බටහිරට සාපේක්ෂ අපට නිරපේක්ෂ සමාජ පිරිහීම

. 2008/05/02

"ලංකාවේ සිවිල් සමාජයක් නොපවතී" යන්න අද බටහිරයන්ට කඩේයන නපුංසකයන්ගේ මුවඟ රැඳි වදනකි. අප සමාජය විනයෙන් පිරිහීමත් බටහිර සමාජයන් විනයෙන් උසස් වීමත් ගැන අනුන්ගෙන් කුලියට ගත් දැනුමින් නන්දොඩන්නන් නොදන්නා යම් යම් පැති කිහිපයක් අද ලිපියෙන් ඔබට පෙන්වා දෙමි.

සිවිල්‍ යැයි හඳුන්වන බටහිර සමාජයන්ගේ ඇති විකෘති තා සලකා බලමු.


1. ඕලන්දයේ අගනගරය සමලිංගිකයන්ගේ පාරාදීසයකි. සමලිංගික විවාහ නීත්‍යානුකූලය (මා
සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරමි. පිරිමියෙක් හට තවත් පිරිමියෙක් ලිංගිකව ගැබ්ගැන්විය
හැකි දිනක් වේද එදිනට මා එය පිළිගනිමි.)

2. ජර්මනියේ උපන් යුරෝපයේ පිළිගත්
බාලාපචාරින්ගේ දිනය නොහොත් "International Boyloveday" >> http://www.daretospeak.net/, http://www.ibld.net/
වැඩි විස්තර විකි යෙන් කියවන්න

3. MILF, Barelylegal, Incest Sex,Fetish යන වදන් වල තේරුම සොයන්න.

4. KKK වැනි සංවිධාන
5. නාසී/Nazi සහ වෙනත් අන්තවාදීන්
6. Serial Killers යන අපරාධ කරුවන් සමාජ විෂමතා තුලින් බිහිවීම

මේ, ලිංගික නිදහස උපරිම යැයි හැඳින්වෙන සමාජයක ඇති විකෘතිතා වේ. මානව අයිතිවාසිකම් උපරිම යැයි හැඳින්වෙන සමාජයක විකෘතිතා වේ.

මනුෂ්‍ය සම්බන්ධතා දියකරහැරීම, හැකි පමණ ඒක පුද්ගලික පාරිභෝගික ජීවින් ප්‍රමාණයක් බිහි කිරීම අද බටහිර සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයන් වේ. මම, මට සහ මගේ යැයි සිතන පාරිභෝගික ජීවින් ජීවත්වෙන සමාජයක සෑම දෙයක්ම වෙළඳපොල ක්‍රමය තුල තීරණය වීමත් සමග මගේ දුව මට දුව වීමත් ඔබගේ දුව මට ලිංගික උත්තේජකයක් වීමත් සිදුවී ඇත. සාරධර්ම නොහඳුනන මානසික රෝගින් බිහිකරන බටහිරයට සාපේක්ෂව අප සමාජය නිග්‍රහ කරන, පුවත්පත් වල පලවෙන,නොවෙන හැම කෙංගෙඩියකටම සිංහල බොද්ධ සංස්කෘතියට ගරහන නූතන පොතේ උගතුන් වටහා නොගන්නා ලද තැන්‍ ය ඉහත දක්වන ලද්දේ.

අපට නිරපේක්ෂ යැයි මා කියන්නේ ඇයි?
බටහිරය අද යම් දුරකට හෝ ශිෂ්ඨ වී ඇති වා නම් එය ඔවුන් පෙර සිටි තත්වයට සාපේක්ෂවය. අප සමාජයන්ගේ පිරිහීම අප බටහිරයත් සමග සන්සන්දනය කිරීම හා තුලාවේ නොදැමිය යුතු වන්නේ මෙම ශිෂ්ඨාචාර විකාශණය වූ ක්‍රමයේ ඇති පරස්පර විරෝධි ගතිය හේතුවෙනි.

