ඇමරිකන් කුස්සි අම්මා ගේ දායාදය නොහොත් බ්ලොග් මැරතන්!

. 2008/03/28

ඔන්න තවත් අලුත් දෙයක් අප හිස මත කඩා පාත් කිරීමට කවුරුන් ද සූදානම් වී සිටී. බ්ලොගතන් නොහොත් බ්ලොග් මැරතන් යනුවෙන් හඳුන්වන මෙහි අතුරු ප්‍රතිථල අළුත් අවුරුදු නිවාඩුවේ දවස් දෙකක් නාස්ති කිරීමටත් වඩා භයානක විය හැකිය. (පැය විසිහතරක් නිදි වැරීමෙන් ඔබේ ශරීරයයට වන හානියට අමතරව)
ඔබ බොහෝ දෙනෙක් දන්නා නොදන්නා පරිදි පිටරැටියන් (යුරෝපීයයන්, ඇමරිකානුවන් ආදිය) ජීවත් වන්නේ මහල් නිවාස සංකීර්ණ වල "ගාල් කල ෆාම් කුකුලන්" මෙන් වන අතර මොවුන් ගේ නිදහස් කාලය වෙළඳ පොල විසින් 100% ක්ම පාහේ ආක්‍රමණය කර ඇත. ශාරීරික ක්‍රියා කාරකම් වලින් නිරන්තරයෙන් ඈත් වෙමින් පවතින මෙම සමාජ වල උදාසීනත්වය යනු ප්‍රභල සමාජ ගැටලුවකි. රූපවාහිනිය, yahoo chat, play station, sudoku, ipod, යන වැලට එකතු වූ අලුත්ම දෙය blog විය.

සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද? මා විසින් සොයාගන්නා ලද විස්තර අනුව මෙයට මුල් වී ඇත්තේ Catherine Connor නැමති වයස අවුරුදු 50 ක පමණ ඇමරිකානු ගෘහණියකි. (මාගේ උපකල්පනය අනුව මේ කුස්සි අම්මා හට වෙනත් වැදගත් අරමුණක් නැත, ඇය ගේ ස්ථූල භාවය නිසා ඇය ගත කරන සමාජ ජීවිතය අමිහිරි වීමට ද මානසික පීඩා වලින් පෙළෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙය ආරම්භ කර ඇති බව ද පැහැදිලි ය)

ඉතින් මෙහි විහිළුව කුමක් ද? ඇමරිකාවේ සිටින කුස්සී අම්මා කෙනෙකුගේ මානසික ප්‍රශ්ණ වලින් මිදීමට ඇය පටන් ගත් බ්ලොග් මැරතන් ඉසව්ව අද ශ්‍රී ලංකාවේ සිටින ඇල දොළ ගහ කොල සමග ජීවත් වන බ්ලොග් කරුවන්ගේ හිස මතට අහසේ සිට අතහැර දමා ඇත.

මෙහි දුක හිතෙන පැත්ත කුමක්ද? ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල දමන අවිචාරවත් සමාජයක අප ජීවත් වෙන බවය.

15 comments:

Anonymous said...

හ්ම්......

Anonymous said...

සිංහල බ්ලොග්කරණයේ උන්නතිය සඳහාම මෙය හේතු වෙනවා නොවේද?

Anonymous said...

සිංහලෙන් ලියන්න උදව් දෙන්න නේද ලංකාවෙ මැරතන් එක කරන්නෙ? සිංහල භාෂාවෙන් ලිවීම දියුනු වෙනවනෙ ඒකෙන්? මම නං දැක්කෙ එහෙමයි. බ්ලොග් සංගමයේ කට්ටිය රට පුරා උදව් කරනව සිංහල ස්ථාපනයට එහෙම...

Anonymous said...

දන්නෙ නැති දේවල් ගැන ලියන්න ගියාම ඔහොම වෙනවා. හොඳ නැද්ද ලංකාවෙ මිනිස්සු සිංහලෙන් ඉන්ටනෙට් එකේ ලියන එක වැඩි වෙන එක? හොඳ නැද්ද සිංහල තාක්ෂණික උදව් දෙන එක? හොද නැද්ද මැරතන් මාසෙ කෙරෙන වැඩ? මාර අපයෙක් නෙ ඔයා. ඒ එකක් වත් නොකිය මැරතන් එක ගැන බොරු ලියන්නෙ ඊරිසියාවද නැත්නං පිස්සු ද නැත්නං හැටි ද?

