අලෙවිකිරීමට න්‍යායයන් තනා වෙළඳාම් කරන්නන් ලියන පොත් වල ඇති "Almost Nirvana" සංකල්ප හැබෑ ලෝකයාට ඈඳන්නන්ගේ ක්‍රියාවන් බලාගැනීමට අවශ්‍යනම් Granny Sex/Pedarasty වැනි පද සොයන්න. එමෙන්ම ඔබ කියනා ආකාරය අනුව ජාත්‍යාන්තර බාලාපචාරින්ගේ දිනය ද සාධාරණිකරනය කල හැක.

කරුනු මෙසේ හෙයින් කෙලවර කොතැනද යන්න ගැන සැක මතුවේ. බොහොම පොඩි උදාහරණයක් ගනිමු. හිසේ රුදාවට 1. පැනඩෝල් පෙත්තක් ගෙන වේදනාව වසා ගැනීම 2. හේතුව සොයා ස්ථීර විසඳුමක් සෙවීම යන විකල්ප පවතී. බටහිරයේ සිදුවන්නේ සමාජයේ මතුවෙන විකෘති තා වලට පැනඩෝල් දීම වේ. එනම් න්‍යායයන්/සංකල්ප ගොඩනංවා විකෘතීන් සාධාරණීකරණය කිරීම වේ.
මෙතැනදී පැන නැගෙන සාධාරණ පරස්පරය නම් කොතරම් දුරකට මෙයට ඉඩදිය යුතු ද යන්නය. ස්වභාවය නිරීක්ෂණය කොට හැකි තරම් ඊට එකඟව යන සමාජ සංස්ථාවක් ගොඩනැගීම තුලින් මෙයට විසඳුමක් සෙවිය හැකි බව දැනසිටියෝ අපගේ ආදිතමයින්‍ ය.

කලු සහ සුදූ ලෙස සිතිය හැක. කලු සුදු අතර අළු පාට ද ඇතැයි ද සිතිය හැක. කලුත් නොවේ සුදුත් නොවේ යනුවෙන් ද සිතිය හැක.

ලිංගිකත්වය වෙළඳාම් කිරීම


සමලිංගිකයින් වෙනුවෙන්ම වෙළඳ පොළට ඉදිරිපත් කෙරෙන ඇඳුම්, ආලේපන, ශරීරයේ රෝම
ඉවත් කිරීමේ ක්‍රම, සමාජ ශාලා හා බැඳුනු රාත්‍රී ජීවිතය, කෘතීම ලිංගික අවයව වෙළඳාම
ආදිය.විකෘති මානසිකයන්ට අලෙවි කෙරෙන කෘතිම ස්ත්‍රී ලිංගේන්ද්‍ර, පුරුෂ ලිංගේන්ද්‍ර,
dildo, ස්ත්‍රී බෝනික්කන් ආදිය

වෛද්‍ය විද්‍යාවේ දියනුව නිසා මිනිස් ආයුෂකාලය බෙහෙවින් දිගු වී ඇති බටහිරයේ ඉපදුන ජොන්සන් ගේ වයස අවුරුදු 78 කි. අදින් අවුරුදු 78 කට පෙර ජොන්සන් මෙලොව එලිය දැකින විට කොකාකෝලා බීම වෙළඳපොලට විත් අවුරුදු 44 කි. ඔහුට කොකාකෝලා හා බැඳුනු වෙළඳ උපක්‍රම, සමාජ ආකල්ප, සංකල්ප,න්‍යාය ආදි මෙකි නොකී සියලුම දේ ද ඔහු ගේ පරිසරය විය. මන්ද එකල සිටි ගායකයන් නළුවන් ආදිය උපයෝගි කොට සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය වෙළෙන්දෝ ජොන්සන්ගේ කැමැත්ත මිලදී ගෙන ඇත. ඉතින් මේ බටහිරයේ සිටින මහල්ලාට සතිපට්ටානය කියා දෙනවාට වඩා පාට පාට ලොසිංජර විකිනීම තම බඩගෝස්තරය හරි කරගැනීමේ මග ලෙස දුටුවෝ හදන න්‍යාය ගිරවුන් මෙන් දෙසාබන්නන් මා ලිංමැඩියෙකු ලෙස දැකීම පුදුමයක් නොවේ.

නාගරික ජීවිතයේ දී රැලේ නායකයාගේ චරිතය රඟපාන්නේ කවුද? වඩාත්ම වැඩියෙන් වියදම් කරන, වටිනා ඇඳුම් අදින පුද්ගලයින් ය. මෙය තම සමාජ ජීවිතයේ උස්පහත් කම් ලෝකයාට කියා පා තමාට හිමි තැනට හෝ වඩා උසස් තැනකට කරන අරගලයකි. මෙම තත්වය වඩා හොඳින් තේරුම් ගත්තෝ වෙළෙන්දන්‍ ය. මෙයට සමාජය දැක්වූ ප්‍රතිරෝධය නිෂේධනය කිරීම සඳහා තනන ලද අලුත් න්‍යායයක් නම් මෙට්‍රොසෙක්ෂුඅල් වේ. මෙම නවීන පැලැන්තිය කොතරම් වෙළන්දන්ගේ මනදොල පිනවන්නේද යත්, වෙළඳපොල සමීක්ෂකයින්ට අනුව පුරුෂ රූපලාවන්‍යාය වෙළඳපොල (ඇ.එ.ජ හා යුරෝපීය) 2003 වසරේදී යුරෝ බිලියන 20.3 සිට 2008 වසර වන විට යුරෝ බිලියන 24 ක් දක්වා වර්ධනය ක් අපේක්ෂා කෙරේ.

මෙම මෙට්‍රොසෙක්ෂුඅල් වචනයේ නිර්මාතෘ ගේ ඇසින්, මොවුන්,

"Metrosexual man, the single young man with a high disposable income, living or working in the city is perhaps the most promising consumer market of the decade" - Mark Simpson

ඉතාම කූට වෙලෙන්දා ගේ දක්ෂ කම නම් වෙළඳ නියෝජිතයන් වෙළඳාම් කිරීමයි. එනම් මෙම නියෝජිතයින්වද බිලිබාගෙන ඇත්තේ ඔවුන්ටත් හොරාය. (උදාහරණ ලෙස ඇන්ලීන් කිරිපිටි අලෙවියට්ට නානාප්‍රකාර දේශණ පැවැත්වූවෝ අපගේ වෛද්‍ය වරුන්‍ ය). ප්‍රතිඵලය නම් ලිංමැඩියන්ට කොටන ගිරවුන් බිහි වීමයි. මොවුන් ගිරවුන් නොව ගිරා පෝතකයින් ය.

