විනාශය නිෂ්පාදනය කිරීම!

. 2008/06/26

විනාශය නිපදවීම හා වෙළඳාම තම ජීවනෝපාය කරගැනීම කොතරම් දුරකට ලාභදායක ද?

සිගරට්
වැඩිහිටි මරණ දහයකින් එකකට වගකිව යුතු, වලක්වාගතහැකි, 20වන ශතවර්ෂයේදි පමණක් මරණ මිලියන 100 කට දායක වූ (ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරිනි) සිගරට් ඉරීම නොහොත් විනාශය වෙළඳාම් කරන සිගරට් නිෂ්පාදකයන්ගේ වගතුග ගැන කෙටි වදන් කිහිපයක් ලියමි.

ලෝක සිගරට් වෙළඳපොළ විමසුව විට පෙනී යන කරුණක් නම්, ඉන් 31.3% කට ඇමරිකාව ද, 44.9 කට යුරෝපය ද අයිතිවාසිකම් කියන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ථා පෙන්වා දෙන්නේ සිගරට් උරන්නන්ගෙන් 84% ක්ම වෙසෙන්නේ දියුණුවෙමින් පවතින රටවල බවයි.

අධ්‍යයන වාර්ථා අනුව දියුණුවෙමින් පවතින රටක පවුලක මුළු ආදායමින් 10%ක් සිගරට් ඉරීම සඳහා යොදවයි. ඒ අනුව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපන ආදි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා කෙරෙන වියදම අඩුවේ.

අත්‍යවශ්‍ය බෝග වගාකිරීමට ඇති ඉඩම් අත්පත් කරගැනීමෙන් ලෝක ආහාර අර්බුදය සඳහා කෙලින්ම දායක වේ.

ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනයා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වීමත් සමග ම සිගරට් වෙළෙන්දන්ට තම වෙළඳපොළ සංරක්ෂිත කරගැනීමට උපාය මාර්ග සෙවීමට සිදුවිය. (සුද්දන් ජීවත්වන රටවල යුද්ධ නොමැතිවීමද, අවිආයුධ වෙළෙන්දන් එම කලාපයෙන් ඔබ්බට ගොස් වෙළඳාම් කිරීමද මෙවැනිම කටයුත්තකි) ඒ අනුව ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවළ වෙළඳ දැන්වීම් හා උපක්‍රමික දිරිගැන්වීම් තුලින් තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට හැකි විය. සිගරට් උරන්නන්ගෙන් 84% ක් තුන්වන ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.

ජනමාධ්‍යය
අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ BAT (British American Tobacco) මගින් ගෙනගිය උපක්‍රම කිහිපයක් නම්, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස, සුඛෝපභෝගී වාහන පිළිගැන්වීම, සිගරට් ඉරීමට පක්ෂව පුවත්පත් ලිපි පලකරන ජනමාධ්‍යය කරුවන් සහ පුවත්පත් කතුවරුන් හට විනෝදචාරීකා, මුදලින් තෑගි පිරිනැමීම වැනි දේ ය. මෙයට අපේ දූපතෙන් ගතහැකි මතක ඇති කාලයේ උදාහරණය - Osteoporosis වැළැක්වීමට කියමින් කිරිපිටි අලෙවිය සඳහා කඩේ ගිය ජනමාධ්‍යා වේසාවන් සහ වෙදනරුමයින්!

4 comments:

Anonymous said...

ධනවාදය සිය දේශ සීමා මායිම් ඉක්මවා ගිය විට ජාතික රාජ්‍ය බිඳ දමා වෙළඳ අධිරාඣ්‍ය වාදය ගොඩ නැගූ බව ඔබ දන්නවා ඇති. මේ විනාශය නිපදවන රටවල් ම එකතු වී සාමය සඳහා කැප වන්නට කියන එකත් සම්බාධක පනවන එකත් හරිම විහිළූවක්. කොහොම වුනත් බටහිර රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ අප වැනි රට වලට විනාශය අලෙවි කිරීමයි. නිසි සමාජ දේශපාලන ව්‍යාපාරයකින් තොරව අපට මෙවැනි විනාශයන්ට එරෙහි වීමට බෑ.

හරිම කාලෝචිත ලිපියක්

Sam said...

සම්පූර්න ඇත්ත. Osteoporosis වලක්වන්න කියලා අපේ ආත්තත් කිරිපිටි බොන්න ගත්තනේ. මොකෝ උන්දැටත් දැන් වයසයී. මමනම් කැමතියී ආත්තා කුදු වෙලා ඉන්වාට. එතකොටනේ වයසට යාමේ අලංකාරය තියෙන්නේ. ඒත් ඉතින් උන්දෑ කියන දේ අහක දමන්න බැරි නිසා, මම ඉතින් ඉන්දැට වැස්සියෙක් ගෙනලා දුන්නා මහතුන්ගේ ගෙදරින්, ඔය වේසාවන් කියන විදිහට පිටි කර කිරි බොන්නේ නැතිව උදේට කිරි ටිකක් දොවාගෙන සිංහල විදිහට බොන්න කියලා. කොහෙයී, උන්දැ වගක් යන්න ඉස්සෙල්ලා, වැස්සිත් එක්ක ආම්බාන් කොරලා අත කඩා ගත්තානේ. අපේ ඔය බටහිර සමයන් නෑනේ. බෙහෙත් ගෙනාවේ ලොකු හාමුදුරුවන්ගෙන්. පොඩි පරහකට හිටියේ, අන්තිමට උන්දෑ මලා - කසාය බීලා කැවුත්තද වකුගඩුවද කොහෙද නරක් වෙලා කියලා තමයී කොරනල් වාර්තාවෙ කීවේ. අනේ ඉතින්, අපේ ආත්තාත්, ඔයා වෙසාවො කියන කතා අහන්නේ නැතිව හිටියන්ම් ඔය මොනවත් නෑනේ. කුදු උනාට මොකෝ ඕන්, හැරමිටියක් ගහගෙන අගේට යන එකන ඇත්තේ.