මේක දැක්ක ගමන් මම සර්ච් කරල බැලුව මේ සිංහල මැරතන් ගැන. ඒක ලොකු සේවයක්. ටිකක් හොයල බලල ලිව්වොත් හොඳ නැද්ද?

ඔහේ said...

අදහස් දැක්වූ සියලුම දෙනාට මාගේ ස්තූතිය!
සිංහලෙන් ලියනවටවත්, සිංහල ලිවීමේ තාක්ෂණයේ ප්‍රගතියක් ඇති වීමට වත් මගේ විරුද්ධත්වයක් නැත. නමුත් අපි සිංහලෙන් හිතන එක අමතක නොකලොත් හොඳ බව මගේ අදහසයි.
අපේ රටේ බ්ලොග් චාරින් හට සීත කාලයක් වත්, මහල් නිවසක වර්ග මීටර සීමිත ගණනක අවකාශයක් වත්, ගහක් කොලක් දැකීමට නොලැබීමක් වත් වැනි පිටරැටියන් ගේ බ්ලොග් මැරතන් ආරම්භ වීමට හේතු වූ කාරනා බල නොපාන බව ඔබට පැහැදිලි ඇතැයි විශ්වාස කරමි.
එමෙන්ම, රටේ ජනගහනයෙන් 1/3 කට මන්ද පෝෂණය ඇති බව ත්, 1/4 ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් සිහියට නැගෙන විට ප්‍රායෝගික වීම කාලෝචිත බව මගේ අදහසයි.

Dasun Sameera - දසුන් සමීර said...

දෙවරක් හිතන්න යමක් ලියල තියෙනවා.

ඔබගේ ‍බ්ලොග් අඩවිය අදයි දැක්කේ. මගේ බ්ලොග් එකකට ලියල තිබුනු කමෙන්ට් එකක් හරහා.කොහොමද මට මේක ම‍ග හැරුනේ.

Anonymous said...

තමන්ගේ පාඨකයන්ට දෙසැරයක් හිතන්නට යමක් ලියන්නට කලින් ඔබ තුන් සැරයක් වත් අවම වශයෙන් සිතුවා නම් හොදයි කියා මුලින්ම යෝජනා කරනවා.

"සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද?"

ඔබේ ඉහත ප්‍රකාශයට අනුව බ්ලොග් කරණය ගැන ඔබේ අදහස එය නම් ඔබ බ්ලොග් ලිවීමට හේතුව මට පැහැදිලි නැත.

මහල් නිවාසයක ජීවත් වීම නිසා ඔවුන්ගේ චිනතනය සීමා වනවාද? එසේ නම් ගම්බද පලාත්වල අක්කර ගණනින් ඉඩම් සතු මිනිසුන්ගෙ චින්තනය සමහරවිට මාක්ස්, එංගල්ස් පවා ඉක්මවා තිබිය හැකියි. ඔබ කියන විදිහට ලංකාවෙ ඔය ආක්‍රමණය ගැන අදහස් හොයාගන්න ඕනෙ නම් ටිකක් හොයල බලන්න. එක තැනකට මිනිසුන්ගෙ ක්‍රීයාකාරකම් භෞතිකව සීමා වීම නිසා උපන් මෝඩ ජෝක් එකක් බවට බලොග් පත් වුනිද?

නූතන යුගයේ සිය රට තුල ප්‍රකාශන අයිතිය මාධ්‍ය මුදලාලිලා සහ රාජ්‍ය මාධ්‍ය විසින් පාලනය කරද්දි සාමාන්‍ය ජනතාව කල යුත්තේ කුමක්ද?

"මා උපන්නේ එකඟ නොවනු පිණිසය"
එහෙම කිව්වෙ ගෝර්කි.
පවතින සමාජ දේශපාලන ක්‍රමයට එරෙහි වන මිනිසුන් අන්තර්ජාලය හරහා සොයාගත් විසදුම තමයි බ්ලොග් කරණය.

මෙන්නමේ බලොග් අඩවියට යන්න.
http://secretdubai.blogspot.com/

උදාහරණ සහිතව බලා ගන්න.