42 comments:

නාමල් උඩලමත්ත said...

16 වන සියවස විසූ ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංගිරිසි පඬිවරයා කීවේ දැනුම බලය බව ය. එය ඇත්තකි. අප මත පැටැවූ බටහිර බලය මුළුමනින් මැ නඩත්තු වන්නේ ඔවුන්ගේ දැනුම මත යැ. එහෙයින් බටහිර ආධිප්‍යයෙන් ගැළවිය හැකි එක ම මග අපේ ම දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීම ය. එය පිහිටුවිය යුත්තේ අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය මත යැ.
එහෙයින් සුද්දාගේ පොත් පෙරලීම නවතා වහ වහා දැනුම උපදවව්!!!
ඔබ ගත් මග කදිම යැ. ජාතියේ නිදහස වෙනුවෙන් මෙළැවෙන ගිනි පුපුරු ඒ මැදින් මම දකිමි. චිරං ජයතු සකිසඳ!!!

Anonymous said...

Are you so afraid of debating with me?

Anonymous said...

Fear of arguing with those who do not share the narrow-minded 'lin medi' thinking of their is typical for Nalin De Silva and his golayaas.

This blogger too belongs to that crowd. When he cannot argue, he just removes my posts or blocks them.

So there is no point of debating here.

If there is any unbiased space where coments are not edtied nor blocked I might contribute to the debate.

ඔහේ said...

අරවින්ද,
කරුණාකර සිංහලෙන් පමණක් ලියන්න. සිංහලෙන් නොලියවෙන සෑම ප්‍රතිචාරයක් ම මෙයින් පසුව කුණුකූඩයට දමමි.

ඔබගේ ඉහත ප්‍රතිචාර මකා නොදැමීමට හේතුව මෙසේයි.
ඔබ විසින් නැවත නැවතත් කියන්නේ මා ඔබගේ වාදය මග හැර යන බවයි. මෙයට හේතුව කුමක් ද? ඔබගේ පැණයන්ට ඉහත දක්වා ඇති පිළිතුරු නොගැලපේද? ඔබගේ මෙම බොළඳ කතාවෙන් ඔබ බලාපොරොත්තුවන දේ කුමක් ද?

එය ම විසින්ම ඔබට කීයමි.
ඔබ විසින් මාගේ තර්කයට අදාල ව ප්‍රතිතර්කයක් ගෙන ඒමට පැහැදිලිවම අපොහොසත් විය. තව ද මෙම ලිපියෙන් මා ඔබට යොමුකොට ඇති ප්‍රශ්ණයට විසඳුමක් ද සැපයීමට ඔබ අපොහොසත් ය. නැවත අසමි.

"සමලිංගිකයන් වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. එයට විසඳුමක් දීමට ඔබට හැකි ද?"

පිළිතුර කුමක් ද? ඔබ හට ඉහත තර්කය බිඳිය හැකිද ? නොහැක.

තවද ඔබගේ බොළඳත්වයට අනුකම්පාකොට මෙය ද කියමි. ඔබගේ යම් ප්‍රතිචාරයක් මා මකා දැමුවේ එය නැවත නැවත ඔබ විසින් යොමුකොට තිබීම නිසා වේ. තවද එම ප්‍රතිචාර ඔබ ඉහත ද දක්වා ඇතිවා මිස නව ප්‍රතිචාර නොවීම නිසා ද වේ. ඉවත් කරන ලද එක් ප්‍රතිචාරයක ඔබ විසින් ඉංගිරිසියෙන් විවාදයකට මා හට අභියෝගකොට ඇතත්, මෙම බ්ලොගය සිංහලෙන් පමණක් පවත්වා ගැනීමට මා අදහස් කරන නිසා ඔබ ගේ අදහස් සිංහලෙන් යොමුකරන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද ඔබ විසින් කියනා පරිදි සිංහල භාෂාව තවමත් පවතින්නේ අසංවර්ධිත මට්ටම්ක යැයි උපකල්පනය කලහොත් සිංහලෙන් මෙම විවාදය පැවැත්වීම ම අපගේ භාෂාවේ සංවර්ධනය ට හේතු වේ. එසේ නම් අප අපගේ භාෂාවට හිතැතිව සිංහලෙන් මෙම විවාදය පවත්වමු.

අඳුරේ සිට අඳුරට නොබැන පහනක් දැල්වීමේ අවස්ථාව අප ඉදිරියෙහි ඇත.

Anonymous said...

I have no intention of wasting my time on arguing in a primitive language, that too on a site which my comments are deleted and blocked.

I will never come down to argue in such primitive languages. Sorry.

Why I repeated my questions because there were never answered.

You have deleted them because you cant respond. You never can, man. I challenge you. You can never debate with me – because you are too uneducated for that.

Finally neither Sinhala language nor Sinhala culture will be advanced till we have modayass like you and Nalin De Silva preventing such developments.

If you have a spine publish this.

Anonymous said...

For the readers,

It is misleading that this man has answered any of my questions. (as he says in the title) Those were not my questions.

He promptly deletes my questions and then blocks any questions I ask directly and indirectly (Forcing me to respond in a primitive labguage)

So you can understand the level of freedom of ideas this type of people entertain.

Basically their ideology is "If you agree with us or we will kill you"

I have so far expressed my opinion just to record my voice and not to get some useless debate with this modaya.

Now this spineless modaya will remove this post too. He does not have guts to keep it.

ඔහේ said...

මාගේ මෝඩ කම පෙන්වීම සඳහා ඔබගේ ඉහත ප්‍රතිචාර ඉවත් නොකරමි.

Anonymous said...