බටහිර සමාජය විකාශණ ය වී ඇත්තේ මිනිස් චිත්තයේ ස්වභාවයන් විමසනවා වෙනුවට එහි ඇතැම් ක්‍රියාකාරීත්වයන් යටපත් කිරීමට උත්සහ ගැනීම නැමැති ක්‍රියාදාමය තුලිනි. අයහපත් සිතිවිලි ඇති වීම යනු දේවවාදීන්ට අනුව යක්ෂයාගේ බලපෑමයි. එසේම, සිත නොවිමසා, කොහෙවත් සිටින යකෙකුට ඇඟිල්ල දික් කිරීම තුලින් ඔවූන් සිත විශ්ලේෂණය කිරීමට ඇති ඉඩ ද අසුරාගෙන ඇත. එමෙන්ම දේවවාදය මුල්ගල ලෙසට ගෙන ගොඩනැගි ඇති මුළුමහත් බටහිර සමාජය තුලම දිස්වන්නේ එහි අනිටු ප්‍රතිඵල වේ. එනම් ස්වභාවධර්මයෙන් ඈත් වීම යනු ශිෂ්ඨ වීම යනුවෙන් ඔවුන් තේරුම් ගැනීමයි.

තවද මෙහි ඇති අති නරකම පැත්ත නම්, යටපත් කල චිත්ත ස්වභාවයන් වෙළඳපොල ක්‍රමයේ ගොදුරු බවට පත් වීමයි. ප්‍රතිඵලයන් නම්, පන්ක් හා හිපි සංස්කෘති ආදි උප සංස්කෘතීන් බිහි වීමත්, යක්ෂ වන්දනාව හා බිලිදීම් ප්‍රචලිත වීමත් ය. යක්ෂයා අදහන යක්ෂයාට මිනිස්බිලි දෙන විකෘති මානසිකත්වයන් ඇති කණ්ඩායම් යුරෝපීය රටවල එමටය.

ස්වභාවය තේරුම් නොගෙන ස්වභාවයට විරුද්ධ විය නොහැක. ස්වභාවය තේරුම් ගැනීම තුලින් අපට කොතරම් දුරකට ස්වභාවයට විරුද්ධ විය හැකි ද යන්න ද පසක් වේ. ඔලුකට්ට කලුගලට වඩා ශක්තිමත් නොවන බව තේරුම්ගැනීමෙන් කලුගලේ ඔලුව ගසා කලුගල දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් වැලකී සිටිය හැකිය.

දෙවැනි කොටස (10/05/2008 දින ලියන ලදි)

15 comments:

Anonymous said...

Few questions:

1. Should sex be always limited to reproduction purposes?

2. Do you condemn non vaginal sex between heterosexual couples (like oral sex, anal sex, 69 etc) on the same logic you condemn homosexual sex?

3. Are you sure your mother and father committed sex only for the purpose of producing you and your siblings? Are you sure they have never conducted oral sex or anal sex? (Can you clarify this point from your parents)

4. Do you engage in sex only for reproduction purposes? (If you have a partner)

5. Is your sexual activity is limited only to vaginal sex? (Not even kissing because that does not lead to prodicing new life)

6. Do you approve heterosexual sex between non married partners?

7. Do you approve group heterosexual sex between non married partners? (This can lead to reproduction)

8. Do you approve hetrosexual sex between mother and son and father and daughter because that can lead to new life?

Sam said...

කතෝලික සහ ඉස්ලාමිය අදහස් වෙනුවෙන් කඩේ යැම ගැන ඔහේට මගේ නොමහත් ස්තූතිය. සමලිංගිකත්වය ගැන බයිබලයේ සහ කුරානයේන් කුලියට ගත් දේට අමතරව වෙනත් දේත් ඉගනගෙන බැලුවාට අපායේ යන්නේ නැත. වෙනසකටත් එක්ක, ලංකාවේ ඉන්නා නිසාත්, බෞද්ධ දර්ශනය සමලිංගිකත්වයට සලකන ආකාරය ගැනත් වැටහීමක් ලබාගැනීම රටක් වටී. තවත් වෙලාව තිබේනම්, ආසියාතික රටවලට කතෝලික ආගම පැමිනීමට පෙර ලිංගිකත්වය ගැන සැලකූ ආකරය ගැන යමක් කමක් ඉගෙන ගැනීම බොහොම අගනේය. කෙසේ වෙතත්, ඕහේට කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ ධර්මතා (අබරන්ගේ ධර්මතා - Abrahamic Morals ) ලංකාවේ ප්‍රචලිත කීරීමට ඇති අයිතියට මම සපුරා ගරු කරමි.

