විනාශය නිපදවීම හා වෙළඳාම තම ජීවනෝපාය කරගැනීම කොතරම් දුරකට ලාභදායක ද?
සිගරට්
වැඩිහිටි මරණ දහයකින් එකකට වගකිව යුතු, වලක්වාගතහැකි, 20වන ශතවර්ෂයේදි පමණක් මරණ මිලියන 100 කට දායක වූ (ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරිනි) සිගරට් ඉරීම නොහොත් විනාශය වෙළඳාම් කරන සිගරට් නිෂ්පාදකයන්ගේ වගතුග ගැන කෙටි වදන් කිහිපයක් ලියමි.
ලෝක සිගරට් වෙළඳපොළ විමසුව විට පෙනී යන කරුණක් නම්, ඉන් 31.3% කට ඇමරිකාව ද, 44.9 කට යුරෝපය ද අයිතිවාසිකම් කියන බවයි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ථා පෙන්වා දෙන්නේ සිගරට් උරන්නන්ගෙන් 84% ක්ම වෙසෙන්නේ දියුණුවෙමින් පවතින රටවල බවයි.
අධ්‍යයන වාර්ථා අනුව දියුණුවෙමින් පවතින රටක පවුලක මුළු ආදායමින් 10%ක් සිගරට් ඉරීම සඳහා යොදවයි. ඒ අනුව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපන ආදි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා කෙරෙන වියදම අඩුවේ.
අත්‍යවශ්‍ය බෝග වගාකිරීමට ඇති ඉඩම් අත්පත් කරගැනීමෙන් ලෝක ආහාර අර්බුදය සඳහා කෙලින්ම දායක වේ.
ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනයා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වීමත් සමග ම සිගරට් වෙළෙන්දන්ට තම වෙළඳපොළ සංරක්ෂිත කරගැනීමට උපාය මාර්ග සෙවීමට සිදුවිය. (සුද්දන් ජීවත්වන රටවල යුද්ධ නොමැතිවීමද, අවිආයුධ වෙළෙන්දන් එම කලාපයෙන් ඔබ්බට ගොස් වෙළඳාම් කිරීමද මෙවැනිම කටයුත්තකි) ඒ අනුව ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවළ වෙළඳ දැන්වීම් හා උපක්‍රමික දිරිගැන්වීම් තුලින් තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට හැකි විය. සිගරට් උරන්නන්ගෙන් 84% ක් තුන්වන ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.
ජනමාධ්‍යය
අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ BAT (British American Tobacco) මගින් ගෙනගිය උපක්‍රම කිහිපයක් නම්, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස, සුඛෝපභෝගී වාහන පිළිගැන්වීම, සිගරට් ඉරීමට පක්ෂව පුවත්පත් ලිපි පලකරන ජනමාධ්‍යය කරුවන් සහ පුවත්පත් කතුවරුන් හට විනෝදචාරීකා, මුදලින් තෑගි පිරිනැමීම වැනි දේ ය. මෙයට අපේ දූපතෙන් ගතහැකි මතක ඇති කාලයේ උදාහරණය - Osteoporosis වැළැක්වීමට කියමින් කිරිපිටි අලෙවිය සඳහා කඩේ ගිය ජනමාධ්‍යා වේසාවන් සහ වෙදනරුමයින්!