බර කතාවක්,
මේ ලින්ක් එක චෙක් කරලා බලන්න, කාර් එකක සයිලන්සර් එකත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න ලියපු මෙතඩ් එකක් මේක. sorry about my singlish words.....
http://www.textfiles.com/sex/sex-cars.faq

Wiz Kun said...

සංස්කෘතිය තවදුරටත් මුලු සමාජයක් වශයෙන්ම දැකිය හැකි ලක්ශණයක් පමණක් නොව පෞද්ගලික කැමැත්ත මත තෝරාගත හැකි "elective" එකක් බවට පත් වෙමින් තියනවා. මීට හේතු වෙන්නේ ගෝලීයකරනය ඔස්සේ ලෝකය පුරා සන්නිවේදනය වේගවත් වීමයි. ඔබ බටහිර සංස්කෘතිය අපේ රටට එනවාට බයයි වගේ බටහිර සමහරුන් පෙරදිග සංස්කෘතිය බටහිරට එනවාට බයයි. අද ලෝකය පුරා සංස්කෘතීන් එකට මිශ්‍ර වෙමින් පවතිනවා. හැමදාම එකම විදියට ඉඳලා "boring" වෙන අයට අලුත් විදිහකට ජීවන රටාව "life style" වෙනස් කරන එක හරියට කොන්ඩා මෝස්තරය හෝ ඇඳුම් මෝස්තරය වෙනස් කරනවා වගේනෙ.

මිනිසුන් අතර පමනක් නොවේ සත්ව ලෝකයේත් සමලිංගිකයින් මෙන්ම ස්වයංවින්දනයේ යෙදෙන්නන්ද දක්නට ලැබෙනවා. කෙනෙක් ගේ දෘශ්ටි කෝනයකට අනුව වැරදි වුවත් එය ඔවුන්ගේ පෞද්ගලික කැමැත්තනේ.

එක් විශ්වාස පද්ධතියක සිටින පිරිසක් තවත් විශ්වාස පද්ධතියක සිටින පිරිසකගේ හැසිරීම මර්ධනය කිරීමට ක්‍රියා කිරීම "intolerance" කොහෙත්ම හොඳ දෙයක් නොවේ.

ඔහේ said...

ගෝලියකරණය ඔස්සේ සිදුවන සංස්කෘතික කැළඹීම් ගැන
http://sanhindha.blogspot.com/2008/04/blog-post.html
http://sanhindha.blogspot.com/2008/04/blog-post_08.html

ඔහේ said...

විශ්ව,
ව්‍යාවස්ථාවේ සිතීමේ නිදහස ඇතැයි කියා ඇතත්, සිතීමේ නිදහස සීමාකරන කරුණු වලට විරුද්ධත්වයක් ඇති බවක් නොකියවේ. දුම්වැටි නිපදවන්නන්ගේ වෙළඳපොල සුරක්ෂිත කරන දුම්වැටිය කටේ ගසාගත් "elective" වර්ගයේ තරුණයන් බිහිකරන ගෝලීයකරණය ඔස්සේ පරිගණකයේ කොළොම් තොටට සේන්දුවන නවරැල්ලේ මතවාද ගැන ඔබට යමක් කිව හැකිද? පිළිකා, හදවත් රෝග ඇති කරන රටක ආර්ථිකයට බරක් වෙන ලෙඩුන් බිහිකරන මෙවැනි සංස්කෘතික රටා පැහැදිලි කල හැක්කේ කුමන න්‍යායකින්ද?

Wiz Kun said...

හරි, ඔබ කියන කතාවේත් ලොකු ඇත්තක් තියනවා, ඒත් මට පේන්නේ ඒක ටිකක් විතර "අන්තවාදීයි" කියලා. මම කතා කරන්නේ මැද මාවත ගැන. "Tolerance" කියන්නේ මම අගය කරන සහ බලාපොරොත්තු වන දෙයක්.

දුම්වැටිය කියන්නේ අපේ සමාජයෙන් වේගයෙන් ඉවත් වෙමින් පවතින දෙයක්. මෙසේදුම් වැටිය හැලී යාමට ප්‍රධාන හේතුවක් තමයි එහි ඇති සෞඛ්‍යට හානිකර බව ගැන ජනතාව දැනුවත් වීම.

++
http://sanhindha.blogspot.com/2008/04/blog-post.html
http://sanhindha.blogspot.com/2008/04/blog-post_08.html
++

ඔහේ said...

විශ්ව, ඔබ සත්ව කරුණාවෙන් යුතුව සිංහයෙකුගෙ හිස අතගා සුරතල් කිරීමට ගියහොත් කුමක් සිදුවිය හැකිද?

Anonymous said...

අරවින්ද වෙත,

කරුණාකර සිංහලයෙන් තර්ක ගොඩ නැගීමට නොහැකියාව ඇත්තේ කුමන තැන දැයි පහදා දෙනවාද?
මට පෙනෙන ආකාරයට ඔබට වර්තමානයේ ඔබ භාවිත කරන බස සංනිවේදන මෙවලමකට වඩා තම තත්වය නිරූපණය (?) කරන්නට උපයෝගී කරගන්නා දේවත්තවයෙන් පුදන දෙයක් බවට පත් වී ඇති හැඩයි. නලින් ට කලින් ඕනෑ තරම් අන්තවාදීන් සිටින බවත් මතක තියාගන්න. සංවාදයක් තුල සන්දර්භයට අදාව කරුණු මෙහෙයවනවානම් ඉතා හොඳ බව වටහා ගන්න. නැතිනම් ඔබ කියන්නෙ කුමක්ද යන්න අපට පැහැදිලි නෑ. එය සිංහල බාසාවේ නොව ඔබේ වැරැද්දක් බව වටහා ගන්නට හැකිවේවා.

Anonymous said...

මම කලින් ලියපු කමෙන්ට් එක මකලා දැම්මෙ ඇයි?

ඔහේ said...

ඉංගිරිසි වචන සිංහලෙන් නොලියා සිංහල වචන සිංහලෙන් ලියන්න.

Anonymous said...