බටහිර රටවල් වලට පොලුපහර ගසන්නට පෙර, ආසියාතික රටවල් ගැනත් බලා කියා ගැනීම මැනවි. ජපානයට ආයුද බලය තිබුනු කල, ඔවුන් අනෙත් රටවලට සැලකූ ආකාරය මතක් කිරීමත් අජූතය. වෙලාව තියනා වෙලාවක, ජාතික ලේකනාගාරයට ගොස්, නුවර යුගයේ නඩු වාරිතා කියවන්න. බැරිනම්, "නුවර යුගයේ නඩු තින්දු" පොත, පුස්තකාලයෙන් ඉල්ලාගෙන කියවන. උඩ බලාගෙන කෙල ගසා ගන්නා බැරි නිසා, මම ලංකාවේ කෙරුවාව ගැන මෙතන නොලියමි.

ඒ කෙසේ වෙතත්, සිවිල් සමාජය ගැන කතා කිරීමට පෙර, සිවිල් සමාජය යනු කුමක්දැයි ඉගන ගැනීම වටී. ඔහේ කතාකල කිසි දෙයක්, සිවිල් සමාජයත් සමග කිසිදු සම්බන්දයක් නැත. නමුත්, කතොලික ආගමේ හෝ ඉස්ලාමීය ආගමේන් ලාබාගත් දැනුමට අමතරව සමාජ සංස්තාව ගැන වෙනත් දැනුමක් නැති බව පෙනෙනා නිසා, මම ඔහේට කිසිදු දොසක් නොකියමි. සිවිල් සමාජය ගැන ඉගනා ගන්න ඕනැනම්, රෑසෝගේ The Social Contract කියවන්න. නමුත්, එය ඔබේ අබරන්ගේ අදහස් එකග නොවෙන නිසා, අඩුම ගානේ විකීයවත් [Civil society] කියවන්න.

ඒ කෙසේ වෙතත්, බටහිර සමාජයේ නරක ගැන කතා කිරීමේන්, අපේ හොද වැඩි නොවේ. පෙරදිග සහ අපරදිග සන්සන්දනය මී හරකායි, එල හරකායි සන්සන්දනය කිරීම වැනි වැඩකි. දෙන්නාගේම හොද නරක ඇත. මගේ හෝඩියේ ගුරුතුමී කීවේ, අනුන්ගේ ඇහේ ඇති පොල් පරාලය ගැන අදෝවඩනවාට වඩා, තමුනෙගේ ඇහේ ඇති පොල්කෙන්ද ගැන තැකීම වටී, කියලාය.

ඔහේ said...

අරවින්ද මා කියනා දෙය ඔබ වටහාගෙන ඇත්තේ වැරදි ආකාරයට යැයි මාගේ හැඟීමයි. තවද මෙම ලිපියේ අරමුණු වලින් පිටපැන ඇත. නමුත් මා ඔබට පිළිතුරු දෙමි. හැකිනම් සිංහලෙන් ලියන්න. තවද මෙම ලිපියෙන් මා අරමුණු කලේ ස්වභාවයත් සංස්කෘතියත් අතර වඩාත්ම හොඳ සංකලනයක් අපගේ සංස්කෘතිය තුල ඇති බව පෙන්වා දීමත් ය.

මාගේ අරමුණ ප්‍රජනනය(reproduction is not sex) ගැන කතා කිරීම නොව,ඉහත දක්වා ඇති ආකාරයේ විකෘති තා සමාජය ක හට ගැනීම ට හේතු සෙවීමේ වෑයමක නිරත වීම වේ. තවද ශාරීරික ආකර්ෂණයකින් තොරව ලිංගික ආකර්ෂණයක් ඇති වීම අස්වාභාවික වේ. තවද ශාරීරික ආකර්ෂණය යනු ස්වභාවික වරණය හා බැඳී පවතින ක්‍රියාදාමයකි. සම රැලි වැටිච්ච, කටේ දත් නැති මැහැලියක්ගේ ලිංගික ආකර්ෂණයක් දැකීමට හැක්කේ මනස විකෘති වූ අයෙකුට පමණය.