ඕන් ඉතින්, ඔය සිගරට් කෙරුවාවටනම් මමත් විරුද්දයී. මොකෝ ඕක උරලා තියන පුරස්න අමතක කොරන්න පුලුවැනෙයී. හැබැයී ඉතින් ඇබිලිපිටියෙන් අපේ පුන්චයියගේ කොලුවා ගෙනාපු සුරුට්ටුවම්, ඕන් මසුරං. අපේ දේවල් තියාගෙන මොන මගුලකට ඔය රට දේවල ගනවාද ඕං

ඔහේ said...

සෑම්,
Osteoporosis වලක්වන්න විකිණුවෙ වෙනත් කිරිපිටි වර්ගයක්. නමුත් ස්වභාවික දෛනික කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්නා විදිය අපෙ වෙදැදුරන් පෙන්වා දුන්නා. බටහිර ගැති මානසිකත්වයෙන් ඉපදි නිවට ලෙස සිතන ඔබ සංවාදයේ හරයෙන් පිටපැන දැඟලීම මා හට නම් අරුමයක් නොවේ.
ඇබිලිපිටියෙ පුන්චයියගෙ සුරුට්ටු ගැන සඟරා රූපවාහිනි හරහා වත් ක්‍රීඩා ඉසව් හෝ සිනමාව හරහාවත් වෙළඳ ප්‍රචාරණයක් නොකෙරෙන බව ඔබ අමතක කොට ඇත්තේ ඔබගේ සිතිවිලි නිරූපණය කරන බටහිර ගැති ඔබගේ නිවට කමට එරෙහි වීම සියගෙළ සියතින් සිඳ ගැනීම හා සම නිසාය. ආතාට කිරිදෙනක් ආම්බාන් කල නොහැකි බව කියන්නේ ද එනිසාය.
උසමහත සුදු මිනිසාගේ සෙවනේ හැදී වැඩෙන පුංචි දුඹුරු පාට මිනිහාගේ හීනමානය ඔබගෙන් පැහැදිලි වේ. දිගටම ප්‍රතිචාර දක්වන්න.
ජය ශ්‍රී~

Sam said...

අනේ දෙයියනේ, Osteoporosis ගැන කීවේ ඕහේ නොවේද. සංවාදයේන් පිට පැන්නේ කොහොමද?

ඔය කියන කිරිපිටි ආවේ, ඉන්දියාවෙන් ඕං. අද වෙනකම් මම දැනගෙන හිටියෙ නැහැ. ඉන්දියාවෙ, උස මහත සුදු මිනිස්සු ඉන්නවා කියලා.

කොයී කියලා ක්රීඩා ඉසව් වලට උදව් කොරන්නද, ඇබිලිපිටි සුරුටු විකුනන්නත් තහනම් කොට.

ඕන්, අපි නිවටයී තමයී. මොකැයී අවුරුද්දක් අවුරුද්දක් ගානේ බටහිර රටක් රටක් ගානේ ගිහිල්ලා, අනුකම්පාවට දෙන දෙයක් ඉල්ලගෙන ආවෙ නැත්තම්, අපියී කියල කෙහෙ ඉන්නද. කොහෙමෙයී කියලා නොමිලෙ උපාදි දෙන්නද. අපේ පාර හැදුවේ බටහිර ආදාර වලින්, පොදු ලිදේ බැමි බැන්දෙ බටහිර ආදාර වලින්. මෙකී නොකී හැම දෙයක්ම කොරගන්නේ ඔය හිගා කාගෙන එන තුට්ටු දෙකෙන් තමයී. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනෙනම්, බොරු පුරාජේරු නැතිව තමන් ලබා ගන්නා දේට තමා වියදම් කොරන්න ලෑසිතිවෙලා ඉන්න ඕනේ. එහෙම කොරනකම් අපි ඔක්කොම නිවටයෝ තමයී. එහෙම කොරලා තමයී, ඉන්දියාව, ජපානේ, සිංගප්පූරුව දියුනු වුනේ. අපේ රටේ ඕන්, බටහිරට බැන්න ගමන්, ඕනෙම කෙනෙක් දේශප්රේමියෙක් වෙනවා. බටහිරට බැනෙනේ නැත්තම් නිවටයෙක් වෙනවා. අනේ අනිච්චන්.