ලිංගිකත්වය පිළිබදදව කාරණාව තුල සවකීය කැමැත්ත යම් තරමකය විදහා දැක්වේ. නමුත් සම ලිංගිකයින් සිටි පමනින් සියලුම දෙනා එයට නැඹුරඋ වන්නේ නැත. බටහිර සමාජ ගත වන යම් යම් දේවල් "ඔහේ" ගේ ලිපිය තුල සඳහන් කර ඇති ආකාරයට කිසිම සමාජයක් , සංස්කෘතියක් ඇතුලත පිළිගැනීමට නොහැක. (ඉන්දියාවේ සති පූජාව, ගැහැණු කළල ගබ්සාව ආදී දේ ගැන මෙන්). නමුත් මෙම සංවාදයේ ඉදිරි ගමන ලාංකේය සමාජය තුල ලිංගික පීඩනයේ ස්වරූපය පිළිබඳව අධ්‍යනයට යොමු විය යුතු යැයි යෝජනා කරමි.

Anonymous said...

අරවින්ද වෙත , සරලම උදාහරණයක් දෙමි. ඉංග්‍රීසිය ගතහොත් you පමණයි. නමුත් සිංහලයේ ඔබ , යකෝ,උඹ , තෝ ආදී ලෙස වචන කීයක් නම් ඇතිද?භාේාව දියුණු කිරීමට එය භාවිත කරන්න. නැතිව එය හැසීරවීමට අකමැති බව දන්වන්න

ඔහේ said...

වරුණ, අරවින්දගේ ගැටළුව භාෂාව නොවේ. ඔබ ද දක්වා ඇති පරිදි මාතෘකාවට අදාලව තර්කය ගොඩනැගීමේ ඇති නොහැකියා ව වේ.
එමෙන්ම, අරවින්ද කියන්නාක් මෙන් ඔහුගේ ප්‍රතිචාර මා අවිධිමත් ලෙස ඉවත් නොකලෙමි.

Sam said...

"සමලිංගිකයන් වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. එයට විසඳුමක් දීමට ඔබට හැකි ද?"

අගනා කතවකී. මටත් හූමිටියක් දාන්න අවසර. සමලිංගිකයන් පමනක් නොව, ලමයි නැති පවුලුත්, තනි ලමයේක් හෝ ලමයි දෙන්නේක් පමනක් ඇති පවුලුත් මෙම තර්කයට අදාලය. ඔය සියලුදෙනාම බටහිර නිදහස් චින්තනය පස්සේ යන හැලපයෝය. උන්ට අපේ දෙවියන්ගේ උවවාදගැන තඹ සතයකවක් වටිනාකමක් නැත. දැන් බලන්න බටහිර රටවල සමලිංගික හැලපයන් සහ නිදහස් ච්න්තකයන්යැයි කියාගන්නා උඩුගුවන් අපේ දෙවියන් අමතක කර නොසන්ඩාල අනේක් ආගම් වලට බැදෙන රටාව. උන් රොතුපිටින් ඔය නොසන්ඩාල බෞධද ආගම වැලදගන්නා හැටි. උන්ට ඒලවා ඒලාවා පොලුපහර ගැසිය යුතුය. ඕහේ අපේ ශුදධවූ දෙවියන් වහන්සේගේ අදහස් වෙනුවෙන් කතා කීරීම ගැන අපි සැමට මහගු අඩම්බරයකි. ඔබට ශුද්ධවූ අල්ලා දෙවියන්වහන්සේ ආශිරිවාද කරත්වා.

ඕහේ, ඉංගිරිසියේන් වචන ලියන උත්තර මැකීම බොහොම අගෙයී. නාමල් උඩලමත්ත , ෆ්රැන්සිස් බේකන් කියන ඉංගිරිසි හැලපයෙගේ පොත පෙරලා තියනවා. හරිම කැතයී. ඒකත් මකන්න. අපි ඕක්කම ඒකතු වෙලා, දෙමු බටහිරට බැටේ.

Sam said...

මට එකක් කියන්න අමතක උනා නොවැ. ඔය ලමයි වදන්න බැරි කාලකන්නි බටහිර ගැතියන් පමනක් නොවේයි, ලමයි නැති, කාසාද බදින්නේ නැති මහනුනුත් ඔයිට අදාලයි නොවැ. ඔය මහනුන් වර්ගයා වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. ඔහේගෙයි අපේයි, දෙවියන් වහන්සේ, සියලුදෙනාටම කසාද බැදලා ලමයි වදන්න කීවේ ඒනිසායී. කොහේයී, ඔය නොසන්ඩාල ආගම්වලට ඕවා තේරෙනෙවායැ.
ඕහේට දෙවියන්වහන්සේගේම පිහිටයී

ඔහේ said...

sam,
පැවිදි සහ ගිහි යනුවෙන් ආකාර දෙකක්, රටා දෙකක් දොඩන ලද්දේ එනිසාමය.
නොදන්නාකම අනුන්ට ගැරහීමේ අවියක් කරගැනීම නිවටයන්ගේ ලකුණක්මැය.

Sam said...

ගිහි පැවදි දෙකමයැ. සමලිංගික බහුලිංගික දෙකමයැ. රටා දෙකමයැ. ආකාර දෙකමයැ. ඒයට දෙකනම්, මෙයටත් දෙකමයැ. ඔබ හා මම සපුරා ඒකගය.

දෙවියන්වහන්සේගේ අවවාද පතුරනා ඔබ අගනේය. ආඩම්බරය. වරිගායා බෝනොකරන සියලුදෙනා වැරදිකාරයෝය. ඔවුන් කවදාහරි දවසක මනුස්ස සංහතිය නැති කර දමයී.

ඔබ සමග මම සපුරා ඒකගය. රොතු පිටින් බටහිර රටවල සමලින්ගිකයන් නිදහස්යැයි නිදහස්යැයි කියා, දේව වචනය අමතක කර ඔය අසම්ජ්ජාති ආගම් අදහන්නේ ඒනිසාය. සියලුදෙනාටම සමානව සලකන්න කියන ඔය පාදඩ ආගම්, සමලිංගියන්ට කිසිම වරදක් කියන්නේ නැත. නමුත් අපේ දේවියන් කියා තියෙන්නේ උන්ට දුටු තැන පොලු පහර ගසන්න කියලාය. ඕහේලා ඒසේ කොරනකල මට මහා ආඩම්බරය.