ඔහේ said...

සෑම් වෙත,
"සිවිල් සමාජය ගැන ඉගනා ගන්න ඕනැනම්, රෑසෝගේ The Social Contract කියවන්න." යැයි ඔබ පවසයි.
රෑසෝගේ පොත කියවීමට හැකියාවක් නැති නිසා මා හට සිවිල් සමාජය ගැන ඉගෙනීමට ඉඩක් නැත. එනිසා, රෑසෝගේ පොත නොකියවා ලියන මෙම ලිපි ගැන මාගේ කණගාටුව.
කාටවත් පහර ගැසීමෙන් හොඳ වැඩි නොවේ.අදාල නොවන හොඳ කීමෙන් එය අනුකරණය කරන්ට යෑමෙන්ද අපේ හොඳ වැඩි නොවේ යන්න මගේ මතයයි. සමාජ මතවාද සමාජයට සාපේක්ෂ විය යුතුය. පිටරට උපදින මතවාද අපට නොගැලපෙනවා වන්නට ද හැකිය.
කෙසේ වෙතත් කතාවේ හරය ගැන ඔබ දක්වන ආකල්පය "පෙරදිග සහ අපරදිග සන්සන්දනය මී හරකායි, එල හරකායි සන්සන්දනය කිරීම වැනි වැඩකි" යන්න ගැන නම් එකඟ වෙමි. එසේනම් රෑසෝගේ පොත අපටත් අදාල කරගත හැකිද? යන්න ගැන සැක මතු වේ. මන්ද, රෑසෝ පොත ලිව්වේ ලංකාවේ සිට නොවන බැවිනි.

Sam said...

එසේනම් බුදු වදනත් අරහංය. කතෝලික සහ ඉස්ලාමිය අදහසත් අරහංය. ඒ කිසිවක් ලංකාවේ ඉදන් කී කිවූ දේ නොවෙයි.

මනුශය සමාජය ලිදේ ඉන්නා මැඩියන් සේ තනි තනිව ගොඩනැගුන එකක් නෙවේයි. රටවල්, මායිම්, හිතේ මවාගත් දේ මිස ඒවා සැබහින් තිබෙනා දේ නොවෙයි. අදහස් උදහස් වලට මායිම් නැත. අපි කල යුත්තේ, පස්ස බලාගෙන ඉස්සරගට යැම නොව, ඉස්සරහා බලාගෙන ඉස්සරහාට යැමයි.

එක එකාගේ ලිංගිකත්වය, එක එකාට අදාල කාරනයකි. අපේ සීයා, කටේ දත් නැතී අපේ ආච්චී සමග මෙනවා කොලත් මට ආබාදයක් නැත. ඕහේ ඒ ගැන හිත නරක් කරගත යුතු නැත. කෙසේ වෙතත් කන්නාඩි නොදා පත්තරේ කියවන අපේ සීයාට හොදට සිහිය බුද්දිය දෙකම තිබේ. උන්දැ කොලු කාලයේත් සෙල්ලමට දක්ශය.

එක එකාගේ කාමයේ හැසිරීම ගැන සුද්දා ලංකාවට එනතේක් ලංකාවේ අපිට කිසිම කිසිම පුරස්නයක් තිබුනේ නැත. නමුත් සුද්දා, කලු සුද්දන් රැලක් බිහිකර යන්න ගියේය.

Anonymous said...

රෑසෝ ගැන කියවන්නට පෙර Thomas Hobbes කියවන්න.

Anonymous said...

ඔය විදිහට සංසන්දනය කරන්න ගියොත් අපිටත් මතක් වෙන ඒවා තියෙනවා.