පිහිය හැදුවෙ මුලින්ම මිනිහෙක් මරන්න වෙන්න පුලුවනි. නමුත් පසු කාලීනව එය ප්‍රයෝජ්‍ය භාණ්ඩයක් බවට පත් කර ගන්නට භාවිත කරන්නා සමත් වෙනවා. එම නිසා Catherine Connor ගේ අරමුණ කුමක් වුවද අද දවසේ බ්ලොග් අවකාශය ඊට වඩා පැතිර ගිය පුලුල් සමාජ අවකාශයක් නියෝජනය කරන බව වටහා ගන්න.

කරුණාකර ඔබගේ උපකල්පන වලට පෙර මදක් සොයා බලන්න.

"අපේ රටේ බ්ලොග් චාරින් හට සීත කාලයක් වත්, මහල් නිවසක වර්ග මීටර සීමිත ගණනක අවකාශයක් වත්, ගහක් කොලක් දැකීමට නොලැබීමක් වත් වැනි පිටරැටියන් ගේ බ්ලොග් මැරතන් ආරම්භ වීමට හේතු වූ කාරනා බල නොපාන බව ඔබට පැහැදිලි ඇතැයි විශ්වාස කරමි.

ඇත්ත! අපිට තියෙන්නෙ වෙනස් හේතු ටිකක්. පාලකයන්ට කඩේ යන්න අපිට බෑ. ඒක නිසා අදහස් හුවමාරුව මගින් යම් කිසි චලිතයකට අද දවසේ ඝනීභූත වූ ලාංකික සමාජය පෙළඹවිය හැකි යයි අප විශ්වාස කරනවා. ඊට අමතරව නොයෙක් හේතු කාරණා නිසා ලාංකිකයන් බ්ලොග් කරණයේ යෙදෙනවා.

"නමුත් අපි සිංහලෙන් හිතන එක අමතක නොකලොත් හොඳ බව මගේ අදහසයි."

කරුණාකර ඔබේ විදිහට සිංහලඑන් හිතන ආකාරය අපට පැහැදිලි නැත. එම නිසා එය පහදා දෙන්න මුලින්ම.

"එමෙන්ම, රටේ ජනගහනයෙන් 1/3 කට මන්ද පෝෂණය ඇති බව ත්, 1/4 ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් සිහියට නැගෙන විට ප්‍රායෝගික වීම කාලෝචිත බව මගේ අදහසයි."

ඒකට මොට වුන චින්තනයට එරෙහි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නොමැති කමත් එවැනි ව්‍යාපාර වලට වැට බඳිමින් තොරතුරු ගලා යාමට ඇති බාධක ඇති බව මතක තබා ගන්න.

ඔහේ said...

නිදහස් අදහස්, ඔබගේ ප්‍රති පිලිතුරට ස්තූතිවන්ත වෙමි.
ලියන්නන් වාලේ ලිවීම සහ වගකීමකින් යුක්තව ලිවීමක් ගැන ඔබ මට ඉඟි කරන බව මගේ විශ්වාසය යි. එවැනිම වූ වගකීමක් ඔබත් පිලිගන්නා බව මම උපකල්පනය කරමි.

නමුත් ඔබ මා උපුටා දක්වා ඇත්තේ "බ්ලොග් කරණයට විරුද්ධ" අයෙකුගේ ස්වරූපයට යි.
වැසිකිලි යාම (සාමාන්‍ය චර්‍යාවකි) හා අතීසාරය අතර ඇති වෙනස මෙන්, බ්ලොග් කරණය හා බ්ලොග් මැරතන් අතර වෙනසක් පවතී. එම වෙනස ඉහත ලිපිය නැවත කියවීම තුලින් ම පසක් කර ගත හැක.

තව දුරටත් "ඔබ කියනා ආකාරයේ මොට වූ චින්තනයක්" ඇති නිසාම රැයක් නිදි වරා ගෙන බ්ලොග් මැරතන් දිවීමත් බ්ලොග් චාරියෙකු ලෙස බ්ලොග් කරණයේ යෙදීමත් අතර වෙනස යමෙකුට අපැහැදිලි විය හැක.

Anonymous said...

ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?

කීපයක් තියෙනවා :-)
1) බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.

2) කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
(awareness) පුලුල් කිරීමට දවසක්.

3) සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

4) මෙතෙක් සිංහලෙන් ලියන්න කැමැත්තෙන් “වැට උඩ” සිටි අයට අත්හදා බැලීම
සඳහාත් අනිවාර්ය පාඨක පිරිසක් ලැබෙන අවස්ථාවක්

5) ඉංගිරිසියෙන් බ්ලොග් ලියූ අයටත් අත්හදා බලමින් විනෝදයෙන් සිංහල බ්ලොග්
එකක් පටන් ගන්න හොඳ වෙලාවක්. ඒ වගේ ම සිංහල ඉංගිරිසි බ්ලොග් ප්‍රජාවන්
අතර අන්තර් ක්‍රියාවක් ඇති වෙන එකත් හොඳයි.

6) අවශ්‍ය අයට පරිගණකයෙන් සිංහල ලිවීම සහ කියවීම සඳහා තාක්ෂණික උදව්
උපකාර ලබා දෙමින් “බෝට්ටුවට නංවා ගැනීමේ” අවස්ථාවක් :-D

Sam said...

Now since real marathons is no more an option in Sri Lanka, as you can see, blog marathon have very good legitimate reason even according to your standards. :)

Anonymous said...

ඔබ බ්ලොග් සහ බ්ලොග් මැරතන් සම්බන්ධව දරන අදහස තර්ක ශූන්‍ය ලෙසයි මා දකින්නේ! කිසියම් දෙයක් විජාතික මනුස්පයෙක් සොයාගත්තායි කියා, එය යහපත් කාරනාවක් සඳහා යොදා ගැනීම ප්‍රසන්ශා කිරිය යුතු කරුනක් මිස, අන්දාකාරයෙන් ගැරහිය යුතු කරුනක් නොවේ.

බ්ලොග් මැරතන් තියා මොන මැරතන් දිව්වත් එය වැරදියි කියා පෙන්වන්නට හැකිවන්නේ, පිලිගත හැකි (විශයට අදාල) කරුනු උදාහරණ සමඟ පෙන්වීමෙන් පමණි.

(මෙය ඔබේ ලිපි වලට බැන වැදීමක් නොව, විචාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමකි.)

ඔහේ said...

හර්ෂදේව, ඔබ මාගේ ලිපිවලට බැනවැදුනද එහි තාර්කිකත්වය සාධාරණනම් මා හට ඉන් ගැටළුවක් නැත. තවද, එහි තාර්කිකත්වය දුර්වල නම් ඉන් හැඟවෙන්නේ ඔබගේ නොහැකියාව බැවින් ඉන්ද මා හට ගැටළුවක් නැත.
හර්ෂදේව, පැසසිය යුතු බව හැබෑව, නමුත් සැඟවී ඇති කෲර යටි අරමුණු මා දුටුබව විශ්වාස කරන බැවින් ඉහත ලිපිය ලීවෙමි. එම අරමුණු කල් යල් බලා හෙළිදරව් කිරීමට ද බලාපොරොත්තු වෙමි. එදිනට ඔබගෙන් පැසසුම් ලැබෙතැයි සිතමි.

Anonymous said...

ඔබ සොයාගත් බ්ලොග් මැරතන්හි 'යටි අරමුණ' හෙලිදරව් කරනතෙක් මා බලා සිටිමි.

Anonymous said...

දිගු කාලයක් බලා සිට "ඔහේ"ට ලියමි.
+ ඔබ සොයාගත් සිංහල බ්ලොග් මැරතන් හී යටි අරමුණ කුමක්ද?
+ සිංහල බ්ලොග් මැරතන් ඉසව්වෙන් පසු සිංහල බ්ලොග්කරණයේ හා බ්ලොග් අවකාශයේ ඇතිවූ වෙනස්කම් දුටුවාද?

කරුණාකර මේ පිළිබඳව ඔබ දකින ආකාරය පිළිබඳව අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මගේ අදහසට අනුව නම්, සිංහල බ්ලොග් මැරතන් හි ප්‍රධාන අරමුණ වූ සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය කිරීම නම් මේ වන 75%කින් පමණ සාර්ථක වී ඇත. ඉතින් 25%ත් නුදුරේදීම සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇත.

ස්තූතියි.

Anonymous said...

brass lyns emerging parlance edublogs absolve shanghai tolerance compromise sure pharmas
lolikneri havaqatsu