ඔහේ said...

සෑම් නොහොත් අරවින්ද,
ගිහි පැවදි දෙඅකාරය මත පිහිටා සමලිංගික බහුලිංගික මතය මාගේ මතයක් ලෙස පෙන්වීමට දඟලන්නේ ඇයිද?

Wiz Kun said...

ජනගහන අර්බුදයට හොඳම විසඳුම මේකනේ!

Sam said...

ඕහේ නොහොත් මොහීදීන්,

අනේ නැහැ. ඔය කී දෙවල් ඔහේගේ මතවාද නෙවෙයී. ඕවා අපේ ශුද්දවූ පොතේ පැහැදිලිවට ලියාලා තියන දේවල්නේ. ගැනු එක්ක බුදියන්නේ නැති, ඇති පදමට ලමයී වදන්නේ නැති, ඔය ඔක්කොම මනුස්ස සංහතිය විනාසා කොරලා දමයී. ඔහේ උන්ට පොලු පහර දෙනකොට මට හරිම ආශීක්. ලංකාවේ උදවියත් බෞධදයි බෞධදයි කියලා, අපේ දෙවියන්ගේ මතවාද අගය කොරන ඒක ආශීක්. මට පෙන්නන බැරී එකම දේ, ඔය බටහිර සමලිංගික හැත්ත දැන් නිදහස්යැයී නිදහස්යැයී කියලා, සංගයක් නැති බෞධද ආගම පස්සේ යන ඒකය. උන්ගේ ලයීස්තුවක් මම ඉස්සල්ලා ලියලා තියනවා. [http://unprotectedthoughts.com/2007/02/famous-buddhists.cfm]

ඔය ඔක්කොම ගෝලියකරනයේ විපාක. අපි ඔය බටහිර රැල්ලට අහුවෙන්න හොද නැහැ. ඔහේට කියන්න මේ, මිනිසාගේ ආයුකාලය දශක කිහිපයක් වන විට මනුෂ්‍ය සංහතියේ වයස වසර මිලියන ගණනකි. ලෝකයේ හරි අඩක් මහන වුවහොත් හෙට දින සිට මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගෙනයාමට දායක වනු ඇත්තේ ලෝක ජනගහනයෙන් හරි අඩකි. ඉන් උපදින දරුවන්ගෙන් ද හරි අඩක් ද මහනුන් නම්, තව සියවස් කිහිපයකින් ඔබ කියවන පොත් ලියන, බටහිරයන් පවා මිහිමතින් තුරන් වී ගොසින්‍ ය. කොහෙද ඉතින්, බටහිර හැත්තට ඕවා තේරෙනවයැ.

නාමල් උඩලමත්ත said...

තර්කය නිර්මල උපකරණයක් නොවේ. තර්තයට පිවිසෙන්නාගේ එකම අරමුණ ජයග්‍රශණය මිස යථාව තේරුම් ගැනී‍ම නොවේ. එහෙයින් ලොව්තුරා බුදු සමිඳාණෝ තර්නය බැහැර කළේ ය.කාල් මාක්ස් වරක් කීවේ කර්කය යථාවෙහි පරම ප්‍රතිපක්ෂය බව ය. දිගින් දිගට ම අන් මතවලට කන් නොදි තර්කය අවියක් කොට සතර අත වැනීමෙන් පසක් කරන්නේ එම සත්‍යය නොවෙ ද?
අප පවසන්නේ බටහිර සියල්ල විසි කොට වල්මත් වීමක් නොවේ. ගෝලීයකරණය විශ්ව ගම්මානය ආදි සුන්දර බහාලුම්වල බහා අප වෙත මුදා හරින විෂබීජ හරණය කොට ගත යුත්ත පමණක් ගත යුතු බව ය. සතර අතින් එන සුළඟට ඔබේ නිවසේ දොරගුළු හැර තබන්න.එහෙත් ගෙයි ඇති වටිණා දෑ ඒ සුළඝට ගසා ගෙන යාමට ඉඩ නොතබන්නැයි වරක් මහත්මා ගාන්ධි පැවසුවේ ඒ අර්ථයෙන් මිස හුදු බටහිර විරෝදයකට නොවේ.
පිට රට දේ සිරි සැප දේ යයි සිතෙන්නේ 500 වසරක යටත්විජිත පාලනයේ සහ අනතුරුව ගෙවී ගිය අවිචාරවත් පාලනයේ ආනුභාවය නිසා බවය මගේ හැඟීම. මේ හීනමානයෙන් අප පෙළෙන තුරු අපට නිවනක් නැත. වරක් සමාජවාදයේ අන්තයට රට ඇද ගෙන ගිය නායකයෝ වසර කිහිපයකින් ධනවාදයේ මකර කටට රට ඇද දැමූහ. අපි තවමත් ඒ නරා වළේ පැසෙමින් සිටිමු. සුද්දාගේ දැනුම අත්හදා බලන්ට භාවිත කරන විද්‍යාගාර මීයකුගේ තත්ත්වයට අපේ රට පත්ව ඇත.
ජාතික චින්තනය යනු මේ අන්තවාද දෙක අතර මැද මාවත ය. අප යා යුත්තේ ඒ ඔස්සේ ය. අපට අමරිකාව හෝ යුරෝපය ගහන පදයට නැතිනම් ඉරානය ගහන පදයට නැටීමේ අවශ්‍යතාවක් නැත. එමෙන් ම බටහිර දැනුමේ රූකඩ බවට පත්වීමේ උවමනාවක් ද නැත. එසේ සිතූ ජාතීන් කෙමෙන් කෙමෙන් සිය නිදහස සොයා ඇදෙන රුවන් එළි ඇමරිකාවේ පිළිකන්නෙ‍් පිහිටි ලතින් අමරිකාව දෙසින් පෙනේ.
"බල සුබ නිමිති පෙර මග ලකුණටත් වැඩි"

ඔහේ said...