1)තාත්තා හරි ළඟම ඥාතියෙක් විසින් දුුෂණයට ලක්වුනු දියණියන්ගෙ කතන්දර අහන්න ලැබෙන්නෙ මොන රටෙන්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

2) බස් එකකට නගින කාන්තාවකට ජැක් එකක් නොවැදී යෑමේ සම්භාවිතාව ගැන කියන්න අවශයත් නෑ

ලංකාව විකෞතියක් බවට අද දවසේ පත්ව ඇති ආකාරය ගැන මුලින්ම හොයල ඉන්න. ඒක බටහිර වැරැද්ඳ?

මහරාජා ප්‍රාග්ධනය විසින් "රන් දෙපාය" හරහා වයිරය පතුරවන්නෙ ඇයි?

ලංකාවෙ මිනිස්සු (පිරිමි) වැඩියෙන්ම අද බලන්න ආස (Wrestling). තිරිසන් ආකාරයේ සටන් ක්‍රම බලල විකෘති වුන ලාංික මානසිකත්වය හෙවත් "අවාසනාවට ඇත්ත කතාව " ගැන හොයල ඉන්න.

ඔහේ said...

සෑම් වෙත
කොහෙද යන්නෙ?මල්ලෙ පොල්.
එසේනම් බුදු වදනත් අරහංය. කතෝලික සහ ඉස්ලාමිය අදහසත් අරහංය. ඒ කිසිවක් ලංකාවේ ඉදන් කී කිවූ දේ නොවෙයි." - සෑම් කියන ලදි -
අවුරුදු දෙදහස් පන්සියයකට පෙර අප ගොඩනගාගත් ඒ සංස්කෘතිය තුල නොතිබුනු විකෘති තා අද අප අත් විදින්නේ ඇයි?
"අපි කල යුත්තේ, පස්ස බලාගෙන ඉස්සරගට යැම නොව, ඉස්සරහා බලාගෙන ඉස්සරහාට යැමයි." - සෑම් කියන ලදි -
අතීතයක් අමතක කොට අනාගතයක් ගොඩනැගිය හැකිද? තවද බළලා මල්ලෙන් එලියට පැන ඇත. කතෝලික හා ඉස්ලාමීය අදහස් වලට කඩේ යනවා යැයි මට ඇඟිල්ල දිගුකල සෑම්, අප ගේ අවුරුදු දෙදහස් පන්සියයක් සංස්කෘතියක්, දැනුමක් අමතක කොට ණයට ගන්න කියන්නේ 1972 දී Jean Jacques Rousseau නැමැති ප්‍රංශුවාගේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නොවේද? බළලා මල්ලෙන් පැන හත්වටක් ද ගසා අහල ගම් හතක ද වළත්තකමේ යනවා මට මැවී පෙනේ.
මා කියන්නේ අප නැවත එම අතීතයට හැරී බලා ඉගෙනගත යුතු බවයි. මන්ද ණයට ගත් දැනුම අපේ දේසෙට නොගැලපෙන බැවිනි.
"අපේ සීයා, කටේ දත් නැතී අපේ ආච්චී සමග මෙනවා කොලත් මට ආබාදයක් නැත. ඕහේ ඒ ගැන හිත නරක් කරගත යුතු නැත." - සෑම් කියන ලදි -
කරුණාකර මා මෙය කිව යුතුමද? කියා මට කියන්න... එනම්.....
මාගේ ලිපියේ කිසිම තැනක සෑම්ගේ සීයාගේ ලිංගික ජීවිතය ගැන ප්‍රශ්ණ කොට නැති විට, කොහෙද යන්නෙ මල්ලෙ පොල් සංවාදයකට මා ඇදගෙන යෑමට දරන උත්සාහය කුමක් ද?
තවද උපමාවක් ලෙස පාවිච්චි කල දෙයක හරය බොළඳ තර්කණයකට ලක්කිරීම විහිළුවකි. සෑම් කියන කලු සුද්දාගැනත් කිව යුතු දැයි මට කියන්න..

ඉවාන් වෙත
ස්තූතියි. හැකියාවක් ලදොත් කියවන්නෙමි, ඔබ විසින් යෝජනා කරන ලද පොත.

