....පළමු කොටස
දෙවන කොටස ....
අරවින්ද විසින් කලින් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමට පෙර මා ඔබට ප්‍රශ්ණ කිහිපයක් යොමු කරමින් ඔබගේ පැණයන්ට එතුලින් පිලිතූරු සපයමි.
තවද මාගේ පලමු ලිපියේ දැක්වෙන අන්තවාදීන් ගැන ඔබට කීමට දෙයක් නොමැති වීම පුදුමයට කරුනක් නොවේ. ඒ පිළිබඳව ඔබ කිසිදු වචනයක් නොකියා අදාලත්වයෙන් අඩු නමුත් ඔබ කියවා ඇති පොත්වලින් පිලිතුරු සැපයිය හැකි මාතෘකාවක් ඉස්මතු කිරීම ලැජ්ජාවට කාරනයකි.
සරල මුත් සත්‍යය නම්, සෑම සමලිංගිකයෙකුටම උපත දී ඇත්තේ ස්ත්‍රීයක් හා පුරුෂයෙකු වීමයි. ලිංගිකත්වයේ අරමුණ වර්ගයා බෝකිරීම නොව විනෝදය සඳහා නම්, පුරුෂ ශුක්‍රාණු තුල නව ජීවියෙක් බිහිකිරීමේ සම්පූර්ණ විස්තර සටහනක් අඩංගු වී ඇත්තේ ඇයි? ඒ වෙනුවට ප්‍රෝටීන පමණක් අඩංගු විය යුතුව තිබුනා නොවේද? අද දින සිට ලෝකයේ/ලංකාවේ සියළුම ගැහැණුන් හා පිරිමින් සමලිංගිකයන් බවට පත්වුවහොත් හෙට දින සිට සමලිංගිකයින් හට උපත දෙන්නේ කවුද?
මිනිසාගේ ආයුකාලය දශක කිහිපයක් වන විට මනුෂ්‍ය සංහතියේ වයස වසර මිලියන ගණනකි. ලෝකයේ හරි අඩක් සමලිංගිකයන් වුවහොත් හෙට දින සිට මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගෙනයාමට දායක වනු ඇත්තේ ලෝක ජනගහනයෙන් හරි අඩකි. ඉන් උපදින දරුවන්ගෙන් ද හරි අඩක් ද සමලිංගිකයින් නම්, තව සියවස් කිහිපයකින් ඔබ කියවන පොත් ලියන, බටහිරයන් පවා මිහිමතින් තුරන් වී ගොසින් ය. වෙනත් සතුන් කොටසක් මිහිමත ආධිපත්‍යය දරනු ඇත.
සමලිංගිකයන් වර්ගයා බෝ කිරීමට දායක නොවන බැවින් මිහිමත මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙලවර වේ. එයට විසඳුමක් දීමට ඔබට හැකි ද? එනිසා "In fact, reproduction is NOT the only biological intention of even heterosexuality" වැනි වාක්‍ය ඇදබෑම අසිහියෙන් දෙඩීමකි.
නිරුවත්කොට, කටට ඇපල් ගෙඩියකුයි පස්සපැත්තට කැරට් අලයකුයි ඔබා අතපය හම් පටිවලින් ගැටගසා කසයකින් තලන විට (fetish and/or bondage) ස්වභාවික සංසර්ගයක දී මෙන් කූටප්රාප්තියට පැමිනෙන්නන් බටහිරයේ සිටින නිසා එවැනි දෑ ද ඔබගේ වටිනා න්‍යායයන් මගින් පහදා දිය හැකිය.
කලු සහ සුදූ ලෙස සිතිය හැක. කලු සුදු අතර අළු පාට ද ඇතැයි ද සිතිය හැක. කලුත් නොවේ සුදුත් නොවේ යනුවෙන් ද සිතිය හැක.
ලිංගිකත්වය වෙළඳාම් කිරීම
සමලිංගිකයින් වෙනුවෙන්ම වෙළඳ පොළට ඉදිරිපත් කෙරෙන ඇඳුම්, ආලේපන, ශරීරයේ රෝම
ඉවත් කිරීමේ ක්‍රම, සමාජ ශාලා හා බැඳුනු රාත්‍රී ජීවිතය, කෘතීම ලිංගික අවයව වෙළඳාම
ආදිය.විකෘති මානසිකයන්ට අලෙවි කෙරෙන කෘතිම ස්ත්‍රී ලිංගේන්ද්‍ර, පුරුෂ ලිංගේන්ද්‍ර,
dildo, ස්ත්‍රී බෝනික්කන් ආදියවෛද්ය විද්‍යාවේ දියනුව නිසා මිනිස් ආයුෂකාලය බෙහෙවින් දිගු වී ඇති බටහිරයේ ඉපදුන ජොන්සන් ගේ වයස අවුරුදු 78 කි. අදින් අවුරුදු 78 කට පෙර ජොන්සන් මෙලොව එලිය දැකින විට කොකාකෝලා බීම වෙළඳපොලට විත් අවුරුදු 44 කි. ඔහුට කොකාකෝලා හා බැඳුනු වෙළඳ උපක්‍රම, සමාජ ආකල්ප, සංකල්ප,න්‍යාය ආදි මෙකි නොකී සියලුම දේ ද ඔහු ගේ පරිසරය විය. මන්ද එකල සිටි ගායකයන් නළුවන් ආදිය උපයෝගි කොට සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය වෙළෙන්දෝ ජොන්සන්ගේ කැමැත්ත මිලදී ගෙන ඇත. ඉතින් මේ බටහිරයේ සිටින මහල්ලාට සතිපට්ටානය කියා දෙනවාට වඩා පාට පාට ලොසිංජර විකිනීම තම බඩගෝස්තරය හරි කරගැනීමේ මග ලෙස දුටුවෝ හදන න්‍යාය ගිරවුන් මෙන් දෙසාබන්නන් මා ලිංමැඩියෙකු ලෙස දැකීම පුදුමයක් නොවේ.
නාගරික ජීවිතයේ දී රැලේ නායකයාගේ චරිතය රඟපාන්නේ කවුද? වඩාත්ම වැඩියෙන් වියදම් කරන, වටිනා ඇඳුම් අදින පුද්ගලයින් ය. මෙය තම සමාජ ජීවිතයේ උස්පහත් කම් ලෝකයාට කියා පා තමාට හිමි තැනට හෝ වඩා උසස් තැනකට කරන අරගලයකි. මෙම තත්වය වඩා හොඳින් තේරුම් ගත්තෝ වෙළෙන්දන් ය. මෙයට සමාජය දැක්වූ ප්‍රතිරෝධය නිෂේධනය කිරීම සඳහා තනන ලද අලුත් න්‍යායයක් නම් මෙට්‍රොසෙක්ෂුඅල් වේ. මෙම නවීන පැලැන්තිය කොතරම් වෙළන්දන්ගේ මනදොල පිනවන්නේද යත්, වෙළඳපොල සමීක්ෂකයින්ට අනුව පුරුෂ රූපලාවන්යාය වෙළඳපොල (ඇ.එ.ජ හා යුරෝපීය) 2003 වසරේදී යුරෝ බිලියන 20.3 සිට 2008 වසර වන විට යුරෝ බිලියන 24 ක් දක්වා වර්ධනය ක් අපේක්ෂා කෙරේ.