ජීවත් වෙන්න!

. 2008/03/20

රූපවාහිනීයට ඔබේ ජීවිතය පාලනය කල හැකි බව ඔබ දන්නවාද? ඔබ සිතන පතන ආකාරයේ පවා ඉතා පැහැදිලි වෙනස්කම් ඇති කල හැකි ප්‍රභල ජන මාධ්‍යයක් වන "යකාගේ පෙට්ටිය" (idiot box or the boobtube) විසින් සිදුවන සේවයට වඩා හානිය අති මහත්‍ ය.

අප රටේ රූපවාහිනී මාධ්‍යයෙහි පැහැදිලි වැටීමක්, ගුණාත්මක අගය නැතිවීමක් දක්නට ලැබෙන්නේ ජාතික රූපවාහිනිය හා තරඟ කිරීමට සමත් ගුණාත්මක අගයෙන් යුතු වැඩසටහන් නිෂ්පාදනය කිරීමට ස්වධීන රූපවාහිනීය (ITN Sri Lanka) අසමත් වීමත්, එම අඩුව පිරිමසා ගැනීමට කෝපි කඩය වැනි දේශීය නිෂ්පාදනත්, ප්‍රේක්ෂකයා පාරිභෝගිකයා බවට පරිවර්තනය කිරීම අරමුණු කරගනිමින් නිෂ්පාදනය කරන, ආනයනය කරන ලද වැඩසටහන් විකාශයනය කිරීමට පටන් ගැනීමට පටන් ගැනීමත් සමග වේ. මෙයට ප්‍රති උත්තර ලෙස ජාතික රූපවාහිනිය ගන්නා ක්‍රියා මර්ගය නම්, ස්වධීන රූපවහිනියටත් වඩා හොඳින් එවැනි හරසුන් නිෂ්පාදන විකාෂනය කිරීමට පටන් ගැනීමයි.

අලි මදිවට හරක් කිව්වා සේ...

සිරස!
"මහා භාරතයේ" කුල පීඩනයෙන්, දරිද්‍රතාවයෙන්, සහ සියල්ලටම වඩා නූගත් කමින් (අප රටේ වැඩිහිටියන්ගේ සාක්ෂරතාවය 92.1% වන විට ඉන්දියාවේ වැඩිහිටියන්ගේ එය 61.3% කි, අප රටේ තරුණයන්ගේ 97% ක් වන විට ඉන්දියාවේ තරුණයන්ගේ සාක්ෂරතවය 73.3% ක් බව අමතක නොකරමු. // ප්‍රභවය - http://en.wikipedia.org/wiki/Literacy_in_India, තවද ගවයා දේවත්වයෙන් සලකන එකම රට බවද සිහියේ තබා ගමු) තැලී පොඩිවී හීනමානයෙන්, මානසික පීඩනයෙන් ජීවත් වෙමින් ඊට සහනයක් සොයමින් අනුන්ගේ සිහින තුල ජීවත් වන ප්‍රේක්ෂකයා ලංකා බිමේ ඉපැද්දවීම මූලික අරමුණ (යටි අරමුණ - ශ්‍රී ලංකා ආනයන වෙළඳ පොළ තුල ඉන්දීය නිෂ්පාදනයන් හට ඉඩකඩ තහවුරු කිරීම) කරගනිමින් ශ්‍රී ලංකා ගුවනට මුසුවූ ගුණාත්මක සහ අධ්‍යාපනික රූපවාහිනී කලාවේ මළ බෙර හඬ සිරසයි.

අද දවස වන විට අපට ඉතිරි වී ඇත්තේ මෙසේ විනාශ වී ගිය මාධ්‍ය ව්‍යාපාරයකි.

නෙස්ටමෝල්ට් කෝප්පයක් ලඟ තබාගෙන ප්‍රවෘත්ති කීමට තරම් පහත් තත්වයට ඇද වැටුනේ පෙර දිනයක සර්පයෙකු දෂ්ඨ කළ විට ප්‍රථමාධාර දීම අපට කියාදුන් රූපවාහිනියයි.

