භාෂාව ටින්කරින් කල යුතු ද?

. 2008/04/04

<<කවුරුන් හෝ මෙම ලිපියේ ඇති නණලළ විෂමතා උලුප්පා දක්වන්නේ හුදෙක් මඩ පිණිස වේ නම්, එය මා අවසානයටම බලාපොරොත්තුවන බාධකය වේ>>

"නාමල්ගේ ලෝකය" හි පලවූ සටහනක් දිටීමෙන් මෙම වැකි කීපය එක් කිරීමට සිත්වුනි.

මිනිස් ඇසට පෙනෙන වර්ණ පරාසයක් තිබේ, මිනිස් කණට ඇසෙන ශබ්ද පරාසයක් ද තිබේ. ස්වර සංකලනයන්ගෙන් පොහොසත් සිංහල වැනි භාෂාවක වචනයක් ඉංගිරිසි වැනි ස්වරසංකලනයන්ගෙන් දුප්පත් භාෂාවකින් ලිවීම අපහසුය. ස්වරයක් ඒ ආකාරයෙන්ම ලේඛණ ගත කිරීමේ අති සියුම් තාක්ෂණිකත්වයක් සිංහලයේ ඇත.

ඉංගිරිසිය නම්‍යශීලි යැයි යමෙකු තර්ක කල හැකිය. ඕනෑම භාෂාවක් නම්‍යශීලි වන්නේ ඊටම ආවෙනික වූ ආකාරයකට ය. සුද්දාගේ භාෂාව මෙසේ යැයි කියා අප අපේ භාෂාව "ටින්කරින්" කරන්න ගියහොත් සිදු වන්නේ අර කාටදෝ වුනා යැයි කිවු දේට සමාන දෙයකි.

චීනා ට "ර" යන්න හරහට ඇත. සුද්දාට ඇලපිල්ල හරහට ඇත. අපිට කිසිවක් හරහට නැත. දිව හරවා ඕනෑම ශබ්දයක් උච්චාරණය කිරීමේ භාග්‍යය ලාංකීය දූ පුතුන්ට ලැබී ඇත. වැස්ස හිඟ කලට කුඹුරු කරන්නේ වැව් දියෙනි. සිංහල සාහිත්‍යයට වැස්ස හිඟ මෙවැනි යුග වල අහස සරණ ගිජුලිහිනියන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුය.

3 comments:

Sam said...

First of all my apologize writing in English, I don’t had time to play with Unicode thing yet.

This is a very deep subject – and I don’t think I can explain properly in few lines.

Human communication does not depend on vowels or sounds. We communicate using metaphors. We use letters to create sounds and sound to create words and words to create metaphors. Metaphors trigger brain circuits which we have developed in early age according to our environment. Duty of a language is, trigger those brain circuits effectively, and using sounds, colors and symbols - but not for mimic sounds like parrots.

As an example, title of your blog, is a good Sinhala metaphor only Sinhalese can understand. You don’t find that metaphor in English language. It communicates effectively and delivers the message fast. It is not letters, it is not sounds, it is not words, and it a pure metaphor. You even don’t even use letters or words – you use an image. But still you are communicating in Sinhala.

When we are in grave danger, we may say “Budu Ammo!”, That is a metaphor and that trigger a circuit in our brain, related to a child cry for her mother. It is more effective communication than crying ‘HTLP!’.

I think professional Sinhala communication is dead. Martin Wickramasinghe is excellent Sinhala writer – not because he use good grammar, or he is good in අක්ෂර වින්යාසය - but he use most excellent Sinhala metaphors you can find ever. I don’t see any writers communicate any more using that kind of Sinhala metaphors any more. Not because they don’t want to, because they can’t find Sinhala metaphors any more, or not Sinhala enough to create new. So we borrow from English. And use something hideous like මඩ, ටින්කරින් or ගිජුලිහිනි යා. That is communicating in English using Sinhala words. Have you ever seen in your life Vulcher’s flying in circles in the sky, other than in an English movie or English something?

If you talk to any Irish, they will say something totally Irish and unique, using English words. අක්ෂර වින්යාසය or grammar don’t matter a good language.

නාමල් උඩලමත්ත said...