නිදහස් අදහස් වෙත
"තාත්තා හරි ළඟම ඥාතියෙක් විසින් දුුෂණයට ලක්වුනු දියණියන්ගෙ කතන්දර අහන්න ලැබෙන්නෙ මොන රටෙන්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ." - නිදහස් අදහස් කියන ලදි -
පසුගිය(අප්‍රේල්)මාසයේ අග දී යුරෝපය ගිනිගත් පුවත් වාර්ථාවක් වන Josef Fritzl නැමැති ඔස්ට්‍රියානු ජාතිකයා විසින් තම දියණිය අවුරුදු 18 සිට පුරා අවුරුදු විසි හතරක් තිස්සේ (දැනට ඇයට අවුරුදු 42 කි) නිවසේ බිම් මහලේ සිර කොට දූෂණය කරමින් දරුවන් 7 ක් ලබා ඇත. මෙවැනි දේ ගැන ලිවීමට අදහස් නොකලත් ඔබට පිළිතුරු දීම සඳහා ලිවීමට සිදු විය.
කියවා බලන්න
http://news.bbc.co.uk/2/hi/europe/7371959.stm
තවත් සිදුවීම අවශ්‍ය නම් පවසන්න.

මාගේ අදහස
ලංකාව විකෘතියක් බවට පත්වූයේ බටහිර වැරැදෙන් මෙන්ම බටහිර දේ අපේ කරගෙන අපගේ සංස්කෘතිය විනාශ කරගත් අපගේ ද වැරැද්දෙනි. අප විසින් සොයා යා යුත්තේ ඒ වැළලී ගිය අපගේ දැනුම් පද්ධතීනුයි. බටහිර දැනුම නානා ක්‍රමයෙන් අපගේ ඇඟට දී අප ව එහි සිරකරුවන්/ගැත්තන් කල/කරන යාන්ත්‍රණය හඳුනා ගැනීම කල යුතුය. මා කියන්නේ ලංකාවේ තක්කඩීන් නොසිටියා යන්න නොව විරල වූවා කියාය. අනේ අපොයි කියා අපේ ආච්චිලා සීයලා ඔලුවේ අතගහගත්තේ ඉහත කී බටහිර දැනුම් පද්ධති අපේ පොළවේ ඇති කල විකෘති තා වල පොහොට්ටු දකින කලය. අද එම පොහොට්ටු මල් ඵල වී තව බීජ වපුරා ඇත.

Anonymous said...

Sorry I cannot write in Sinhala. It takes too much time to type and I personally do not think Sinhala is evolved enough to express my ideas. Still it is at a very primitive level of development.

I am not surprised that you have not response to a single question of mine, because you cannot.

So according to you the Western society is 'Vikurthi'.

What do you say about the 'Vikurtis' in Theravadi Buddhist Sinhalese society?

What do you say about Suppadevi having Animal sex?

What do you say about Sinhabahu having sex with his own sister Sinhasivali?

What do you say about Queen Anula having sex with six partners and kill each one within a short period of time?

What do you say about the group sex practcices common in Sinhalese society during the Kadyan period?

Are those not 'vikurties'?

(BTW my earlier questions are still open)

Anonymous said...

Anyway, before I would be dragged into some useless debate, let me point out the fallacy of the argument this writer makes.

Homosexuality has been common in every society, Western or Eastern - Ancient or Modern etc.

However not all societies have kept records on it - for different reasons.

This means just because Mahawansa does not say so we cannot assume Dutugemunu is a heterosexual. We will never know whether Dutugemunu had sex with Theraputtabhaya or Velusumana. It is a possibility. Also we cannot assume that Kavantissa only has vaginal sex with Vihara Maha Devi. He might have tried Anal sex. (Unfortunately Bhikku Mahanama was not there holding the lamp to record it)

So the only difference between west and so called Sinhalese Theravada Buddhist society is that white it is open in west, our ancestors would have probably done it behind doors.

So the question is not whether anybody lived according to the so called 'nature'. (Homosexuality is anyway a natural phenomenon, that can be proved biologically. The biological reason why men gets attracted to men is unless otherwise nature makes that compromise, men would never have ventured tasks like long sea journeys. Also in a primitive society this attraction is important to build team work – especially for war. So the nature made men attractive to men for a different purpose than it attracted men to women.).

So the only issue is whether one has to be open about it or to keep it behind doors.