ප්‍රේක්ෂකයා හට සිහින ලෝකයක සිට අත දිගු කරන රූපවාහිනී නාලිකාවන් ඇත්ත ජීවිතයේ අභියෝග හමුවේ එම අත් හකුලා ගනී.

වෙළඳ දැන්වීම් හරහා ලාභ උපයන රූපවාහිනි සමාගම් වැඩි ප්‍රෙක්ෂකයන් පිරිසක් රඳවා ගැනීමට හැකි වැඩසටහන් නිර්මාණය/අනුකරනය කිරීමත් එම ප්‍රෙක්ෂකයන් වෙළඳ දැන්වීම් තුලින් පොළඹවමින් ගැනුම් කරුවන් බවට පත් කිරීම්ත් සිදුකරයි. උදාහරණ ලෙස රාත්‍රී ආහාර වෙලාව යනු වැඩිම ප්‍රෙක්ෂකයන් පිරිසක් ඉලක්ක කර ගත හැකි හෝරාවක් වන අතර ඉහත සඳහන් කල නෙස්ටමෝල්ට් කෝප්පය එවැන්නකි.

පසුගිය දශක දෙක තුල, රූපවාහිනිය සහ කුඩා දරුවන්ගේ හැසීරීම පිළිබඳව කර ඇති අධ්‍යයන තුලින් තහවුරු වී ඇත්තේ දරුවන්ගේ පෞරුෂය වර්ධනයට සෘණාත්මක බලපෑමක් රූපවාහිනිය ඇති කරන බවයි.

කාන්තාවන් හිරිහැර සහ හිංසාවේ ගොදුරු බව පෙන්වීම සුලභ මාධ්‍ය උපායක් වන අතර මෙය හේතු කොටගෙන ගැහැණු දරුවන් සමාජය දෙස කලකිරීමෙන් සහ බියෙන් යුතුව බැලීමට පුරුදු විය හැක. සමහර කාටූන් වැඩ සටහන් විසින් හිංසාව විහිළුවට ලක් කර සැහැල්ලු කර පෙන්වීම නිසා හිංසාව සහ වෛරය වැනි සංකල්ප වගා කිරීමට දරුවන් පෙළඹිය හැකිය.

ඇස් ඇර බලන්න, ඔබේ ජීවිතය තුල ඔබේ සිහින වලට ඉඩ තබා ගන්න.

4 comments:

ඔහේ said...

බොහොම ස්තූතියි!

Bo said...

විශිෂ්ඨ ලියැවීමක්.මේ යතාර්තය පසක් කල අය සිටිනවානම් ඒ අත ලොස්සකි,මන්ද ජීවත් වෙන්න සමාජය හා ගැටී හෙම්බත් වෙන මිනිස්සුන්ට රාත්‍රියට ගෙදර ඇවිත් මේ නාලිකා වල විකාශය වන දෑ බෑලීම වින්දනයක්, ඒ අර ඔවුන්ගේ දුක්ක දෝමනස්ස, සන්තාපයන් මදකට හෝ අමතක කරගන්න. මේකට විකල්පයක් යෝජනා කිරීම වටිනවා,රූප පෙට්ටිය නොමැති විට ඇත්තටම ජීවිතය හරි නිදහස්.(අත්දැකීමෙන් දනිමි)
තව ලියන්න ඔබේ අදහස් අගය කරමි

Anonymous said...

නූතන සමාජය තුල අපි රැවටෙන ජාති දෙකක් තිබෙනවා. එකක් දේශපාලකයන්, අනික මාධ්‍යය. අද වන විට මාධ‍යය විසින් අපේ ඔලු ගෙඩි බදු අරගෙන ඉවරයි. matrix චිත්‍රපටය මතක ඇතිනෙ. අපි ජීවත් වන්නෙ සහ ජීවත් වන්නට උත්සහ කරන්නෙ මාධ්‍ය මගින් නිර්මාණය කරන සමාජ සංස්කෘතික වටපිටාව තුල. ඒක හරියට Matrix එකේ සිහින ලෝකය වගේ.

ඔහේ said...

උදාහරණයක් ලෙස, "නිවැරදි ප්‍රතිඵල සඳහා දෙවරක් ආලේප කරන්න" වැනි වදන්.