ඉහත වචනයන්ගේ අරුත් පිළිබඳ කාලීන විග්රහයක්.......
කඩේ යන්නන්/කඩේ කොලුවන්
තමා කරන කාරය්ය ගැන වැඩි වටැහීමක් නැත. බරක් පතලක් නොදැනේ. තමාට වඩා බලවන්තයෙක් ඉදිරියේ එකත්පස්ව සිටිමින් විමසුම් බුද්ධිය නොමෙහයවා කටයුතු කරති. ආත්මාභිමානය හීනයන් ය. ස්වාමි ලැදි මොවුන්ගේ සිතුම් පැතුම් පාලනය කිරීම තුලින් මොවුන්ව තම ප්රයෝජනයට ගත හැක. බුදිධි හීනයන් නොවේ. පෞරුෂය හීනයන් ය.
බත්බැලයන්
තම බඩගෝස්තරය හරි කරගැනීම පිණිස ආත්මාභිමානය පාවා දෙන්නන් ය. කඩේයන්නන් හට වඩා බුද්ධිය මෝරා ඇති මුත් පහසුවෙන් බුද්ධිශෝධනයකට ලක් කල හැක්කන් ය. බොහෝ විට පොතේ උගතුන් ය.
පහත ලක්ෂණ සැලකිල්ලට ගත් යමෙක් හට මොවුන් තම පාලනයට නතු කරගැනීම ඉතා පහසුය.
- දෙබිඩි චරිත සහිත වීම (විශේෂ ලක්ෂණයක් වේ)
- දෙලොවක ජීවත් වන්නන් වීම
- 'අක්රීය යෝජනාකිරීම' තුලින් මනස මෙහෙවිය හැකිබැවින් රූකඩයක් මෙන් පාලනය කිරීමට ඇති හැකියාව
- අභියෝගාත්මක පෞරුෂයක් නොමැති වීම
- ආත්මාභිමානය ගැන ඇති නොවැටහීම
මොවුන් ගේ ඇති විශේෂ ලක්ෂණයක් වන දෙබිඩි චරිත සහිත වීම ප්රයෝජනයට ගනිමින් මොවුන්ව සමාජය තුලට පහසුවෙන් කාවැද්දිය හැකි වීමත් එතුලින් තම යටි අරමුණු ඉටුකරගැනීම සඳහා ප්රයෝජනයට ගත හැකි වීමත් විශේෂ ය.
වේසාවන්
තමා කරන කාර්ය්ය ගැන මනා අවබොධයකින් යුතුව ද, තම පෞද්ගලික වාසිය පිණිස ඕනෑම තුච්ඡ කටයුත්තක් ඉටු කිරීමට ද නොපසුබට වන යමෙක් ඇත් ද, මොවුන් ය. ආත්මාභිමානයෙන් තොරය, දෙබිඩි චරිත සහිත වන්නන් නමුත් බත්බැලයන් හට වඩා ඒ පිළිබඳ ව සවිඥාණික ය.