ඔහේ said...

ලිංගිකත්වයේ විකාශණය හෝ සංස්කෘතික ගත වීම ලෙස ඔබ සලකන ඇතැම් දේ විකෘති තා විය නොහැකිද? යුද්ධය හෝ දේශාන්තර තරණය හෝ වැනි අවස්ථාවල සමලිංගික චර්‍යාවන් ඉස්මතු වී ඇත්තේ එය ස්වභාවිකත්වය නිසා නොවේ. කොටින්ම කියනවා නම් හදිස්සියට ඕන හිලක් කියන හැඟීමෙනි. හදිස්සිය ඇති වූයේ ඇයි? දේශාන්තර තරණයට හෝ යුද්ධයට ස්ත්‍රීන් රැගෙන යෑමේ ඇති ප්‍රායෝගික අපහසුතාවය නිසාය.
තවද ඔබ කියනා ආකාරයට පියා කෙරෙහි පුතා දක්වන ගෞරවාදරය ද සමලිංගිකත්වය විය හැක, මන්ද පිය පුතු සම්බන්ධය ජීවිත කාලයක් දිගු ගමනකි. පවුලේ පිරිමි සහෝදරයින් අතර, පාසලේ පන්තියේ පිරිමි ළමයින් අතර ඇත්තේ සමලිංගික ආකර්ශණයක්ද?

තවද ලංකා ඉතිහාසයේ "මහා ඇලෙක්සැන්ඩර් - Alexander the great" රජ, රෝමානුවන් ආදිය කලා වැනි දේශාක්‍රමණ ගැන සාක්ෂි නොමැත. එක් ආක්‍රමණයක් නම් ගජබා රජ ක්‍රි.ව. 114-136 විසින් චෝල දේශය ආක්‍රමණය කිරීමයි. එනිසා නෞකාවන් තුල උපන් පරම පවිත්‍ර සමලිංගික ආදරය බටහිරටම සීමා වූවකි.
සතුන් අතර ඇති සමලිංගික චර්‍යා ගැන ඔබ කතා කරයි. ස්වභාවය තුල ඇති වන විකෘති තා ඔබ හඳුනන්නේද? උදාහරණ ලෙස පිළිකා දැක්විය හැක. එනම් යම් ජීවියෙක් මිහිමතින් අතුගෑ වී යා යුතු බව නිර්ණය වීමයි. සමලිංගික ආශාව ඔබට ස්වභාවික නම් ඉන් කියැවෙන්නේ ඔබගෙන් පසු ඔබගේ ජාන මේ ලෝකයේ ඉදිරියට නොයා යුතු බවයි. ඔබගේ පැවැත්මට තිත වැටේ. ස්වභාවය විසින් විකෘතිතාවයක් ඉවත් කර දමයි. ඔබ එය සංස්කෘතියක් හෝ දැක්මක් ලෙස ගෙන ඇත්නම් වැරදී ඇත්තේ ඔබටයි.

Anonymous said...

What a pity that you lack simple intelligence to gather what I say. (Your IQ should be really low) I am not talking about you agreeing with what I say, but you even fail to understand what I say.

I do not have much time to waste on those who brainwashed by Gunadasa Amarasekera and Nalin De Silva, but at least for the benefit of other readers let me repeat just few arguments I already presented by you fail to understand.

1. Homosexuality is a common natural phenomenon that has been there is ever society west or east, ancient or modern. There is nothing 'west' about it.

2. The difference between west and our societies about homosexuality or any sexuality is the openness. So if there is any argument, it has to be about openness, NOT about sexuality.

3. The biological intention of homosexuality is NOT reproduction.

4. In fact, reproduction is NOT the only biological intention of even heterosexuality.

Unfortunately these cannot be taught to an individual with a low level of intelligence. He keeps on saying the same stupid things.

Also he is under the wrong impression Gajabahu is a king who invaded the Chola kingdom. My foot. This man who talks so much about history, does not even know contrary to the fairy tale in Mahawamsa Gajabahu never invaded Chola kingdom.

If any reader is interested I can show enough evidence that Gajabahu actually collaborated with the Chola rulers. (He was the only ancient Lankan king to visit a foreign country himself)

Enough. I have no time to waste repeating the same points.