අරවින්ද නමින් පෙනී සිටින සෑම් හට,

නිවටය, තොප කියනාකාරයේ දියුණු භාෂා විවරණ ලොවට දායෑදුවෝ ඊට හිතැත්තන් මිස අන් කිසිවකු නොවේ. තොප වැනි නිවටයින් සැමදා අන් දැනුම කුලියට ගත් ගිරා පෝතකයින් ලෙස නන් දොඩනවා මිස (ඉන් ද යහපතක් සිදුවේ) කල හරියක් නොමැත.
ප්‍රංශයේ දී, පමණ ඉක්මවා ඉංගිරිසිය දෙසන්නන් අත් අඩංගුවට ගැනීමේ නීතියක් ඇත. තොප වැනි නිවටයෙකු, හෙට දින ප්‍රංශ බස ලොව දියණු බස යැයි කියා තර්කයට එක් වුව හොත් මා තොපට පිළිතුරු දීමට එබස ඉගෙනිය යුතු.

නිවටය,
තොපගේ බාහු සවිමත් නොවේ නම්, සටනකට, එයට පිළියම් යොදනු වින, පිටස්තරයින්ගේ වැරබළය අපට දෙසාබෑමේ ඵල කිම?.
තොපගේ පිට කොන්ද කෙළින් තබා ගෙන නිවට නොවී දෙසට බසට යෙහෙක් කරව!

Wiz Kun said...

අපේ පුංචි රට ඔරොත්තු දීමේ හැකියාව අතින් ඉතා ඉහලය. බොහෝ දෙනාට තේරෙන වචනයකින් කිවහොත් Resilient ය. මේ බවට බොහෝ හේතු සාධක ඉදිරිපත් කල හැක.

1) අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර බොහෝ කාලයක් පෘතුගීසි සහ ලංදේසීන් සමඟ යුද්ධ කර ඇත. ඒ කාලයේ අපේ තුවක්කු ඉංග්‍රීසි තුවක්කු වලට වඩා හොඳයැයි කීවේ ඉංග්‍රීසි සෙන්පතියෙක්මය. ඊට පෙර බලවත් ජාතීන් දෙකක් සමඟ යුද්ධ කර හෙම්බත් වී නොතිබුනානම් ඉංග්‍රීසීන්ට පෙරලා පහරදී එංගලන්තයද යටත් කරගැනීමට අපට ඉඩ තිබුනා යැයි මා සිතමි.

2) මතක ඇති කාලයක් තිස්සේ දරුණු යුධ ගැටුම් වලට බොහෝ වියදම් කරමින් පවා අපේ රට තුන් වන ලෝකයේ මට්ටමින් ඉහලට ඒමට හැකියාව තිබෙනවානම් මේ කාලකන්නි යුද්ධය නැතිව අපට කොපමන දියුනු වෙන්නට තිබුනාද.

3) සුනමි ඇති වූ අවස්ථාවේ අපේ රටේම සහන සේවා මගින් විපතට පත් ජනතාව නැවත නගාසිටුවීම මුලු ලෝකයම මවිතයට පත් කල බව අමතකද.

... ටිකක් හිතන්න .

Wiz Kun said...
This comment has been removed by a blog administrator.
Sam said...

ඕහේ මට අරවින්දයැයී කියා මඩ ගෝනි පිටින් ගැසුවාට, මම ඔහේට එහෙම මඩ ගසා, අපහාස කොර, කතාවෙන් පිට පනින්න හදන්නේ නැත. මා එසේ නොකරන්නේ, ඔබ එසේ කරන හේතුව නිසාමය. හේතුවනම්, මාගේ දෙමාපියෝ මා හැදූ වැඩූ ආකාරයය. මා කී කාරනා ගැන කතා කරන්න ඕනැනම්, මොහීදීන් සමග නොව අබරං සමග වුව මම කතා කරමි. එසේ නැතීව මඩ ප්රහාර ඒල්ලා කිරීම බොහෝම කැතය. අසංවරය. අවසීලය. නමුත්, මට ඔබ සමග තරහක් නැත.

බුදහගම හෝ ඔබේ ආගම ගැන හෝ ලංකාවේ සංස්කෘතිය ගැන කතා කොරන්න ඔනැනම්, ඒ ගැන කතා කොරමු. කොහෙවත් නැති ප්රංශයක් ගැන මම දන්නේ නැත. මා ඔබ වාගේ ප්රංශයට ගොස් නැත. මට ඔබට වාගේ, ප්රන්ශය ගැන කැක්කුමක් නැත. සමාව අවසර. මා කීදේට උත්තර දෙනු මිස, වෙන උදවිය කිදේට උත්තර දීමට මට නොහැකිය.

නාමල්,
මම කොයි කලකවත් බටහිර දේ විසි කොරන්නවත්, වද්දා ගන්නවත් කීවේ නැත. අනුන්ට කරනා දේ කීම මට අදාල දෙයක් නොවේ.
මා තර්ක කොර නැත. තර්ක කොරේ ඔබලාය. බටහිර ගැන කතා කීරීමට පෙර, පෙර දිග ගැන තව දුරටත් ඉගනා ගන්නා ලෙස මම යෝජනා කරමි.

සමලිංගිකයන්ට පොලු පහර ගැසීම් අබරංගේ ආගම්වල ප්රදාන කාරනයකී. (පරන, අලුත් ගිවිසුම් සහ කුරානය ). සමහරු, සැරියුත් මුගලන් යුවලත් මහන කමට පෙර සමලිංගිකයන් කියන්නේ හේතු ඇතුවය. (මා ඒ ගැන දන්නේත් නැත, මට වැඩකුත් නැත ). සමලිංගිකත්වය පෙරදිග රටවල කුනුහබ්බයක් වූයේ, කතෝලික ආගම සමගය. දැන් ලංකාවේ පිරිමිත්, බයිබලයේ තියානා ආකාරයට කොටට කොන්ඩය කපන්න ඕනේය.

සුද්දාට ඕනේ ඔහේලා වගේ උදවියය. ඔවුන්ගේ අවවාද අනුසාසනා, තමන්ගේ සන්ස්කෘතියේ කොටසක් කොරගෙන කැමොර දෙන උදවියය. සුද්දා, බෞද්ධ බෝතලයේ දා, කතෝලික කිරි ඕහේලාට පොවයී. ඕහේලත් රස කොර කොර වැස්සිගේ කීරි රසයී කියා කියා බොයී. සුද්දා දැනටමත් ලංකාවේ බුද්ධාගම කතොලික කර අවසන්ය. දෙවනුව බෞද්ධයා කතෝලික කිරීම බොහොම පහසුය.