මෙවැනි කාලීන වැදගත්කමක් ඇති විෂය ක්‍ෂේත්‍ර වෙත ඔබ දෙපළ දක්වන උනන්දුව සහ අවබෝධය අගේ කොට සලකමි. එහෙත් සෑම් කියන ආකාරයට උපමා රෑපක මත පමණක් භාෂාව නොරඳන බව ද සැබවින් ම භාෂාවේ පදනම ව්‍යාකරණය බවත් නොකියා බැරි ය. ව්‍යාකරණය යනු භාෂාව මතට බලෙන් පැටවූ සුරුවමක් නොවේ. එහි ආරම්භයේ සිට වඩා හොදින් සන්නිවේදන කටයුතු කිරීම පිණිස පොදු සම්මුතියෙන් බිහි කර ගත් රීති මාලාවකි. එමෙන් ම ව්‍යාකරණය යනු 'මම' කියා වාක්‍යය ඇරඹූ විට 'මි' යන්නෙන් අවසන් විය යුතුය රීති මාලාව පමණක් ද නොවේ. මා මෙහි ලියන දෙය ඔබට අවබෝධ කර ගැනීමට උපකාරි වන දැනුමේ පදනම ව්‍යාකරණයයි.

සෑම භාෂාවක් ම භාවිත වන්නේ ව්‍යාකරණයකට අනුව ය. ඒවා එකිනෙකට අනන්‍යය වේ . ව්‍යාකරණයකින් තොරව භාෂාවක පැවැත්මක් නොමැත. ඒ සාමුහික දැනුම අප වෙතින් ගිළිහී ගිය දින එම භාෂාව මිය ගිය දින වේ. ඉන් මතු එමගින් සන්නිවේදනය කළ නොහැක. වාක්‍යාංශ උපමා රෑපක රෑඪි ආදී සියල්ල භාෂාවේ

යෙදෙන්නේ ව්‍යාකරණ රීතියට අනුව ය. වෙනත් අයුරකින් පැහැදිළි කළහොත් භාෂාවේ ඇට සැකිල්ල ව්‍යාකරණයයි. වාක්‍යාංශ, උපමා, රූපක, රූඪි ආදී සියල්ල ඒ සැකිල්ල වසා ඇති මසයි.

එමෙන් ම අප අද නොදකින සියල්ල බටහිරින් ණයට ගත් දේ ලෙස ගැනීම ඉමහත් ඛේදයකි. අප 1505න් පසු ඔවුන්ගේ බලපෑමට නතුවූ බව නොරහසකි. එහෙත් ඒ වන විට අපේ භාෂාව බෙහෙවින් පෝෂිත ය. ඔබ පවසන පරිදි ගිජුලිහිණියා යනු vulture යන්නට තනා ගත් පර්යාය පදය නොවේ. ගිජුලිහිණියා අපේ සම්භාව්‍යය සාහිත්‍යයේ සඳහන් සත්ත්වයෙකි. 'ගිජුලිහිණි රජ' යනුවෙන් අනාගත වංශයේ ද 'ගිජුලිහිණි'යනුවෙන් ජාතක අටුවා ගැටපදයේ ද සඳහන් වන බව සුමංගල ශබ්දකෝෂයේ සඳහන් වේ.මේ සත්ත්වයාට අවුරුදු 1000ක් ආයුෂ ඇතැයි තව දුරටත් සඳහන් වේ.

සෑම් පවසන භාෂාවේ සංකල්ප අප අතර වියැකි යමින් ඇත්නම් කළ යුත්තේ ඒවා නැවත සොයා යාම මිස වැල යන අතට මැස්ස ගැහීම නොවේ.

"රීති නීති නැති භාෂාව වැද්දන්ට මුත් හැදුණු මිනිසුනට නොසෑහෙයි. සිරිත් විරිත් මෙන් මැ භාෂාව ද ශිෂ්ට වැ පැවැත්වියැ යුත්තේ යැ.' (කුමාරතුංග මුනිදාස)

රීති නැති භාෂාවෙන් වැද්දෙකුටවත් පලක් නැත. එය යුද්දෙට නැති කඩුව මෙනි. ඉන් සන්නිවේදනය කළ නොහැකි ය. (භාෂාවේ එකම කාර්ය සන්නිවේදනය බව මින් නොකියවේ.) එහෙයින් කළ යුත්තේ භාෂාව නිවැරදිව ඉගැනීමයි.

ඔබ දෙදෙනාගේ ම නිදහස් අදහස් අගේ කොට සලකන බැව් පවසමින් මේ කුඩා සටහනට කුණ්ඩලිය තබමි.

ඔහේ said...

අදහස් දැක්වූ ඔබ දෙදෙනාටම මගේ ප්‍රණාමය හිමි වේ.