BTW the readers might also note this guy simply fails to answer any of the questions I have raised in my first two posts.

ඔහේ said...

හෝදා හෝදා මඩේ දැමීමකි
මා කතාකලේ බටහිරයන්ගේ ප්‍රජනනයේ විකෘති තා ගැන නොව ලිංගික විකෘති තා ගැනය. වලිගය පාගාගෙන දැගලීමට කාරණා නැත. නැවත කියවීම ම සෑහේ.

චුම්භනය යනු ලිංගික ක්‍රියාවලීයේ කොටසක් බව ඔබ නොදන්නවා විය හැකිය. චුම්භනය (kissing) මෙන්ම රංගනය හා ගායනය ද ලිංගික ක්‍රියාවලිය සංසර්ගයක් දක්වා වර්ධනය කරගැනීමට උපයෝගි කොටගන්නා චර්‍යාචන්‍ ය. ගෙදර කිකිලියෙක් ඉන්නවා නම් කෙකරගාන්නේ ඇයිද කියා විමසන්න. මොණරා පිල් විදහෑමත් එවැන්නකි. Love Birds කුරුල්ලන් දැක තිබේ ද? සොබාවය අධ්‍යයනය කරන්න. තවද චුම්භනය මිනිස් සතාට පමණක් සීමාවූ කරුණක් නොවන බව ද සිහිපත් කරමි. තවද ලිපියේ අරමුණින් පිට පැන ඔබගෙන එන තර්ක අදාල නොඅදාලත්වය බලා පිළිතුරු දීම මාගේ මෝඩ කම යැයි කියා යටිගිරියෙන් කෑගැසීමෙන් ඔබගේ තර්කය මාතෘකාවට අදාල කිරීමට හා සත්‍යබව පෙන්වීමට දැඟලීම "If you can not convince them, Confuse them" යන ක්‍රමවේදයට අදාල වේ.

ලිංගික ක්‍රියාදාමයේ (චුම්භනය, රංගනය හා ගෙදර කිකිලියගේ කෙකරගෑම ආදිය) අවසන් අරමුණ සංසර්ගයක් මුදුන්පත් කරගැනීමයි. සංසර්ගයක් මුදුන්පත්කරගැනීම ස්වභාවධර්මයාට අනුව නම් වර්ගයා බෝ කරගැනීම සඳහා වේ.

"The biological intention of homosexuality is NOT reproduction." එසේ නම් කුමක්ද? මාගේ මතය නම් සමලිංගිකත්වයේ ජීවවිද්‍යාත්මක අරමුණ අංගවිකල ජාන සහිත ජීවින් පොළවෙන් තුරන් කර දැමීමයි. එය මා ඉහත ද දක්වා ඇත.

ඔහේ said...

නලින් ද සිල්වා මහතාටත් එතුමන්ගේ මෑණියන්ටත් කුණුහබ්බෙන් කතා කිරීමෙන් ගැටළුව නිරාකරණය කරගත නොහැකිබව ජයන්ත කීරගම නැමැති පාඨකයාට කරුණාවෙන් යතුව දන්වා සිටිමි.

නාමල් උඩලමත්ත said...

මිතුර,
යථාර්ථය දුටු තැන සිය ගතානුගතික මතයේ ම ළැග පරයින්ට බැළ කරන කූප මණ්ඩුකයාගේ ගතිය එයමැයි. මේ පරයින්ගෙන් රට ගළවා ගැනීම අද ජාතික බලවේග හමුවේ ඇති විශාලම අභියෝගයයි. උන පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ යයි කීවේ කට කහනවට නොවේ.

අප මේ යන මග සොදුරු නැත. අවමන් අවලාද නින්ද මල් වැසි සේ සලකා යා යුතු ගමනෙකි මේ. ඇතැම් විට ඒ ගමනේ මිහිරි මල් ඵල නොදැක ම අපට මියෙන්නට වුව ද එහි සොදුරු ඵල අනාගත පරපුරට ලැබෙනු ඇත. එහෙයින් සබඳ, ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටිනු මැන!!!