Wiz Kun said...

සෑම් ගේ කතාවේත් (අන්තිම හරියේ) ඇත්තක් තියෙනවා.

ඔහේ said...

WIZ KUN, ඉල්ලීම පරිදි ප්‍රතිචාරය ඉවත් කරන ලදි.

ඔහේ said...

සෑම්,
ලිංගිකත්වයේ අරමුණ වර්ගයා බෝකිරීම නොව විනෝදය සඳහා නම්, පුරුෂ ශුක්‍රාණු තුල නව ජීවියෙක් බිහිකිරීමේ සම්පූර්ණ විස්තර සටහනක් අඩංගු වී ඇත්තේ ඇයි? ඒ වෙනුවට ප්‍රෝටීන පමණක් අඩංගු විය යුතුව තිබුනා නොවේද?
මෙය බටහිරටවත් අළුත්/පරණ ගිවිසුම් වලටවත්, අල්ලා දෙවියන්ටවත් අයිති නැත. මා විසින් අසන ලද්දේ විද්‍යාත්මක පැණයකි.
එකඟ නොවන්නේ මන්ද?

Sam said...

ලිංගිකත්වය තියෙන්නේ වරිගය බෝකීරීමට පමනක්වත්, විනෝදය සදහා පමනක්වත් කියා මා කියන්නේ නැත. කීවෙත් නැත. එය වරිගයා බෝකීරීම සදහා පමනක් නම්, මිනිසුන්නුත් වසරකට වරක් පමනක් රැලේ යා යුතුව තිබුනී. ගැබ්බර වීමට වඩාත් සුදුසු කාලයේ ශරීර සලකුනු ඇතිවි විරුද්ද පාරිශවය ආකර්ශ කරගත යුතුව තිබුනී. ගැබ්බර විය නොහැකී කාලයේදී, කාමයේ හැසීරීමේ හැකීයාව නැතිවයා යුතුව තිබිනී. ගැබ්බර වූ පසු, රති කෙලීයේ යෙදීමේ හැකීයාව නැතිවයා යුතුව තිබිනී. සංසර්ගයේ නොයෙලී, සුරාන්තනයට පත්වීමේ හැකීයාවක් නැති වී තිබිය යුතුය. අනෙත් සතුන්ට මෙන් මිනිසුන්ට එසේ වී නැත. මිනිස් ගැහැනු සතාට, ගැබ් ගැනීමේ හැකීයාව සම්පූර්නයෙන්ම නැතීවී ගිය පසුත් සංසර්ගයේ යෙදීය හැක. සංසර්ගයේ නොයෙදී සූරන්තනයට පත්විය හැක. ගැබ් ගැනීමට නොහැකී කාලයේදීත්, එකලෙස විරුද්ද පාර්ශවය ආකර්ශනය කීරීමේ සහ රති කෙලීයේ යෙදීමට හැකීය. සූරන්තනයට පත්වෙන එකම ගැහැනූ සතා මිනිස් ගැහනූ සතාය. එසේ වන්නේ මොකැයී කීයා ඩෙස්මන් මොරිස් පොත් ගනනාවක් ලියා ඇත. ලිංගිකත්වයේ අරමුනු ගනනාවක් විස්තර කර ඇත. ඒවා සිංහලයටත් පරිවර්තනය වී ඇත. වීද්යාතමක කරුනු කතා කීරීමට පෙර ඒවා කීයවීම යෙහෙකී.

නමුත්, බයීබලයට අදාලව, ලිංගිකත්වය තිබෙන්නේ වරීගයා බෝකීරීමට පමනී. එසේ නොමැතිව රති කෙලියේ යෙදීම බයානක පාපයකී. පෙරදිග රටවල ලිංගිකත්වය කුනුහරුපයක් ලෙස සැලකුවේ නැත, ලමයි වදන්න පමන්ක් තියනා දෙයක් ලෙස සලකා නැත. කන්ඩායම් පිටින් රති කෙලීයේ යෙදෙනා ආකාරය කාම සූත්රයේ අලංකාරව කීයා ඇත. එසේ කීයනා කල බටහිර උන්දලා කීවේ, ඇස් වසාගෙන එංගලන්තය ගැන සිහි කොරන්න කියලාය. නමුත් බයීබලය මේ පලාතට ආ පසූ, ඒ සියලු දේ වෙනස් විය. දැන් අපේ උන්දෙලාත් ලිංගිකත්වය කුනුහරුපයක් සේ දෙසා බාති.

අබරංගේ ආගම්වල නිවරදිව කාමයේ හැසිරීම අකුරෙන් අකුර විස්තර කරන කල, බුද්ධාගම කීවේ, කාමයේ වැරදිව හැසිරෙන්න එපා කීයා පමනී. ඔබේ සහකරු හෝ සහකරිය කරනවා දකින්න අකමැති දෙයක් කිරීම, වැරදීව කාමයේ හැසීරීම ලෙස, සංයුක්තික නිකායේ බුදුන් කියයී. එසේ නැතිව, රති කෙලියේ යෙදෙන්නේ ඉස්සරහද, පස්සේද, පිරිමින් සමගද, ගැහැනුන් සමගද, තනි පුද්ගල්යෙක් සමගද නැද්ද, ඉරිදාද සිකුරාදාද, කැරට් අල සමගද ඇපල් ගෙඩි සමගද, මුදලටද, පිනටද, කියා බුද්ධාගමේ කීයා නැත. එසේ කියන්නත් බැරිය.
ඒ ඒ කාරනා කෙසේ වෙතත්, ඕහේ මෙතුවක් කල් කීවේ විද්යාත්මක කරුනු නොවේය. බටහිර සහ පෙරදිග සන්කෘතිය පිලිබද කරුනුය. ලිංගිකත්වයේ විද්යත්මක හරය ගැන සංවාදය, බටහිර, පෙරදිග, ජාතික චින්තනය වගේ කරුනු නැතිව, විද්යාත්මක කාරනා වලින් පමනක් කතා කල යුතුය.
ඕහේගේ කාරනයට මම එකග නොවෙන්නේ, එම කාරනය අසම්පූරණ නිසාය. බත් කන්නේ බඩගින්නටය. සැබැය. බත් රසටය. එයත් සැබෑය.

Wiz Kun said...

අබරංගේ ආගමට වුනේත් ඊට පසු බලවත් වූ රෝම අධිරාජ්‍යයේ ආගමට අනුව වෙනස් වීමටයි. අන්තිමේදී එය වෙනස්ම ආගමක් බවට පත් වුනා. කොන්ඩය කොටට කැපීම එකතු වුනේත් මේ රෝම සංස්කෘතිය හරහාය. ඒවගේ තව බොහෝ දේ එකතු වී ඇත.

ලිංගිකත්වය යනු වෙනත් වචනයකින් කිවහොත් සශ්‍රීකත්වයයි. ජීවය බිහි වන්නේ එයිනි. එමනිසා එය පූජනීයයි. So mote it be!

පිරිමියෙක් ගැහැණියක් කෙරෙහි ආකර්ශනය වන්නේ ඔහුගේ පුරුශ ස්වාභාවය නිසාය. ගැහැණියක් පුරුශයෙකු කෙරෙහි ආකර්ශනය වන්නේද ඇයගේ ස්ත්‍රී ස්වාභාවය නිසාය. මෙය හරියට ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් කෙරෙහි ආකර්ශනය වන්නා සේය. ඒ වගේම ෆෝටෝන, නියුට්‍රෝන කියා ජාතිත් ඇති බව අමතක නොකල යුතුය.

ශරීරයෙන් පුරුශයෙකු වුවද ඇතුලාන්තයෙන් ස්ත්‍රී ස්වාභාවය වැඩි වූ විට ආකර්ශණය වන්නේ පුරුශයින් කෙරෙහිය. මෙය ශරීරය හෝ මනස තුල ඇති ස්වාභාවයක් මිස ගහලා හදන්න පුලුවන් ජාතියේ ප්‍රශ්නයක් නොවේ. මෙය තවමත් බෙහෙතක් සොයාගෙන නොමැති රෝගයක් ලෙසද දකින්නට පුලුවන්. ඒ එක් දෘශ්ටි කෝණයක්. නමුත් රෝගියාට ප්‍රතිකාර අවශ්‍ය නැතිනම් සහ ඒ රෝගයෙන් අනෙක් අයට ප්‍රශ්නයක් නැතිනම් මොකද...

ඔහේ said...

Sam,
"එය වරිගයා බෝකීරීම සදහා පමනක් නම්, මිනිසුන්නුත් වසරකට වරක් පමනක් රැලේ යා යුතුව තිබුනී"
මොනරුන් මත්සයින් ගොළුබෙල්ලන් ආදී සතුන් ගේ ලිංගික චර්‍යාවන් ගැන ඔබ හට කීමට අනවශ්‍ය බව සිතමි.

Wiz Kun,
ලිංගික චර්‍යාව යන්න හුදෙක් සොබාදහම වේ නම්, එය පූජනීය වන්නේ කෙසේද?

Wiz Kun said...

පරිණාමය සිදු වන්නේ නව ප්‍රහේද ඇති වන්නේ, කොටින්ම ජීවය නම් ඓශ්චර්යය බිහි වන්නේත් ගැහැණියක් සහ පිරිමියෙකු එක් වීමෙනි. මුලු මහත් පෘථිවි තලයේම ජීවය රඳා පවතින්නේ ඒ මතය. සොබාදහම පූජනීය වන්නා සේම ලිංගිකත්වයද පූජනීය වේ. එය මගේ හැඟීමයි, ඔබේ ප්‍රශ්නයට පිලිතුරු ලෙස ලියමි.

ඔහේ said...

Wiz Kun,
සොබාදහම පූජනීය වන බව මා කියා නැත. පරාගනයට දායක වන මී මැස්සන්, බඹරුන් ආදිය මෙකී පූජනීය කර්තව්‍යය ඉටු කිරීමට දායක වන බැවින් පූජනීය සත්වයින් ලෙස පිදුම් ලැබිය යුතු ද?
තවද ඔබ දැන් කියා සිටින්නේ ලිංගිකත්වය පූජනීය කියා නිසා සමලිංගිකත්වයට පක්ෂව මෙයට ප්‍රථම ඔබ කරුණු දැක්වූයේ සෑම් ව සතුටු කිරීම ට ද?

Wiz Kun said...

සෑම් කවුදැයි මා හරිහැටි දන්නේත් නැහැ. මා "සමලිංගිකත්වයට" පක්ශව කරුණු දැක්වූයේ නැහැ. නමුත් ඒ ආකාරයට "හැසිරෙන අය" කෙරෙහි මාගේ විරෝධයක් නොමැති බවනම් අදහස් කලා.

මීමැස්සන් හෝ බඹරුන් සිතාමතා පරාගනය සිදු කරන්නේ නැහැ. පූජනීය සත්වයින් පිලිබඳ මාගේ කිසිම අදහසක් නැහැ. LOL! ROTF...!! :o මට සිතන්න බෑ...! අදහගන්න බෑ...!!

Wiz Kun said...

South Park මෙම කතාවත් ඔබේ තර්කයට බොහෝ සමාන බව පෙනේ. හැකිනම් බාගෙන බලන්න වටිනවා.
http://en.wikipedia.org/wiki/The_Death_Camp_of_Tolerance
http://www.southparkfiles.com/counter/click.php?id=50
http://allsp.com/loading.php?url=l.php?id=e93

Wiz Kun said...

අයින්ස්ටයින් ට අනුව, මීමැස්සන් මෙලොවින් තුරන් වූ දාට මිනිසුන්ට ඉතිරි වන්නේ වසර හතරක් පමනි.
http://www.google.com/search?hl=en&rls=com.microsoft:en-us:IE-SearchBox&sa=X&oi=spell&resnum=0&ct=result&cd=1&q=Einstein+when+the+bee+disappears,+humans+only+have+4+years+left&spell=1